බැදදේගම කෘතිය ඇසුරින් සමාජ විද්‍යාත්මක විග්‍රහය


01.                  නවකතා ආරම්භය හා විකාශනය

 

                  I.            සිංහල නවකතාව බිහි වූ ඓතිහාසික පසුබිම සහ පළමු අවධියේ එහි විකාශනය

=========================================================================

අපරදිග සාහිත්‍ය සුවිශේෂ අංගයක්‌ වූ නවකතා කලාව කල්යත්ම පෙරදිග සාහිත්‍ය ද සුවිශේෂ අංගයක්‌ බවට පත් විය. ඉංග්‍රිසි, ප්‍රංශ, රුසියන් හා ඇමෙරිකා වැනි සාහිතයන්හි නව මානයන් ඔස්‌සේ නිම් වළලු පුළුල් වෙමින් වර්ධනය වූ මෙකී සාහිත්‍ය කලාංගය යුරෝපාවතරණයෙන් අනතුරුව බටහිර ආභාසයෙන් මෙරට ප්‍රභවය ලැබූ බව ප්‍රධාන ධාරාවේ මතය යි. එහෙත් ඊට ප්‍රතිවිරුද්ධ මතයක්‌ ද පවතී. එනම් සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෙරෙන් ම පෝෂණය ලබා සිංහල නවකතාවේ උපත සිදුවුණු බව ය. මෙයින් එකම එක හේතුවක්‌ පමණක්‌ සිංහල නවකතාවේ ප්‍රගමනයට හේතු වූවායි කිව නොහැකි ය. සිංහල නවකතාවේ ප්‍රභවයට යථෝක්‌ත මත දෙක ම අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇතැ යි පිළිගැනීම සාධාරණ ය.

'නූතන සිංහල නවකතාව, බටහිර සාහිත්‍යයෙන් අප සාහිත්‍යයට ඇතුළු වූ අලුත් සාහිත්‍යංගයක්‌ යෑයි ඇතැම් නූතන සිංහල සාහිත්‍ය විචාරකයෝ ප්‍රකාශ කරති. මීට හාත්පසින් ම වෙනස්‌ අදහසක්‌ දරන තවත් පිරිසක්‌, එය සාහිත්‍ය සම්ප්‍රදායට ම ආවේණික වූ ගද්‍ය සාහිත්‍ය කෘතිවල ක්‍රමානුකූල විකාශනයේ ප්‍රතිඵලයක්‌ යෑයි පවසති. මේ ප්‍රකාශයන් දෙක ම එක සේ සාවද්‍ය නමුත් ඒ දෙකෙහි ම කිසියම් අර්ධ සත්‍යයක්‌ ගැබ් වී ඇති බව ද බුද්ධිමත් පාඨකයාට පෙනී යනු ඇත. ඇත්ත වශයෙන් සිංහල නවකතාව බිහි වූයේ පැරණි සිංහල ගද්‍ය සමප්‍රදායන් බටහිර නවකතාවල ආකෘතිය හා වස්‌තු විෂයත් සංකලනය වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් යෑ යි කීම යුක්‌ති යුක්‌ත ය.

ආචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය ( සිංහල නවකතාවේ විකාශනය)

මැදහත් සිතින් සිංහල නවකතා කලාවේ ඉතිහාසය විමර්ශනය කරන කෙනෙකුට ආචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය මහතා දක්‌වා තිබෙන අදහස සමඟ එකඟ විය හැක්‌කේ ලාංකික නවකතාව බටහිර ආභාසයෙන් ප්‍රභවය ලැබූවක්‌ ය යන්න හෝ දේශීය චිරන්තන සාහිත්‍යයෙන් පෝෂණය ලබා එයින්ම උපන් කලා මාධ්‍යයක්‌ යන්න හෝ පරම අනුත්තර මතය ලෙස එකිනෙකක්‌ විතැන් කොට ගත නොහැකි නිසා ය.

මෙරට යටත් විජිත සමයේ දී පෘතුගීසීන් ගේ හා ලන්දේසීන් ගේ බලපෑම 16 වන ශතවර්ෂයේ සිට 19 වන ශතවර්ෂයෙහි ඉංග්‍රිසීන් ගේ පැමිණීම දක්‌වා අනෙකුත් සමාජ ක්‌ෂේත්‍රයන්හි පැහැදිලි ව දක්‌නට ඇති නමුදු සාහිත්‍ය ක්‌ෂේත්‍රයේ නම් දක්‌නට නොලැබේ. එතෙක්‌ චිරන්තන සිංහල සාහිත්‍ය ප්‍රතිපෝෂණය වීම කෙරෙහි යම්තාක්‌ දුරට බලපෑවේ ඉන්දීය සංස්‌කෘත හා ද්‍රවිඩ සාහිත්‍ය යි. එහෙත් 19 වන සියවසෙහි ඉංග්‍රිසීන් ගේ පැමිණීමත්, දිගු කලක්‌ ඉංග්‍රිසි අධිරාජ්යවාදීන්ට මෙරට යටත් විජිත යුගයක්‌ ව පැවැතීමත් හේතු කොට ගෙන ඉංග්‍රිසි භාෂාවේ මාර්ගයෙන් අපරදිග සාහිත්‍යාංගයන්හි නොමඳ ආභාසය සිංහල සාහිත්‍යයට ලැබුණ බව පැහැදිලි කරුණකි. සිංහල සාහිත්‍ය නවීන ස්‌වරූපයකින් හැඩ ගැසෙන්නටත්, නා නා විධ අංගයන්ගෙන් සමුපලක්‌ෂිත වන්නටත් එහි බලපෑම ඉවහල් වන්නට ඇත.

"අපරදිග සාහිත්‍යයන් හා ගැටීම් හේතු කොට ගෙන සිංහල සාහිත්‍යයේ නියම විකාශනයක්‌ සිදු වූයේ 19 වන සියවසෙහි ඉංග්‍රිසීන් ගේ පැමිණීමෙන් පසු ව යෑ යි කිව හැකි ය."

(එදිරිවීර සරච්චන්ද්‍රයන් ( සිංහල  නවකතා ඉතිහාසය හා විචාරය)

සිංහල නවකතා සාහිත්‍ය පෝෂණය වීමෙහි ලා අපරදිග සාහිත්‍ය බලපෑ බව පැහැදිලි සත්‍යයක්‌ වන නමුදු එය සිංහල නවකතාවේ ප්‍රසූතිය සිදු කළ එක ම තිඹිරිගෙය නොවන බව ද පිළිගත යුත්තකි. එහි නියම විකාශනයක්‌ සිදු වූයේ 19 වන සියවසේ ඉංග්‍රිසීන් ගේ පැමිණීමෙන් පසු ව යෑයි කීම යුක්‌ති යුක්‌ත ය.

සිංහල නවකතාවේ උපත බටහිර ආභාසයෙන් සිදු වූ බව කියන උගතුන් අතර ඉදිරියෙන් ම සිටින කෙනකු ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර මහතා ගේ ප්‍රකාශන තුළින් පවා පෙනෙන්නේ බටහිර සාහිත්‍යයට පෙර සිංහල සාහිත්‍ය, පෙරදිග සංස්‌කෘත සාහිත්‍යයෙන් පෝෂණය ලැබූ බව යි.

"වර්තමාන සිංහල සාහිත්‍යයේ පෝෂණයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ අපරදිග සාහිත්‍ය බව ඉදුරා පෙනෙන කරුණකි. සංස්‌කෘත සාහිත්‍යයෙන් හැකිතාක්‌ සාරය උකහා ගෙන, පසු අවධිවල  පිපාසාවෙන් මෙන් මලානික ව ගිය සිංහල සාහිත්‍යයට බටහිර සාහිත්‍යයෙන් ලැබුණේ විවිධ රසයෙන් යුත් ප්‍රණීත ආහාරයකි."

(එදිරිවීර සරච්චන්ද්‍ර ( සිංහල නවකතා ඉතිහාසය හා විචාරය)

මාර්ටින් වික්රමසිංහ වැනි වියතුන් දරන්නේ සරච්චන්ද්‍ර මහතා ගේ අදහසට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ අදහසකි. සිංහල කතා කලාව දේශීය බණ කතා සාහිත්‍යයේ කාර්මික විකාශනයක ඵලයක්‌ බව වික්‍රමසිංහ මහතා ගේ අදහස යි. අනෙක්‌ අතට අනුරාධපුර යුගයේ සිට ම ක්‍රමයෙන් විකාශනය වූ ඉතා විශිෂ්ට පැරැණි සිංහල ගද්‍ය සාහිත්‍යයක්‌ අපට තිබිය දී නවකතාවක සලකුණු වැටීමට ඉංග්‍රිසීන් ගේ සපැමිණීම සිදුවන 19 වන සියවස දක්‌වා ම ප්‍රමාද වූයේ ඇයි ද යන්නත් කෙනකුට සිතිය හැකි ය. පේරාදෙණිය විශ්වවිද්යාලයයේ සිංහලාංශයේ මහාචාර්ය ආරිය රාජකරුණා 1972 දී ලියා පළ කළ 'සිංහල නවකතාවේ ආරම්භය' නමැති කෘතියේ දී පෙන්වා දෙන්නේ සිංහල නවකතාවේ උපත සිදු වීම පැහැදිලි ලෙස ම ඉංග්‍රිසි නවකතාවේ බලපෑම මත සිදු වූ බව යි.

"දහනව වන ශත වර්ෂයේ මධ්‍යම භාගය වන විට ඉංග්‍රිසි නවකතා රාශියක්‌ පළ වී ඉංග්‍රිසි නවකතාව දියුණු තත්ත්වයකට පත් වී තිබිණි. මෙබඳු අවධියක පහළ වූ අයිසෙක්‌ ද සිල්වාට ඉංග්‍රිසි නවකතාව පිළිබඳ තරමක හෝ අවබෝධයක්‌ නොතිබූ බවක්‌ කිව නොහැකි ය. තමා ජිවත් වූ සමාජයෙහි වාසය කළ මිනිසුන් ගේ ජීවිත වටා ගෙතුණු ස්‌වාධීන කතාන්තර දෙකක්‌ රචනා කිරීමේ අදහස ඔහු තුළ පහළ වන්නට ඇත්තේ ඉංග්‍රිසි නවකතාවේ බලපෑම් හේතු කොට ගෙන යෑ යි සිතිය හැකි ය."

ආරිය රාජකරුණා ( සිංහල නවකතාවේ ආරම්භය)

එබඳු අදහසක්‌ පවා අප පිළිගත යුත්තේ මැදිහත් සිතින් යුතු ව ය. මන්ද නවකතාවේ බිළිඳු අවධිය විමසා බලන ඕනෑ ම කෙනකුට පෙනී යන කරුණ වන්නේ ඒ වන විට දියුණු ව පැවැති ඉංග්‍රිසි නවකතාවේ ලක්‌ෂණ සිංහල නවකතාවේ ළදරු අවධියෙන් හඳුනාගත නොහැකි බව යි. ඉංග්‍රිසි නවකතා බිහි වන්නේ 17 වන ශත වර්ෂයේ අවසාන කාලයේ බැවින්, සිංහල නවකතාවේ ආරම්භය සලකුණු වන 19 වන ශත වර්ෂය වන විට ඉංග්‍රිසි නවකතාව ප්‍රමාණවත් පරිදි දියුණුවට පත්ව තිබිණි. එහි ආභාසය ඉඳුරාම සිංහල නවකතාවට ලැබුණේ නම් ඉංග්‍රිසි නවකතාවේ ලක්‌ෂණ මුල්කාලීන සිංහල නවකතාකරුවන් ගේ ලේඛනවලින් හඳුනා ගැනීමට අසීරු නො වේ. එහෙත් ඉංග්‍රිසි නවකතාව හා සිංහල නවකතාවේ මුල් ස්‌වරූපය ආකෘතික අතින් බැලුවත්, නවකතා ලක්‌ෂණ හෝ කතා සන්දර්භය අතින් බැලූවත් එකිනෙකට සමපාත වන අවස්‌ථා දක්‌නට නොලැබේ. පරමාර්ථය අතින් බැලුව ද ඉංග්‍රිසි නවකතාවට වඩා සිංහල නවකතාව බිහිවන පසුබිම ඉඳුරාම වෙනස්‌ ය.

"ඇත්ත වශයෙන් ම නවකතාවේ ප්‍රභවයට හේතු වූයේත් සමාජයේ නානාප්‍රකාරයේ ජීවත් වන්නවුන් ගේ ජීවිත විචාරයට භාජනය කිරීම අවශ්‍ය වීම නිසා යෑ යි කිව හැකි ය."

(මහාචාර්ය සිරි ගුණසිංහ ( චිරන්තන සම්ප්‍රදාය හා ප්‍රගතිය)

"නවීන කතාකාරයා බාහිර ලෝකයේ සිදුවීම්වලට වඩා මිනිසුන් ගේ චිත්තාඅභයන්තරය විස්‌තර කිරීමට තැත් කරයි. දිග ගද්‍ය කතාව, නවකතාව යන නමින් හැඳින්වීම ආරම්භ වූයේ ජීවිතය විස්‌තර වන ලෙස දිග කතා ලිවීම ආරම්භ වූ පසු ව ය."

(ජේ. බී. සේනානායක නවකතා කලාව)

සාහිත්යාංගයක්‌ ලෙස නවකතාව බිහිවන පදනම එලෙස මනුෂ්‍ය ජීවිතය විවරණය කිරීම පරමාර්ථය කර ගත් එක්‌ විකල්ප මාධ්‍යයක්‌ වුව ද සිංහල නවකතාවේ මූල බීජය පහළ වන්නේ යට කී අරමුණෙන් නො ව සමාජ, ආර්ථික, දේශපාලන, ක්‍රියාවලියේ ම ප්‍රතිඵලයක්‌ ලෙස ය. ඒ පිළිබඳ විමසා බැලීම වටී.


              II.            සිංහල නවකතාවේ ආරම්භයට බලපෑ ඓතිහාසික පසුබිම

දීර්ඝකාලීන යටත් විජිත සමයක ප්‍රතිඵලයක්‌ ලෙස සමාජ, ආර්ථික, දේශපාලන, ආගමික ආදී සෑම ක්‌ෂේත්‍රයක්‌ ම පැහැදිලි විපර්යාසයන්ට බඳුන් වූ අතර ම, එහි ම ප්‍රතිඵලයක්‌ ලෙස නාගරික මැද පන්තියක්‌ ද බිහි විය. ඒ සමඟ ධනේශ්වර අර්ථ ක්‍රමයක්‌ ද, මුදල පදනම් කරගත් වෙළෙඳ පොළක්‌ ද බිහි වූ අතර, වතු වගාවේ දියුණුවත් සමඟ මං මාවත් සංවර්ධනය වීම ද, ඒ ආශ්‍රිත නගර දියුණු වීම ද සිදු විය. භාණ්‌ඩ ප්‍රවාහනකරුවන් මෙන් ම අතරමැදි කොන්ත්රාත්කරුවන්, කම්කරු, ලිපිකරු ආදී පහළ සමාජ ස්‌තරයක්‌ ද, ධනේශ්වර ප්‍රභූ සමාජ පැලැන්තියක්‌ මෙන් ම නාගරික මැද පන්තියක්‌ ද බිහි විය. ඉංග්‍රිසි යටත් විජිත පාලන සමයේ ප්‍රතිඵලයක්‌ ලෙස, ඉංග්‍රිසි භාෂාව මැනැවින් හදාරා, එය දෛනික ජීවිතයේ දී පවා භාවිත කරන පිරිසක්‌ ඇති වූ හ. 1833 පමණ සිට කෝල්බෲක්‌ කොමිසමේ නිර්දේශවලට අනුව මෙරට ඉංග්‍රිසි පාලනයට ස්‌වදේශිකයන් පුහුණු කිරීම සඳහා ඉංග්‍රිසි භාෂාව අධ්‍යාපන මාධ්‍ය බවට පත්කිරීම ද එවකට රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු විය. ඉංග්‍රිසි භාෂාව අධ්‍යාපන මාධ්‍ය බවට පත් කිරීමෙන් පසු මිෂනාරි අධ්‍යාපනය රට පුරා ව්‍යාප්ත කිරීමට මිෂනාරීහු උසස්‌ තත්ත්වයේ ඉංග්‍රිසි පාසල් ගණනාවක්‌ ම දිවයිනේ නගර ආශ්‍රිත ව ආරම්භ කළහ. මිෂනාරි සංවිධාන ඉතා උනන්දුවෙන් මේ කාර්යයෙහි නියෑළුණු අතර, 19 වන සියවසේ මුල් අවධියේ සිට මෙරට අධ්‍යාපනය භාරව ක්‍රියා කළ එබඳු මිෂනාරි සංවිධාන ගණනාවක්‌ විය. ඇමෙරිකානු මිෂනාරි සමාගම, මෙතෝදිස්‌ත සභාව, බැප්ටිස්‌ට්‌ සංගමය, චර්ච් මිෂනාරි සමාගම, ලන්ඩන් මිෂනාරි සමාගම ඉන් ප්‍රධානත්වය දැරූ සංවිධාන කීපයක්‌ පමණි.

ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගොස්‌ ආගමික මුහුණුවරින් මිෂනාරි අධ්‍යාපන කටයුතු ද, අධ්‍යාපන මුහුණුවරින් ආගමික කටයුතු ද, මෙහෙය වීමට මේ සංවිධානවලට බලය ලැබිණි. ඒ අනුව ඔවුන් විවිධ උපාය මාර්ගික ක්‍රම අනුගමනය කරමින් අධ්‍යාපනය ඔස්‌සේ ක්‍රිස්තු ධර්මය පතුරුවා හැරීමට කටයුතු කළහ. සිංහල, දෙමළ වැනි ස්‌වදේශීය භාෂා උගත් මිෂනාරිවරු ග්‍රාමීය පාසල්වල දේශීය භාෂාවන් ගෙනුත්, නාගරික පාසල්වල ඉංග්‍රිසි භාෂාවෙනුත් අධ්‍යාපන කටයුතු මෙහෙය වූහ. ශුද්ධ වූ බයිබලය ඇතුළු ක්‍රිස්‌තු ධර්මයට අදාළ පොත්පත් සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කොට රට පුරා බෙදා හැරීමට කටයුතු කළ අතර, මිෂනාරි අධ්‍යාපනය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ද නොඅඩුව ම ලැබිණි. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් රජයේ පාලන භාෂාව වූ ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලත් සිංහල, දෙමළ ප්‍රභූ පැලැන්තිය තම පාරම්පරික ආගම සහ නම් පවා අත්හැර ක්‍රිස්‌තියානිය වැලැඳ ගෙන රජයේ උසස්‌ තනතුරු ලබා ගත්හ. කතෝලිකයන් සඳහා බදු සහන ලබාදීම, කුල භේදය නො සලකා හැරීම, රජයේ උසස්‌ තනතුරු ප්‍රදානය කිරීම, මෙන් ම සමාජ රටාවේ ඉහළ තත්ත්වයක්‌ ආරෝපණය කිරීම වැනි ආකර්ෂණීය පියවර රාශියක්‌ ද අනුගමනය කළහ. ක්‍රිස්තු ධර්මය වැලැඳ ගැනීම මධ්‍යම පන්තියට ප්‍රවිශ්ඨ වීමේ ප්‍රධාන සාධකයක්‌ වශයෙන් සැලැකුණු අතර, පල්ලි යැම සමාජ ගෞරවයක්‌ ලබාදෙන කාර්යයක්‌ වශයෙන් ද සලකන ලදී. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ බටහිර ජාතීන් තුනකට මෙරට යටත් විජිතයක්‌ ව පැවැතීම හේතු කොට ගෙන යුරෝපීයයන් සමඟ පෙරදිග රටවලට පැමිණි මිෂනාරි පූජකවරු පෙරදිග වැසියන් අන්ධකාරයෙන් බේරා ගැනීම තමන් වෙත පැවැරූ දේවකාරියක්‌ ලෙස සලකා වැඩ කළහ. පෘතුගීසීන් යටතේ කතෝලික පූජකයෝ ද ලන්දේසීන් යටතේ කැල්වින්වාදී පූජකයෝ ද ඉංග්‍රිසීන් යටතේ ඇන්ග්ලිකන් ප්‍රමුඛ විවිධ කතෝලික, ක්‍රිස්‌තියානි නිකායික පූජකයෝ ද මෙරට වැසියන් විවිධ උපක්‍රම මඟින් ඔවුන් ගේ ආගම්වලට සහ සංස්‌කෘතියට නැඹුරු කර ගත්තේ අරකී අන්ධකාරයෙන් මුදා ගන්නා අදහසිනි.

මිෂනාරි ඉංග්‍රිසි පාසල් ප්‍රධානීහු බෞද්ධ, හින්දු, ආගම් අදහන ජනතාව ප්‍රතිමා වඳින මිත්‍යා දෘෂ්ටිකයන් ලෙස හඳුන්වා ඔවුන් ගේ ආගමික පුද සිරිත්, ප්‍රාථමික මිනිසුන් අනුගමනය කරන ග්‍රෝතික වැඩ බව අධ්‍යාපන ලබාදීමෙන් ම ලිපි ලේඛන මඟින් ද පතුරුවා හැරිය හ. මේ හේතුවෙන් බෞද්ධ හින්දු ආගම් ඇදැහූ බැතිමතුන්ට තම ආගමික සංස්‌කෘතික ජීවිතය පිළිබඳ දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ අතර ම, ඔවුන් ගේ පාරම්පරික සමාජ ක්‍රමයෙහි වෙනස්‌කම් රාශියක්‌ ඇති කර ගැනීමට ද සිදු විය.

මිෂනාරි ඉගැන්වීම්වල ප්‍රතිඵලයක්‌ වශයෙන් 19 වන සියවස වන විට විශේෂයෙන් ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ක්‍රිස්‌තියානි ආගම වැලැඳගත් ජනතාවක්‌ බිහි විය. එමෙන් ම මෙකල පැවැති සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඉංග්‍රිසි කතා කරන, ඉංග්‍රිසි සංස්‌කෘතියට ගරු කරන, ධනපති සමාජ පන්තියක්‌ බිහි වූවා මෙන් ම, ඉංග්‍රිසි අධ්‍යාපනය ලබමින් ඉංග්‍රිසි පොත පත පරිශීලනය කරමින් ශාස්‌ත්‍රිය නැඹුරුවක්‌ ඇති නාගරික මැද පන්තියක්‌ ද බිහි විය. ඔවුහු භාෂා ශාස්‌ත්‍රදිය ප්‍රගුණ කරමින් කලාව සාහිත්‍යයට ඇලුම් කරමින්, එය පවත්වා ගෙන යැමට උනන්දු වූ පිරිසක්‌ වූහ. සාහිත්‍යකරුවන්, ලේඛකයන්, කලාකරුවන්, බොහෝ සෙයින් බිහි වූයේ මේ නාගරික මැද පන්තියෙනි.

මේ වන විට මිෂනාරීන් ගේ අධ්‍යාපන ක්‍රියාවලියට මුහුණ දෙමින් ඊට සමගාමී ව ඉදිරියට යැමේ ශක්‌තිය එවකට පැවැති දේශීය අධ්‍යාපන ක්‍රමයට නොතිබිණි. විශේෂයෙන් ම බෞද්ධ විහාරස්‌ථානය මුල් කොට ගෙන ක්‍රියාත්මක වූ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය මිෂනාරින් ගේ අධ්‍යාපන ක්‍රමට ඉදිරියේ පසුබෑමකට ලක්‌ විය. ක්‍රිස්තු ධර්මය හා බටහිර සංස්‌කෘතිය පතුරුවා හැදීමේ මිෂනාරි වැඩ පිළිවෙළ හේතු කොට ගෙන මෙරට වසර දෙදහසකටත් වඩා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මුල් බැසගෙන තිබූ බෞද්ධ සංස්‌කෘතික හර පද්ධතිය දෙදරා යැම පිළිබඳ කම්පාවට පත් ගිහි පැවිදි ජාතික ආගමික නායකයෝ, ඒ තත්ත්වය මඟ හරවනු සඳහා මහත් ඕනෑකමින් විවිධ කැප කිරීම් කරමින් විශාල අරගලයක්‌ සිදු කළහ.


          III.            ඇල්. අයිසෙක්‌ ද සිල්වාගේ සිට පියදාස සිරිසේන දක්‌වා නවකතාවේ විකාශනය

ක්‍රිස්‌තියානි භක්‌තිකයකු වූ ඇල්. අයිසෙක්‌ ද සිල්වා "වාසනාවන්ත පවුල හා කාලකණ්‌ණි පවුල" නමින් 1866 දී සිංහල නවකතාවේ පළමු ගද්‍ය ආඛ්යානය ලෙස සැලැකිය හැකි කතන්දර දෙකක්‌ පළමුවරට ලියන්නේ රුවන්මල්දම සඟරාවට ය. කිතුනු බැතිමතුන් වෙනුවෙන් පවත්වා ගෙන ගිය සඟරාවක්‌ වූ රුවන්මල්දමට කොටස්‌ වශයෙන් අයිසෙක්‌ ද සිල්වා "වාසනාවන්ත පවුල" ලිවීම මඟින් ක්‍රිස්තියානි ආගම කෙරේ මහත් බැතියෙන් විසූ පවුලක්‌ සියලු දුක්‌ කම්කටොලූ බාධක හමුවේ ජය ගනිමින් සෞභාග්‍ය උදාකර ගන්නා ආකාරයත් "කාලකණ්‌ණි පවුල" ලිවීම මඟින් ආගමික ප්‍රතිපත්තිවලට අනුකූල නො වී විසීමෙන් එහි විපාක ලෙස ජීවිතය කාලකණ්‌ණි කර ගන්නා ආකාරයත් ප්‍රබන්ධ කරන්නේ ආගමික අරමුණු පරාර්ථ සාධනය කර ගැනීම සඳහා ම බව කිව හැකි ය. මේ කතාන්දර දෙක නවකතා ලක්‌ෂණ පැහැදිලි ව ස්‌පර්ශ නොකළ නමුදු නවකතාවක ස්‌වරූපයට තරමක්‌ ආසන්න ව ලියන ලද කතා දෙකක්‌ බැවින් එය පළමු වරට නවකතාවක්‌ ලිවීමට ගත් උත්සාහයක්‌ ලෙස සැලැකිය හැකි ය.

සාහිත්‍යය විෂය තුළ නවකතාව සැලකෙන්නේ ගද්‍ය කාව්‍ය විශේෂයක් ලෙසිනි. එබැවින් පාඨකයා චමත්කාරයට හා ආනන්දයට පත් කරවා අවසානයේ පාඨකයාට යම් ප්‍රඥාවක් ලබා දීමේ පරමාර්ථය නවකතාකරු තුළ පවතී. නවකතාව හුදු කල්පිතයක් වූවද රචනා වූවාට පසු අපට පෙනෙන්නේ සත්‍යයක් ලෙසිනි.නවකතාකරු නවකතාව තුළ චරිත, සංවාද, සිද්ධි තුළින් පාඨක සිත්හි යම් චිත්‍රනයක් මැවීමට සමත්ය.
              බැද්දේගම නවකතාව පිළිබද අධ්‍යයනය කිරීමේදී නවකතාකරු බැද්දේගම ගමට උදාවූ ඛේදවාචකය විස්තර කිරීමේදී එහි ඇති චරිත තුළින් පාඨක සිත්හි යම් කතාන්දරයක් මවා පෑමට සමත් වී ඇත. නැංචෝ හාමි මෙම කතාව තුළ ආරච්චිගේ බිරිද ලෙස හදුනාගනී. ඇය පැවසූ මෙම ප්‍රකාශය සත්‍ය බවත් ගම විනාශය කරා ළගාවෙන බවත් නොයෙක් විට පාඨකයාට දැනවීමට නවකතාකරු උක්සාහ කර ඇත. උදාහරණ ලෙස ,

"එය කුඩා ගමකි,ක්‍රමයෙන් පිරීහි ගොස් අවටින් තෙරපා ගෙන එන මහ බැද්දට බත් වී යන වනගත කුඩා ගම් වලින් එකකි. එක පහරකට එක දවසකින් එක දවසකින් එහි තිබූ ගෙවල් 6න් එකක් නැතිවිය. විසිපස් දෙනෙක් වූ පිරිසෙන් හත්දෙනෙක් නැතිවූහ. "   යන්න ගත හැකිය. 

සිලිදුගේ අතින් ප්‍රනාන්දු මුදලාලිත් ආරච්චිලත් මරණයට පත් වී ඇත.එම නඩුව අවසන් වී මසක් පමණ ගතවී  ඇත. මැරුණු පිරිස නැසත පැමිණෙන්නේ නැත.සිලිදු ද නැවත පැමිණෙන්නේ නැත.සති කිහිපයකින් පසු ප්‍රනාන්දුගේ හා ආරච්චිගේ නිවස පාළුවට ගොස් ඇත. දැනට ඉතිරිවඇත්තේ ගෙවල් හයෙන් පහකි. මින්සුන් 25න් 16කි. බැද්දේගම ගමට කණකොකා හැඩුවා බදු විය. ටිකෙන් ටික නැංචොහාමිගේ ප්‍රකාශය සත්‍ය වන බව මේතුළින් පැහැදිලි වේ.

ආරච්චිගේ ගෙය කැලයට යාම කැලය ගම මැදට කඩා පැනීමක් මෙන් විය. ටිකෙන් ටික ගමට හාත්පසින්ම ගම කුඩා වීම පමණක් මින් පෙර සිදුවිය. එහෙත් ආරච්චිගේ ගෙදරට කැලය කඩා වැදීමෙන් වූයේ ගම දෙකට බෙදීයාමයි.

ගම මැදට කැලය කඩා පැනීම ගමේ විනාශය කඩිනම් වීමට සංකේතයක් බදු විය.ආරච්චිගේ ඉඩමද ගෙයද යට කරගෙන කඩා පැන්න වනය සිලිදුගේ ගෙයත් තවත් එක් ගෙයකුත් ගමෙන් වෙන් කරයි. මෙසේ ගම  බෙදී යාම දැකීමෙන් පුංචි මැණිකාට ද නැංචෝහාමිගේ කියමන සත්‍ය බව වැටහී යයි. 

ගමේ භාරකරුගේ වියෝවම ගම දෙදරා යාමට හේතු විය. ගමේම තිබු හොදම ගෙය මෙලෙස කැළයට යාම හා එහි ඇතිවූ ශබ්ද හා ගම්මු අතර පැවතුණු කටකතා හේතුවෙන් ගමේ ජීවත් වූ මිනිසුන් ගෙය අසලකටවත් ගියේ නැත. ආරච්චිගේ බිරිද දරු දෙදෙනා සමග ගමෙන් පිටමං විය. ඇය යාමට පෙර පැවසූයේ “මේ ගම කාලකන්නි ගමක් බවයි. ඇගේ ප්‍රකාශය ගම්මුන්ට වැටහෙන්නේ දැන්ය. 

කෙසේ වෙතත් ගම විනාශ මුඛයට යන හැගීම ගම්මුන්ට දැනුණේ ඉතා හෙමිනි. ටිකෙන් ටිකය.

ගැටලුවක් ඇති වී ටික දිනකින් එය අමතක වීම මිනිසුන්ගේ ගතියකි. ගමේ ආරච්චිල මිය ගිය පසු පුංචිරාළ ගමේ ආරච්චිල බවට පත්විය. එයද ගමේ විනාශයට හේතු විය. බබෙහාමිට නොදෙවනි පුංචිරාළ සිලිදුගේ පවුලට කෙණෙහිලිකම් රැසක් කළ පුද්ගලයෙකි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් මිනිසුන්ට හිරිහැර කරන අයෙක් ලෙස ගම්මු අතර ප්‍රචලිත මොහුට ගම්මු පියක් දක්වති.



ඉහත සදහන් කරුණු මගින් බැද්දේගම ගම ක්‍රමයෙන් අභාවයට යන අයුරු පාඨකයාට දැනවීමට කතුවරයා උත්සාහ කර ඇත.

02.                  බැද්දේගම නවකතාව හැදින්විම   

බැද්දේගම නවකතාව අයත් වන්නේ පරිවර්තන සාහිත්‍යය ටය.මෙම පොත රචනා කලේ ඉංග්‍රීසි ජාතික සිවිල් නිළධාරියෙකු වු (හම්බන්තොට මහ දිසාපති) ලෙනාඩ් වුල්ෆ් මහතාය.ඉංග්‍රීසි නවකතාව නම්කොට තිබුනේ “ THE VILLAGE IN THE JUNGLE” නමිනි.මෙම පොත රචනා වුයේ සිංහල නවකතාව පවා ඉතා ප්‍රාථමික තත්ත්වයේ පැවැති අවධියකය.එනම් 1913 වසරේදි ය.මේ නිසා බැද්දේගම මෙරට ඉංග්‍රීසි උගත් ජනයා අතර බෙහෙවින් ජනප්‍රියතාවයට පත්විය.

ඔහුගේ බිරිද වන වර්ජිනියා වුල්ෆ් ද ඉංග්‍රිසි ලේඛිකාවක් ලෙස ප්‍රකට අයෙකි.ඔවුන් මෙරට ජිවත් ව සිටින කාලයේ ගැමි ජිවිතය පිළිබද අත්දැකිම් සමුදාය “ THE VILLAGE IN JUNGLE “ කෘතිය බිහිවීමට මූලික වි ඇත.ඔහු මේ පොත රචනා කිරිමේ දි ලාංකීය ග්‍රාමීය ජනයාගේ ජිවත් විමේ අරගලය පිලිබද මානව හිතවාදි ව පිලිබිබු කරයි

එවකට ලංකාවේ ප්‍රසිිද්ධ පුවත්පත් කිහිපයක් බැද්දේගම නවකතාව පිලිබද ඇගයීම් කරමින් පහත සදහන් ලෙස අදහස් කොට තිබුණි.ඒවා මෙසේය.

            බැද්දේගම වු කලි අතිෂයින් ම ප්‍රශංසනීය වුවද මනහර වූද රසබර කෘතියකි. එහි අපට හමුවන්නේ නෙඇසු විසු චරිත හා පුද්ගලයින්ය. පාඨකයාගේ ගෞරවයද අනුකම්පාවද ඔවුනට එකවර හිමිවිය.MORNING POST” පත්තරයහි සදහන්.

            වුල්ෆ් මහතා අමරණිය කතාවක් ලියා ඇත. නවකතාවෙන් සිදුවිය යුතු උසස් සේවාවට බැද්දේගම කදිම නිදසුනකි. LONDON TIMES” පත්තරය තුලින්

            ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම පෙරදිග ඇතැම් දෙනාගේ ජන ජිවිතය පිළිබද පුදුම විවරණයකි. SPETETERS”

මෙම නවකතාව සිංහලයට අනුවාදනය කිරිම සිදු වුයේ ඒ්.පි.ගුණරත්න යන විශිෂ්ට ලේඛකයා විසිනි.ඔහු සිංහල බසත් ඉංග්‍රිසි බස හැසිරවීම පිලිබද මනා දැනුමකින හෙබි කතෘවරෙයකි.මෙතුමා සිංහල ශබ්දකෝෂයේ කතෘවරෙයක් ද වන අතර "වානරයා" යන කෘතිය වැනි කෘති ඉතා සියුම් ලෙස පරිවර්තනය සිදුකර ඇති අයෙකි.

ඔහු සිංහල හා ඉංග්‍රිසි භාෂා 02 ක සංකලනයේ දි ඉංග්‍රිසි භාෂාවෙන් හැගවෙන අදහස ඒ අයුරින් ම හෝ ඊ්ටත් වැඩි අලංකාරයක් දෙමින් ඔහුගේ පරිවර්නය සිදුකරයි.ඔහුගේ කෘති කියවීමේ  දී සරල,සුගම,මටසිලිටු වාග්මාලාව හේතුවෙන් ඔිනෑම අයකුට අවබෝධ කරගත හැක.මෙම නවකතාව ඒදා ගැමි සමාජෙය් ආර්ථික, සමාජිය, ආගමික, සංස්කෘතික යන අංගයන් මනාලෙස පිලිබිබු කරයි. මෙම කෘතිය කියවිමේ දි  ඒකල සමාජ ක්‍රමය පිලිබද චිත්‍රයක් මනෙස් ඇදීමට තරම් ප්‍රබල වූ නවකතාවකි.

පටන් ගැන්මේ සිට අවසානය තෙක් කතාවේ ගලා යෑම විවිධ ගැටුම් මතින් දිවයයි. කතාවේ ප්‍රධාන චරිතයක් සිලිදු ගේ චරිතයත් විනිශ්චකාරතුමාගේ චරිතය දක්වාම ඒ ඒ චරිත වලට ආවේණික ලක්ෂණ යොදා ඇත. දඩයම් කිරිම, හේන්ගොවිතැන, වී ගොවිතැන කිරිම ප්‍රධාන ජිවිකාව විය.

බැද්දේගම නවකතාව සදහා පාදක කොට ගෙන ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගරයෙන් ඈත වනගත ගම්මානයකි. බැද්ද විසින් වටකරගෙන තිබු බැවින් බැද්දේගම යන නම ඊට යොදා ඇත. මෙය කතුවරයාගේ සිය රාජකාරි ජිවිතයේ හදුනාගත් ගමක් ලෙස අනුමාත කිරිමට පුළුවන.

බැද්දේගම නවකතාවේ කතාන්දරය දිල හැරෙන්නේ ගමේ පවුල් 10ක් පවතිද්දීය. එහෙත් නවකතාව අවසන් වන්නේ ගම එකම එක ගෙයක් බවට පත්වී එයද බැද්ද විසින් ගිල ගැනිමෙනි. ඒ සදහා හේතුවන්නේ නියගය, වසංගත මෙන් ම බලවතුන් විසින් දුබලයන් තලා පෙලා දැමීම යන කරුණු මතය.

බැද්දේගම කතන්දරය තුල සැරිසරණ චරිත බොහෝමයක් වේ. ඒ සියලු චරිත විවිධ අයුරින් කතාන්දරයට දායක වීම සිදුවේ. බබේහාමි ආරචිචිල ඔහුගේ බිරිද නැංචෝහාමි, නැංචෝහාමිගේ බබුන් අප්පු (පුංචි මැණිකාගේ සැමියා), සිලිදු ඔහුගේ සහෝදරිය කර්ලිනාහාමි, සිලිදුගේ බිරිද ඩිංගිරිහාමි ගමේ වෙදරාල හා පසුව මුලැදෑනියා වන පුංචිරාල, ගමට පිටින් පැමිණි වෙලෙන්දා (මුදලාලි) ප්‍රනාන්දු,බස්තියන් අප්පු බාල අප්පු,හිරපල්ලා, මහලු සීයා, රටේ මහත්තයා, මහේස්ත්‍රාත්තුමා ආදී චරිත කතාන්දරයට දායක කරගෙන ඇත.

ගම්මුලැදෑනියා (ආරචිචිල) පිඩිතයාට සිදුකරන ගැහැට ගම්මුන් මුලැදෑනියාට ඇති බිය ද අධ්‍යාපනයක් නොමැතිකමත් නෛතික ව්‍යුවහයන් පිලිබද දැනුමක් නොමැතිකමත් නිසා පිඩිතයන් පිඩිතයන් ලෙසම ජිවත් වීමට සිදුවීම මනාලෙස විග්‍රහ කර ඇත. ඊට අමතර ව අන්ධ විශ්වාසයන්, ඇදහිලි පසුපස හබායන නිසා ඔවුන්ගේ ජිවිත නිකරුණේ බිලිවන ආකාරය මැනවින් කියාපායි. කතාංගය පුරාවට මෙම අන්ධ විශ්වාසයන් විවිධාකාරෙයන් ගලායයි.

ගම්මුන් ගොවිතැන් සිදුකර ගැනිම සදහා හා ජිවිතය පවත්වා ගැනීම සදහා අසීමිත ලෙස ණය ගැනිම් ද, කුඔුරු හා හේන් ඉඩම් උකසට තැබීමද යන කාරණා මත ඔවුන් අන්තදුක්ඛිත තත්වයට පත් වී ඇත. ප්‍රනාන්දු මුදලාලි ගිණිපොලියට ණයට දීම මත ඔහුගේ කපටිකම තදින් විග්‍රහකර ඇත. එය වර්තමානයට ද අදාල කාරණයකි. පරිසර වර්ණනා දඩයම් කිරිම, ගොවිතැන් කරන ආකාරය, පවුල් ජිවිතය ගතකරන ආකාරය ඉතා අලංකාර ලෙස විග්‍රහ කරයි. සිලිදුට අසනිප විමේදි ඔවුන් කටයුතු කරන අකාරය පුංචිරාල ඔවුන් ව බිය ගන්වන ආකාරය ඒම තත්වයන් තුල ඔවුන්ගේ මානසික කඩාවැටීම ජිවිත වලට බලපාන ආකාරය හොදින් විස්තර කර ඇත.

ඒම කතාවේ සන්දර්භය ගත්විට පිටිසර ගමක ඉතාකුඩා පවුල් ප්‍රමාණයක් දඩයමින් හා ගොවිතැනින් ජිවිතය සරිකරගන්නා අකාරය නිසි කලට වැසි නොමැති විම මත ඔවුන්ගේ වගාවන් පාඩුවේ. ගමේ ආරචිචලට ණය වන අතර ඒම පවුල් වල ජිවත් වන අලස මිනිසා සිලිදු වන අතර අන් අය වෙහස මහන්සි වී ජිවය රැකගනි. කාලයාගේ ඇවෙමෙන් ප්‍රධාන චරිතය වු සිලිදුගේ වැඩිමහලු දියණිය වු පුංචිමැණිකා හට විවාහ යෝජනාවක් පැමිණේ.

නිර්දිෂ්ට නවවන පරිච්ජේදය ආරම්භ වන්නේ බඹුන් සිරගත වී සිලිදු ද එල්ලුම්ගහට නියම වී හින්නිහාමි ද මියගොස් පුංචිමැණිකා හා කර්ලිනාහාමි තනි වු අවස්ථාවකිනි. මෙම පරිච්ජේදයේ ප්‍රධාන සංසිද්ධිය වන්නේ පුංචිමැණිකා බඹුන් සොයාගෙන තනිවම තංගල්ල සිරගෙදරට ගොස් එහිදි හිරපල්ලා අතින් බඹුන් සිරගෙදර දී මිය ගිය බව නිසැකවම දැන ගැනීමටයි.

බැද්දේගම නවකතාවේ එන ප්‍රමුඛතම කාන්තා චරිතය වන පුංචිමැණිකාගේ චරිතය නිරූපණය වී ඇත්තේ උත්සහවන්ත අධිෂ්ඨානශිලි චරිතයක් ලෙසය. නවකතාව ඇසුරින් මෙම කියමන සනාථ වේ.

බැද්දේගම නවකතාවේ එන කාන්තා චරිත ඇසුරෙන් ප්‍රමුඛ චරිතය වන්නේ පුංචිමැනිකාගේ චරිතයයි. පළමු වන පරිච්ජේදයේ දි සිලිදුගේ දියණිය ලෙස උපත ලබන පුංචිමැනිකා නිර්දිෂ්ට පරිච්ජේදයේ දි පාඨකයාට හමුවන්නේ කම සැමියා වු බඹුන් පියා වු සිලිදු ද සිරගත වී වහලු කර්ලිනාහාමි සමග තනි වු අසරණභාවයට පත් කාන්තාවක් ලෙසයි. එහෙත් මෙම පුංචිමැනිකාගේ චරිතය ඉස්මතුවන්නේ උත්සහවන්ත අධිෂ්ඨානශිලි කාන්තාවක් ලෙසය.

ඇගේ උත්සහවන්තභාවය ඉස්මතු වී පෙනෙන ප්‍රධාන ම අවස්ථාවක් වන්නේ දෙදෙනෙකුට ජීවත් වීම සදහා ආහාරයක් සොයා ගැනිමට තනිවම වනගතවන අවස්ථාවෙනි.

            කෑ හැකි කොළ වර්ග අල වර්ග හා පළතුරු සෙවීමට ඈ වනයට ගියාය. හේන්වාරයට අනුන්ගේ හේන්වල බස්තියන් අප්පුගේ හා පුංචිරාලගේ හේන් වල පවා ඈ වැඩ කළාය. පින්තකා ඈට දුන් කුරක්කන් අහුරු කිහිපයකට ඈ බොහෝ වෙහෙස වී වැඩ කළ යුත්තාය

                                                                                                යනුවෙන් මේ දක්වන හැසිරිම පුංචිමැණිකා උත්සහවන්ත ධෛර්ය සම්පන්න කාන්තාවන් බව පෙන්නුම් කරයි.

පුංචිමැනිකා තුල ධෛර්ය සම්පන්නභාවය ද නොඅඩුව පැවතුණි. විශේෂයෙන් ම බඹුන්ගේ පැමිණිම අපේක්ෂාවෙන් සිටි ඇයට ගම්මුන් කී බහු කතා වෙන් ව පුංචිරාල වෙදා බඹුන්ගේ මිය යෑම පිළිබද අදහස් දක්වද්දි තවදුරටත් මේ සැකය හිතේ තබාගෙන සිටිය නොහැකි වු පුංචිමැනිකා තනිවම තංගල්ලට යෑමට තීරණය කළාය.

            පිළියෙළ කරගත් කුරක්කන් රොටි කිහිපයකුත් ගමන ගැන ඇසු ගම්මුන්ගෙන් ලැබූ තවත් ධාන්‍ය ඇට කිහිපයකුත් ලේන්සුවක ඔතාගෙන ඈ කඹුරුපිටිය බලා පිටත් වූුවාය.

                                                                                                යනුවෙන් දක්වන ආකාරයට නන්නාදුනන ගමක තනි පංගලමේ ගමන් කිරිමට තීරණය කිරිම තුලින් පුංචිමැනිකා අධිෂ්ධානශිලි කාන්තාවක් බව පෙනේ.

දුෂ්කර ගමනකින් පසු තංගල්ලේ සිරගෙදරට පැමිණි පුංචිමැනිකාගේ හිරපල්ලා මුදල් තිබේදැයි විමසා අයුතු පගාවක් ගැනිමට උත්සහ කර එය අසාර්ථක වූ විට තොරතුරු වසන් කිරිමට උත්සහ කර එය අසාර්ථක වූ විට තොරතුරු වසන් කිරිමට උත්සහා දරයි. එහිදි පුංචිමැනිකා හිරපල්ලා ඉදිරියේ ප්‍රශ්න නගමින් තව බලාපොරොත්තුව ඉෂ්ට කරගැනිමට උත්සහ දරන්නේ අධිෂ්ඨානශිලි  කාන්තාවක් ලෙසයි.

            දැන් අයියා කිවානේ මගේ මිනිහා දන්නබව ඉතින් මට කීවාට වැරැද්ද මොකක්ද එයා දැන් මෙහේ ඉන්නවද, එයාට මොකද වුනේ දවස් ගාණකින් මෙහාට ආවේ මේක දැනගන්නට මට තවත් කරදර කරන්නවා එළවන්නේ ඇයි

                                                            යනුවෙන් කැළෑ ගමකින් නගරයට පැමිණි නිළදාරියෙකු ඉදිරියේ තර්ක කරමින් සිය අපේක්ෂාව ඉටුකර ගැනිමට පුංචිමැණිකා උත්සහ දරන්නේ ධෛර්ය සම්පන්න කාන්තාවක් ලෙසයි.

මෙහි එන තවත් චරිතයක් ලෙස පුංචිරාල හදුන්වා දිය හැක. ඔහු පියාගෙන් දයාද වු වෙදකමත් ගුරුකමත් දියුණු කළ අයෙකි. ඉඩම් ආරවුලකදි තම සහෝදරයා පවා ගුරුකම් කර මැරිමට තරම් ඔහු සහාසික විය. ඉහත කාරණා මත බබුන්ගෙන් කීපවරක් ම හින්නිහාම් පිලිබද ඇසුවද කිසිවෙක් ඊට මනාප නොවිය. ඒ තුලින් පුංචිරාලෙග් හිතේ ඇති වු වෛරය සිලිදු ගුරුකමක් කර විනාශ කිරිමට ගත් උත්සහය යම්තාක් දුරට සාර්ථක විය.

ඔහු ගුරුකමක් කලද ඒය ඉවත් කිරිමට ඔහු දැනසිටියේ නැත. නමුත් බෙරගම දේවාලයේ ගුරුකම් කපන බවට පුංචිරාල පවසා සිලිදු ව ඒහි රුගෙන යන ලෙස කර්ලින්හාමිට පැවසිය. ඒම ගමන දින 5ක අති දුෂ්කර දීර්ඝ ගමනකි. දේවාලයේ මංගල්‍ය කාලයට බෙරගම දේවාලයට ගොස් වැල්ලේ තුන්වටයක් පෙරලි යකා එලවන ලෙස දෙවියන්ගෙන් අයැදිය යුතු පබව පුංචිරාල පවසන ලදි.

ඔහු පැවසු පරිදි ඔවුන් අවශ්‍ය කළමණාද, රෝගියත් රැගෙන ගමන පිටත් විය. බොහෝ දුෂ්කරතා මැද දින කීපයකට පසු බෙරගම දේවාලයේ මංගල්‍යට පැමිණි අතර පුංචිරාල පැවැසු පරිදි දෙවිියන්ට කන්නලව් කර යක්ෂයා පන්නා දමන ලෙස අයැද සිටියේය.

කර්ලින්හාමිටත් පුංචිරාලව මුණගැසි දේවකන්නලව්වෙන් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව පැවසු විට පුංචිරාල විසින් දේවාලයේ පිටුපසට වන්නට නුග ගසක් යට ඉන්දියාවෙන් පැමිණි සන්නාසියකු සිටින බවත් ඔහුට මේ විස්තරය පවසන ලෙසත් කියා සිිටියේය. එලෙසම සිලිදු ඒතනට රැගෙන ගොස් සිදුවීම කියාපැවේය. ඒ විට සන්නාසියා විසින් පසලොස්වක දින පැමිණෙන තුරු දෙවියන්ට පුද පූජාකර නැවත ගම්බිම් බලා පිටව යන ලෙස පැවසු අතර සන්නාසියා කියා සිටියේ අතරමගදි පුංචිරාල මුණගැසෙනු ඇති බවයි. එ විට පුංචිරාලට හින්නිහාම්ව බාර දී යන ලෙසත් පැවැසීය. සිලිදු  ඇතුළු පිරිස නිවෙස් බලා යන විට සිලිදු ට සුව වී තිබුණි. හින්නිහාමිත් රැගෙන පුංචිරාල ද ඔහුගේ නිවෙසට පැමිණ සිටියේය. හින්නිහාමි සිලිදු ආ අවස්ථාවේ පුංචිරාලට බැන වැදි ඇය ද යකින්නියක් යැයි පැවසු විට පුංචිරාල බිය වේ. පසුව සිලිදු සමග හින්නිහාමි සිලිදුගේ නිවසට පැමිනේ.

ඉන්පසු සිලිදු කෙරහි වෛරයක් නොතිබුණ ද  හින්නිහාමි කෙරහි වෛරයක් තිබිය. පුංචිරාල ආරචිචිල සමග එකතුව ගම්මුන්ට සිලිදුගේ පවුලේ අය මීනි කන බවත් ගමපුරා ප්‍රචාරයක් යවා, ඉන් ගම්මුන් තුල එම පවුල පිලිබද බියක් හා පිලිකුලක් ඇති කරවීය. ගම්මුන් රැස්කර කුමන්ත්‍රණයක් සිදුකර හේනේ දර අවුලමින් සිටින අවස්ථ‍ාවේ ගම්මුන් පැමිණ ගල්මුල් වලින් තලා ඇයව මරා දමන ලදි.

ප්‍රනාන්දු මුදලාලි හා ආරචිචිල එකතුව පුංචිමැණිකාටත් බබුන් අප්පුටත් කරදර කිරිම ආරම්භ විය. එහිදි ආරච්චිල විසින් බබුන්ට ලබා දී තිබු හේනේ හා හේනට ලබා දුන් බලපත්‍රය අවලංගු කර බබාසිංඥ ලබාදිය. ඉන් බබුන්අප්පු මහත් කරදරයක වැටිය. බබුන් එය මහාදිසාපති කාර්යාලයට ගොස් ඒජන්ත හාමුදුරුවන්ට පෙත්සමක් ද ලබා දේ. පසුව ප්‍රනාන්දු මුදලාලි ආරච්චිල එඑකතුව බබුන්ව හොරකමට ඇදෑ ගත්හ.

ආරච්චිල විසින් ගම්මුන් පිරිස ලවා ආරච්චිලෙග් බිරිද වන නැන්චෝහාමිගේ රෙදි දෙකකුත් අරුංගල් ජෝඩුවකුත් රත්තරනුත් තවත් පෙට්ටියකුත් සොරකම් කරවා බබුන්ගේ ගෙදර සගවන ලදි. පසුවදා ආරචිචිලෙග් ගෙදර බඩු සොරකම් කල අය සොයාගැනිම පිණිස ප්‍රනාන්දු මුදලාලි බබුන් විසින් රාත්‍රියේ සොරකම් කලායැයි දුටුබව ආරචිචලට පවසයි. ආරච්චිලත් ප්‍රනාන්දුත් කෝරාලත් සමග ගොස් බබුන්ගේ නිවස පරික්ෂා කරන අවස්ථාවේ නිවෙසේ හා කැලැරොදේ තිබි සොරකම් කරන ලද බඩු භාණ්ඩ සොයාගන්නා ලදි.

ඉන් අනතුරු ව බබුන් වැරදිකරු බවට පත්ව අධිකරණ නියෝගයකින් බන්ධනාගාර ගත වේ. ඉන් සිලිදු ගේ පවුල සුණුවිසුණු වි යයි. මෙහි දි බබුන් සිරගත වීමත් සමග නැවතත් සිලිදු හා පුංචිමැණිකා පෙරලා නැවත ගමට පැමිණෙයි. ගමට පැමිණි දා සිට සිලිදු ආරච්චිලටත් ප්‍රණාන්දු මුදලාලිටත් කරදරයක් කිරිමට මානබලමින් සිටි.

ආරච්චිලගේ අකමැත්ත මත සිදු වු බබුන් අප්පු හා හින්නිහාමිගේ විවහය සිදුවීම මත ආරච්චිල සිලිදුගේ මුළු පවුලට ම කරදර සිදු කරයි. ආරච්චිල ප්‍රනාන්දු මුදලාලි සමග එකතුව හින්නිහාමිව බබුන්ගෙන් වෙන් කිරිමට ගන්නා උත්සහය සහ එ වන විට බබුන් සිරගත වීම දරාසිටි සිලිදුට තවදුරටත් ඉවසිය නොහැකි අවස්ථාවක් පැමිණි කල්හි පලමුව ආරචිචිලවත් දෙවනුව ප්‍රනාන්දු මුදලාලිවත් ඔහුගේම තුවක්කුවෙන් වෙඩිතබා ඝාතනය කරයි.

ඉන් බිය වු සිලිදු දින කිහිපයක් වනයේ සැගව සිට පයින් ම වනාන්තරය හරහා ගමන්කොට මහේස්ත්‍රාත්තුමා හමු වි ඔහු කල වරද කියාපායි. පසුව මහේස්ත්‍රාත්තුමා රටේරාල පොලිසිය සමග බැද්දේගමට සිලිදුව රැගෙන ගොස් අපරාදය සිදු වු ස්ථානය පරික්ෂාකිරිමත්, ගම්මුන්ගේ සාක්ෂි ලබා ගැනිම සිදුකර සිලිදු ව බන්ධනාගාර ගත කරයි.

පසුව සිලිදුත් බබුනුත් සිරගත වීම නිසා පුංචිමැණිකා බැද්දේගම තනි වූහ. මාස 06ක සිරදඩුවම අවසන් කර බබුන් නැවත නිවස බලා පැමිණෙන තුරු පුංචිමැණිකා බලා සිටිය ද, නමුත් බබුන් ගෙදර නොපැමිණි බැවින් පුංචිමැණිකා බබුන් සොයා මහා දුක්ගැහැට විද දුරග‍ෙවා සිරෙගය වෙත ගියහ. එහි දී හමු වූ මහල්ලා පැවසුවේ සිරගෙට යන අයකු නැවත පැමිණ නොමැති බවයි. ඉන් කඩා වැටුනු හින්මැණිකාට සිරෙගදර කිලධාරින් හමුවිය. ඔහුගෙන් බබුන් පිලිබද විමසු විට ඔහු කියා සිටියේ ඊට මාස 02කට පෙර බබුන් මිය ගිය බවත් ය.

අප්‍රමාණ දුක්විදි පුංචිමැණිකා ඒම පුවත අසා කලබලයක් නොමැතිව නැවත බැද්දේගම බලා පැමිණියහ. පැමිණ ටික කලකින් නැංචෝහාමි ද මිය ගිය අතර ගමේ ජිවත් වු අනෙක් පවුල් එකිනෙකා ගම අතහැර ගිය අතර ශේෂ වුයේ පුංචිමැනිකාගේ නිවසත් පුංචිරාලෙග් නිවසත් පමණි. පුංචිමැණිකා පුංචිරාලව තම තම පැල්පතට රැගෙන ගිය අතර ටික කලකින් පුංචිරාල ද මිය ගියේය.

බැදදේගම ගමේ අවසාන පැල්පත ලෙස පුංචිමැණිකාත් පැල්පතත් තනිවිය. කලක් දැල්වෙමින් තිබු ලිප කාලයාගේ ඇවැමෙන් නිවිගියේය. වනයේ කොල ගෙඩි ආහාරයට ගැනීමට පුංචිමැණිකා හුරුවිය. ගම්මුන් සමග සිටි පුංචිමැණිකා තම පියා පැවැසු පරිදි ම වනාන්තරයටත් වන සතුන්ටත් උන් සමග වාසයටත් නිතැතින් ම හුරු විය. අවසානයේ වනාන්තරය විසින් ම ඇයව ද ගිලගන්නා ලදි.


 


03.                  බැද්දේගම නවකතාවේ චරිත වල ස්වාභාවය

  1. සිලිදු

බැද්දේගම නවකතාවේ ප්‍රධාන චරිතය සිලිදු යන චරිතය ගත හැකිය. ඒ.පි.ගුණරත්නයන් විසින් මෙම චරිතයට සැබෑ ග්‍රාමීය පරිසරයක අන්ත දුගි, නූගත් චරිතයක් ලෙස මනාව ඉස්මතු කර පෙන්වයි.

අන් හැම ගැමියකු මෙන් ම සිලිදු ද ගොවියෙකි. ඔහුට ටිකක් පිස්සු යි ගම්මු කිවෝය. හේන් ගොවිතැන් කිරිමේ දී ලවා ඔහු ගමෙන් ම අලසයා විය. මොහුගේ ප්‍රධාන ජිවනොපාය වූයේ දඩයම ය. දවල් මහ වනයේ රිංගා ගොස් ඌරකුට හො මුවෙකුට එල්ල කර ගන්නට ලැබුණොත් ඔහු තමාගේ  දිග කැප් තුවක්කුවේ වෙඩිල්ල නොවැරැද්දුවේ ය. නැතෙහාත් රාත්‍රියේ දී දිය කඩවල් සමිපයෙහි රැක සිට දිය බොන්නට ඒහි පැමිණි ඌරන් හා මුවන් වෙඩි තබා මැරුවේ ය. රිළවකුගේ මෙන් ඇකුළුණ මුහුණක් හා දුරින් දුරින් හඩ නො නගා පිය තබන අස්ථිර අඩියක් ඇති මේ සන්සුන් පුද්ගලයා ටිකක් පිස්සු ඇත්තේකැයි ගම්මුන් සැලකුවේ කවර කරුණක් නිසා දැයි එක වරට තේරුම් ගත නොහැකි ය. බැලු බැල්මට පෙනෙන්නේ, ඔහු අනික් අයට වඩා ඔතෑනි, වැඩි කතාවක් බහක් නැති මිනිසකු ලෙසිනි.

සිලිදු පිලිබද ගුණරත්නයන් විසින් විස්තර කර ඇත්තේ අන්ත ‍ලෙස දුක්විද කෘෂ වූ ශරිරයක් ඇති වැද්දෙකු මෙන් චරිතයකි. සිලිදු බැද්දේගම තරම් ම පෞරාණික චරිතයකි. සිලිදු දඩයක්කාරෙයකි, නමුත් ඔහු ගොවිතැනට අලස පුද්ගලෙයකි. සිලිදු සතකු මෙන් ජීවත් වන අයකි.

බොහෝ වන සතුන් මෙන් සිලිදු නිදාගන්නේ දෙ‍ෙනත් ඇරගෙනය. බල්ලෙකු මෙන් ඔහු නින්දෙන් බිරලයි, ගොරවයි, තිගැස්සෙයි. එහෙත් ඔහු නිදන්නේ මුවකු මෙන් ඉතා කෙටි නින්දකි.

සිලිදු වනයට දැඩි ඇල්මක් ඇති අතර එයට ඔහු බිය වේ. තමන්ගේ බිරිද නිවුන් දරුවන් වැදු පසු ඔවුන් දියණියන් ලෙස පැවසු විට දඩයම්කිරිමටත්, ගොවිතැන් සිදු කිරිමටත් ඔහුට පුතකු නොමැති බව කියාපාමින් පහර දෙයි. ඉන් ඇය මිය යයි.

පරට්ටි! පරට්ට්!! කෝ මට පුතෙක්? කෝ මගේ තුවක්කුව උස්සාගෙන කැලයට යන්නට පුතෙක්, කෝ මගේ හේන එලිකරගන්න පුතෙක්

සිලිදු ඉහත ආකාරයට හැසිරුණත් දරුවන් වැඩෙද්දි සිලිදුගේ සිතේ දරුවන් පිලිබද දැඩි පීතෘ සෙනහසක් ඇතිවන ආකාරය වුල්ෆ් නම් වු නවකතාකරුවා මැනවින් පෙන්වා දී ඇත. සිලිදුගේ ජිවන චක්‍රය වනචාරි ජිවිතයක් ගත කරන ප්‍රාථමික මිනිසකු වුව ද තම දියණිවරුන් දෙදනාට දැඩි සේ ආලය කලේය.

සිලිදුගේ මානුෂිය ගතිපැවතුම් ඉස්මතු වන තවත් අවස්ථාවක් ලෙස පුංචිමැණිකාට බබුන්අප්පු යෝජනා විමේදි සිලිදු හැසිරුණ ආකාරය පෙන්වා දිය හැකිය.

මම කවලා පොවලා අප්පොච්චි යි කියාපු මම කැලේ ඉදලා එනකොට පලවැලත් මී වදත් මගේ පුංචි එවුන් දකිනවා නයි පොලොන්ගු වගේ මේකට හොරෙන් රිංගලා පුංචි උන් මගෙන් හොරකම් කරවා

මින් අදහස් වන්නේ සිලිදු කාලයත් සමග වෙනස් නොවු චරිතයක් ලෙසයි.එනම් තම දරුවන් වියපත් වන බවත් කාලයත් සමග දරුවන්ය දීග දීමට සිදුවන බවත් දරුවන් ඈත්වන බවත් නොදන්නා තරම් නූගත් චරිතයක් බව පෙන්වා දී ඇත.

තවත් අවස්ථාවත් ලෙස දෙවන දියණියට පුංචිරාල නැමැති වෙදරාලෙග් විවාහ යෝජනාව දැන්විමේ දී සිලිදු හැසිරුනේ පුංචිමැණිකා දීග දෙන අවස්ථාවේ හැසිරුණු ආකාරයටත් වඩා හැගිම්බර ලෙසය. මක්නිසා ද යත් පලමු දියණිය දීග දිමෙන් සිදු වු අඩුව සමනය වුයේ හින්නිහාමිගේ ආදරය ඔහු ලග තිබු නිසාය. පහත ඇත්තේ වෙදරාල සමග සිදු වු සංවාදයේ කොටසකි.

උඔ වෙන ඕනෑ දෙයක් කියපන් වෙදරාල මම කරන්නම් මේකනම් කියන්ඩ එපා මට බැහැ ඒක කරන්න

ඉහත ඇත්තේ සිලිදුගේ දරු සෙ‍ෙනහස ප්‍රමාණය වචන වලින් ගලා ආ ආකාරයයි. සිලිදු වනචාරි ජිවිතයක් ගතකල ද ධාරක ස්නෙ‍ෙහන් මිදිමට ඔහුට හැකියාවක් නොවීය. ඒ ඔහු ද පියෙක් වන නිසාය.

තවද සිලිදු අමානුෂික මිනිසකු බව පෙනි ගිය ද ඔහු වනයේ ගොස් දඩයමක් කරගෙන අහිංසකව දිවි ගෙවු පුද්ගලෙයකි. ඔහුට අවශ්‍ය වුයේ කුසගින්නේ සිට හෝ ගෙදරට වී නිදහසේ සිටිමට ය.

කවුරුත් දන්නවා මේ ගමේ කිසි කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න මිනිහා මං බව. මං කිසිම කෙනකුට කිසි දිනක කිසි වරදක් කරේ නැහැ. මට ඕනෑ කලේ මගේ පැල්පතේ නිදහෙස් ඉන්න විතරයි.

සිලිදු ගේ චරිතය හදුනාගත් එකම පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා පමණි. නැංචෝහාමිගේ බඩු සොරා ගත් නඩුවේ දී සිලිදු නිදහස් වුයේ ඉහත කාරණා හේතුවෙනි.

මිනිහා තමන්ගේ පාඩුවේ ඉන්න කැමැති මිනිහෙක්. මිනිහට ඕනිකලේ වෙන කිසිම දෙයක් නෙ‍ෙම් පාඩුවේ නිදහසේ ඉන්න ඉව ලැබෙන්නයි.

සිලිදු අහිංසක චරිතයක් වුව ද හිත දැඩි වු විට, හිතට වෛරය ආ විට, ඔහු තරම් අමුණුෂයෙක් මේ මිහිපිට නැත. එය හොදින් ගම්‍ය වන අවස්ථාවක් ලෙස ආරච්චිල හා ප්‍රනාන්දු මුදලාලි හට වෙඩිතබා ඝාතනය කරන අවස්ථාව පෙන්වා දිය හැක. ඔහු සිදුකල එම ඝාතන දෙක ඉතා සහාසික බව පාඨකයාට වටහා දීමට ලේඛකයා උත්සහා දරා ඇත.

තුවක්කුවක් අරගෙන ආරච්චිලත් එක්ක හේන පැත්තට ගියා මගදි මම එයට වෙඩි තිව්වා. පිට පසා කරගෙන යන්න එයා එතන මැරිලා වැටුනා. ඊට පස්සේ ගමට ගිහින් කඩුල්ල අස්සෙන් මුදලාලිට වෙඩි තිව්වා බඩට එ මිනිහා ඒ වෙලාවේ මලේ නැහැ. නමුත් මං දැක්කා බඩෙන් හෝ ගලා ලේ  උතුරනවා මෙලහකට මැරිලා ඇති.

ඔහු එම ඝාතන දෙක සිදුකලේ හදිසි කෝපය නිසා ඇති වු හැගිම් වල ප්‍රතිඵලයක් ලෙසිනි. නමුත් තරහා නිවුනු පසු රටේ මහත්තයාටත් මහේස්ත්‍රාත්වරයාටත්, ඔහුගේ එම ක්‍රියාව සත්‍ය ලෙසින් ම පාපොච්චාරණය කලේ ඔහුට සිදු වු අසාධාරණ කම් වල සීමාවෙන් ඉක්මවා ගිය අවස්ථාවක සිදු වු සිද්ධියක් ලෙසයි.

නඩුවෙන් පසු නිදහස් වු සිලිදු බෙබ්හාම් ආරච්චිල හමුවීමට ගොස් තම ජිවිතයම මී හරකෙකුට ගලපා ආරච්චිල ඉදිරියේ කල පාපෙපාච්චාරණය තමා නිතර දෙවෙලේ දකින මී හරකාට තමා විසින් ම උපමා කරගනු ලබන්නේ අතිතයේ සිලිදු චරිතයට වඩා වර්තමානයේ සිලිදු චරිතය ආවේගශිලි බවයි. වෛරය කැකැරෙමින් පලිගැනීමේ අරමුණින් සිටිම සිලිදුගේ ආවේගය මනා ව ඉස්මතු වේ.

අවුරුදු ගාණකට උඩ දී මී හරකා හරිම මෝඩයි. නැද්ද ආරච්චි? හරියට ම මෝඩයි ඌට පෙනෙන්නේ නැහැ. ඌට ඇහෙන්නෙත්  නැහැ. ඌ ඔහේ මඩේ ලැග ඉන්නවා. මිනිස්සු අවුරුද්දක් ගානේ ඌ පස්සෙන් එලවනවා

ඉහත කාරණා සියල්ල සලකා බැලිමේ දි ඔහුගේ ජිවිතය ගෙවි යන්නේ ඒ ආකාරෙයනි. ඔහු බාහිර පෙනුමෙන් ඉතා නොරිස්සුම් ස්වාභාවයක් පෙන්නුම් කල ද මීට පෙර දකුණු පලාතේ වනගත ගැමි පරිසරය කිසිදු සැප පහසුකමක් නොවිද දරුණු ඉඩෝරයටම ලෙන්ගතු වූ සුවිශේෂි මිනිසකු ලෙස කැලේ ඉපදි කැලේ හැදි වැඩි සපිරිගෙයන් ජිවිතය නිමාකරගත් සොදුරු මිනිසෙක් බව පෙන්වා දිය හැකිය. සමස්ත නවකතාව පුරා දිවෙන සිලිදුගේ චරිතය සලකා බලන විට වරෙක මතු වන්නේ දරුවන්ට බොහෝ සේ ආලය කරන උදාර පියෙකි. බැලු බැල්මට ඔහු මස් වැද්දෙකි. එහ‍ෙත් එයින් සැගවී සිටින්නේ  මානව භක්තියෙන් ලය පුරෝගත් උදාර මිනිසකි. සිලිදුගේ මේ ජිවිතය ස්වාභාවය වටහාගන්නේ එකම පුද්ගලයා ද වන්නේ මහේස්ත්‍රාත්වරයාටත් පමණි. පාඨක සිත පාරවා මැකි යන චරිතයක් ලෙස සිලිදුගේ චරිතය නම් කල හැකිය.

  1. පුංචිමැණිකා

පාඨකයාට පුංචිමැණිකා මුණගැසෙන්නේ නවකතාවේ ආරම්භයේ දි මය. සිලිදු හා ඩිංගිහාමි ගේ වැඩිමල් දියණිය ලෙස බැද්දේගම නවකතාවට ප්‍රවිශ්ඨ වේ.

හිරපල්ලා තම කතාවෙන් බලාපොරොත්තු වුයේ හිස අත් බදාගෙන කෑ ගසන ගැහැනියකගේ විලාපයකි. එහෙත් පුංචිමැණිකා නිශ්ශබ්දව ම එතැනින් ගොස් නැවතත් බිත්තිය අන්දර ඇන තියා ගැනීම ඔහුගේ මවිතයට හේතු විය. සාමන්‍ය අන්දමට ශෝකය ප්‍රකාශ කිරිමට ඇගේ සිතට වැදුණු පහර තද වැඩි ය. කදුළක්වත් නො හෙළා ඈ බලා සිටියා පමණි. තමා ගමට යා යුතු ය යන බලවත් හැගිමත් තමා තනි වී දැඩි ආශාවත් ඈට ඇති විය. එහි දි තමාගේ මිදුලට වී වන රොදට පිටිපසින් හිරු සැගවී යන සැටි බලාගෙන නිදහසේ සිටිය හැකි ය. පුංචිමැණිකා එතන වැඩි වෙලාවක් නො රැදි කන්දෙන් පහළට බැස්සා ය. මහල්ලා තවමත් ඒ හුන් තැන පොල් අරඹ දෙස බලාගත් වන ම සිටියේ ය.

මව මිය යාමෙන් අසරණ වන පුංචිමැනිකා සහ හින්නිහාමි නිවුන් සොයුරියෝ දෙදෙනා පියා වන සිලිදුගේ රැකවරණය හෝ සෙනෙහස හෝ නොලබති. ඒ වෙනුවට මේ දෙදරුවන් ට කිරි මව වන්නේ සිලිදුගේ ම සොයුරිය වන කර්ලිනා හාමි ය. ඇය දරුවන්ට දැඩි සෙනෙහසක් පැවැති අතර දියණිවරුන් ට වයස අවුරුදු තුනක් පමණ වන තෙක් සිලිදු ඔවුන් පිලිබද සොයා නොබැලුවේය. නමුත් හදිසියේ ම පුංචිමැණිකා සිලිදු වෙත පැමිණිමත්, සිලිදු ගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටිමත්,  නිසා ඔවුන්ගේ ජිවිත වෙනස් වීමට හේතු විය. ඒ තුලින් සිලිදුගේ ජිවිතය වඩාත් සතුටින් පිරි ඉතිරි යන්නට පටන් ගනි පුංචිමැණිකා පාඨකයා වෙතට අවතීර්ණ වන්නේ මෙම සංසිද්ධිදාමයත් සමගය.

එහෙත් එක දවසක් ඔහු තමාගේ ගෙය ඉදිරිපිට ඇන තියාගෙන සිටින විට පුංචිමැණිකා සිලිදු ලගට ගොස් ඔහුගේ දණට අත දි ගාම්භිර ආකාරයකින් ඔහුගේ මුහුණ දෙස බලා සිටින්නේ ඔහු දැරියගේ දෑතින් අල්ලා ලගට ගෙන තමාගේ දෙ දණ අතර ඈ සිටුවා ගත්තේය.

ලේඛකයා පවසන පරිදි පුංචිමැණිකා සහා හින්නිහාමි යන නිවුන් සොහොයුරින් දෙදෙනා වෙනත් ගම් දැරියන්ට වඩා වෙනස් ය. සිලිදුගේ ඇසුර නිසාම මෙම දැරියන් දෙදෙනා හුදකලා ජිවිතයක් ගත කල බව පැහැදිලි වේ. සිලිදුගේ කතා අසමින් සිලිදු කී දේට එකග වෙමින් කිකරු දැරියන් දෙදෙනකු ලෙස හැදුණු බව අපට පැහැදිලි වේ.

ගෙ මිදුලේ වළ කෙළි සෙල්ලම් කරමින් හෝ වැඩිහිටි ගැහැනුන්ගේ ඕපාදූප කතා වලට කන් දෙමින් හෝ වැඩුනු ගමේ අනිත් දරුවන් මෙන් නොව. පුංචිමැණිකා හා හින්නිහාමි ද අමුතු පරිසරයක වැඩුණහ. උදේ සවස කර්ලිනාහාමිත් සමග වැවට ගොස් දිය කළයක් කරින් ගෙන ආ හැකි තරමට වැඩෙන්නට පෙර සිලිදු කියන කතා අසා ගෙන හෝ ඔහු නිශ්ශබ්ද ව බලාගත් වන ම සිටින විට ඔහු ළග ඉතා නිසොල්මන් ව හිද ගෙන හෝ තද උණුසුම් හවස් කාල වල පැය ගණන් ගත කිරිමට මේ දැරියන් දෙදෙනා පුරුදු ව සිටියෝ ය.

මෙම දියණියන් දෙදෙනා පියාට ලෙන්ගතු වීම සාමාන්‍ය ලෝකයේ දි පොදු ලක්ෂණයකි. මව අහිමි වීමත් සමග පුංචිමැණිකා හා හින්නිහාමි තම පියාට වඩාත් ඇගැලුම්කමක් පෑ බව පෙනේ. සිලිදු තම දරුවන් හට තමා දන්නා සියලු දේ කියා දෙමිින් දරු දෙදෙනා ඉතා සතුටු වෙනු දැක ගැනිමට පුළුවන. සිලිදු මෙලෙස තම දරුවන් දෙදෙනාට වනයේ තමන් දන්නා සියලු දේ කියා දීමට හේතු ලෙස යකුන් යක්ෂණියන් ද, අතුරු අන්තරා වලින් ගහන අනාරක්ෂිත බව දැන මේ සෑම දේ පෙන්වා දෙන බව නිගමනයට එළඹිය හැක. පුංචිමැණිකා සිලිදුට නව ජිවයක් ලබාදුන් තැනැත්තිය වන අතර එම නිසාවෙන් ඇය තම පියාගේ රුචි අරුචිකම් දැන ඉතා ප්‍රියවඩවන අයුරින් පියා ඇසුරේම වැඩුණු දියණියකි. මෙම දැරියන් ක්‍රමයෙන් ළමා අවධියෙන් මිදි පුංචිමැනිකා එම ගමේ හැඩකාරියක් තරම් ප්‍රියමනාප ස්වරූපයකින් හෙබි තරුණියක් විය. ගමේ අනික් දැරියන්ට වඩා මෙම දැරියන් දෙදෙනාම රූමත් බවින් ද යුතු වු අය වේ.

ඔවුන්ට කිසි දිනක පරංගි, උදර උණෙන් ඇතිවන පිපිහළුව ආදි කිසිම රෝගයක් ඇති නොවී ය. උන්ගේ එම සිනිදු ය. වර්ණවත් ය. මුව පැටවකුගේ සමට හිරු එළිය වැටුණ විට ඔප වැටි බබළන්නාක් මෙන් උන්ගේ සම ද රන්වන් පාටින් බැබළිණි. උන්ගේ නෙත් මහත් ය. රන් මාලිගයක ඉදුනිල්මිණි මුවා සී මැදුරු කවුළු වැන්න අග පසග සෘජුය ශක්තිමත් ය.

ඒ අතර පුංචිමැනිකා හැඩ රුව පිළිබද ගමේ ඉතා කඩවසම් තරුණයකු වන බබුන්ගේ මුවින් ව්විධ අදහස් තම සිතැගි පරිදි ඉටුකර ගැනීමට බබුන් සමත් විය.

උඔ මිදුලේ ඉන්නකොටත් වැව ළගට යන කොටත් ඇහිපිය නොහෙලා මං බලා ඉන්නේ උඹේ ලස්සනයි උඹේ ලැමේ හැඩයයි.

නමුත් බබුන් ආල කල ඇය ගැන ප්‍රනාන්දු මුදලාලිට දැඩි ඇල්මක් ඇති බව පාඨකයා  කතාව තුලින් ගම්‍යමාන වේ. එම අරමුණ සාක්ෂාත් කර ගැනිමේ මුවාවෙන් ප්‍රනාන්දු මුදලාලි බබුන් ව තම ව්‍යාපාර වලට සම්බන්ධ කරගන්නේ පුංචිමැණිකා ලබා ගැනිමේ අරමුණ ඇතිවය. මෙම දියණියන් දෙදෙනාගේ රූප සොබාව නිසාම සිලිදු ඇතළු පවුලේ අයට මහ විපත්ති සිදුවන්නේ රූමත් බව නිසාය. ප්‍රනාන්දු කෙතරම් ඇය කෙරෙහි ගිජු වි ද, යන්න එක් මිනිත්තුවක් හෝ ප්‍රමාද නොකර පුංචිමැනිකා ලබා ගැනීමට දරණ උත්සහයෙන් ම පැහැදිලි වේ.

කලක් ගත නො වීම ප්‍රනාන්දුගේ සිත පුංචිමැණිකා කෙරෙහි ඇදී ගියේ ය. ඇගේ මුහුණත් අංග පුලාවත් බැද්දේගම වැනි අපිරිසිදු ගමක අපිරිසිදු ගැහැනුන් අතර තබා නාගරික ගැහැනුන් අතර පවා සොයා ගත නො හැකි තරමේ සිත් ගන්නා සුලු මුහුණකි.

පුංචිමැනිකා වන බද ගමේ වන මලකි කඩවසම් බබුන්ට ඇගේ සිත ඇදි යයි. විවාහය පෙර බබුන් පුංචිමැනිකා ඉදුල් කලද බබුන් ඇය ආරච්චිල සදහන් කල ආකාරයට කෙලි බඩුවක් ලෙස භාවිත නොකලද බබුන්ට වඩාත් හොද ම බිරිද වන්නි ඇයයි. විවාහයට සිලිදුගේ කැමැත්ත ලබාගැනීමට පුංචිමැනිකාට බොහෝ වෙහෙසෙන්නට විය. ඇය විසින් තමන් දන්නා සියලු උපක්‍රම දමා බබුන් කෙරෙහි බැදුණු ප්‍රේමය නිසාම වඩාත් සංවේගි ව සිලිදු ට තෙරෙන බසින් පහදා දීමට ද පුංචිමැනිකා උත්සහ කලේ බබුන් කෙරේ තිබුණු ප්‍රේමය නිසාම ය.

කොටි නැම්බියෝ හැමදාම අප්පොච්චිගේ ගුහාවේ තුරුලු වෙලා ඉන්නේ නැහැ කොටි නාම්බෝ අඩන කොට අප්පොච්චිගේ ගුහාව අත්හැර ඌත් එක්ක වෙන ගුහාවක් හොයාගෙන යනවා. ඒත් මහ කොටියා එහෙම පිටින් ම අතහැරලා යන්නේ නෑ ඌට කිට්ටුවමයි පදිංචි වෙන්නේ.

පුංචිමැනිකා පොත පතේ දැනුම ඇති උගත් ගැහැනියක් නොවුනත්, ඈ තුල යම් කෘතවේදි බවක් ඉස්මත් වේ. පුංචිමැණිකාගේ ජිවිතයේ පරමාදර්ශි ලක්ෂණය නම් පතිදම් සුරැකීමයි. සැබැවින් ඇය සීතා බදුය. කවර දුක් වේදනා වින්දත් ඈ කුලකතක් වූවාය. බබුන් වෙනුවෙන් ම ජිවත්  වූවාය. බබුන් ට වඩා ප්‍රනාන්දු සෑම අතකින් ම විශිෂ්ඨ බව පුංචිමැනිකා දනි. ධනය, සැප සම්පත් ඒ අතර වේ. ඒ සෑම දෙයක් ම ඇය විසින් අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කළ බව ප්‍රත්‍යක්ෂ වේ. ප්‍රනාන්දු නිතර නිතර ඇවිටිලි කලද පුංචිමැනිකා සිය ස්ථාවරය වෙනස් නොකලාය.

මට බයයි. මට ඒක තෝරලා කියන්ඩ බෑ අයියා තරහා වෙයි ඒ විදිහේ ගෑනියක් නො වේ මම පිටිසර මෝඩ ගැනියක්. එයත් එක්ක ආවේ අප්පොචිචිටත් විරුද්ධව මගේ ම කැමැත්තෙන් එයා මගේ නැතිවෙච්ච ළමයගේ අප්පොච්චි එයා මට හොදයි මට නිදහසේ ඉන්ඩ ඇරලා යන්ඩ. එයාගේ ගෙදර දොර බලා ගෙන එයාගේ බත් ටික උයා දීලා මෙහෙම ඉන්න එක මට සැප යි.

හොදින් ඉටුකර ගැනිමට නොහැකි දෙය නරකින් හෝ සිදුකර ගැනීමට තරම් සල්ලාලයකු ලෙස ප්‍රනාන්දු ක්‍රියා කලේය. බබුන් තමාට ණය බව, අස්වනු වලින් කොටසක් ලබා දීමට තිබෙන බවත් පවසා නිතර නිතර පුංචිමැනිකා තම ග්‍රහණයට නතු කර ගැනීමට ප්‍රනාන්දු මුදලාලි නිතර වෙහෙස දැරූහ. බබුන් නිසා තමාට පුංචිමැනිකා අහිමිවන බව වටහා ගන්නා ප්‍රනාන්දු ඔහු විනාශ කරන බව පවසා ඇයට අවසන් තර්ජනය ලෙස මෙලෙස කියා ඇත.

“………කඩවල් වලින් හාල්, කුරක්කන් රෙදි එහෙම දෙන්නේ නිකම්ම නිකම් ද මිනිස්සු එහෙම දෙනවා ද මෝඩ ගැණි උඹේ මිනිහා ගෙදර ආවම කියාපං මං ඇවිදින් මෙහෙම කියලා ගියා යි කියා ඒ මිනිහා කුරක්කන් මල්ලක් වගේ උඹව මට විකුණන්නේ නැද්ද කියලා බලාපන් එහෙම නො කොළොත් ඒ මිනිහත් මෝඩයෙක් ඌරෙක්, බල්ලෙක් නො දුන්නොත් බලාපන් මා කරන වැඩේ හේන්වලින් කොටසක් දෙන්නෙත් නෑ ණයවත් පොළියවත් අඩු කරන්නෙත් නෑ මට එයාව නැති කරන්ඩ පුළුවනි ඔව්! මං සුන් කරනවා උන්දැව උඔට ඇහුණ ද ඒක ? හොදයි උඹ මොකද කියන්නේ ?

ගිරයට හසු වූ පුවක් ගෙඩියක් සේ පුංචිමැනිකා අසරණ වූවාය. අචල ආදරයේ නාමයෙන් ඇය පැමිණෙන සියලු උවදුරු වැළද ගැනීමට තරම් අවශ්‍ය ආත්ම විශ්වාසයක් ඇය තුල විය. පුංචිමැනිකා අධිෂ්ඨානශිලි කාන්තාවකි. මව අහිමි විමෙන් පසු දුක්ඛිත ළමාවියක් ගත කරන පුංචිමැනිකා කෙමෙන් වැඩී කර්ලික්හාමිට තමන්ට හැකි ආකාරයෙන් ඇයට උපකාර කලේය.

පුංචිමැනිකා අධිෂ්ඨානශිලිත්වයෙන් යුත් අභිමාර්ථ වෙනුවෙන් කැපකිරිම් කරන ගැහැණියකි. බබුන් සිරගත වීමත් සමග පුංචිමැනිකාගේ ජිවිතය සම්පූර්ණයෙන් ම බිද වැටීමට ලක්විය. ඇය තුල ඉතිරි ව තිබු එකම අධිෂ්ඨාන වුයේ බබුන්ගේ පැමිණිමයි. පුංචිමැනිකා තුල එම අපේක්ෂාව හොදින් ම දැල් වී තිබුණි.

පුංචිමැනිකා මේ බහු කථාවලට කන් දී පැය ගණන් සිට හැන්දෑවට කඹුරුපිටිය දෙසට වැටි ඇති පාර දිගේ ටිකක් දුර යයි අද එසේ යන්නේ මගදි බබුන් හමුවේ ය යන ස්ථිර බලාපොරොත්තුව ඇතිව ය සිලිදු කීවාක් මෙන් බබුන්ගේ පැමිණාමෙන් පසු සියලු ම කරදර ඉවර වී ඔක්කොම හොද වේ යි යන බලාපොරොත්තුව ඇතිව ය

පුංචිමැනිකා තුල වූ තවත් අධිෂ්ඨානයක් නම් උපන් ගමේ ම මිය යා යුතුය යන සංකල්පයයි. ටික කලක් ගිය පසු ආරච්චිල බිරිද නැන්චෝහාමි ඇතුළු පිරිස බැද්දේගම අතහැර යන්නට විය. ජිවිතයට ප්‍රියකල සියල්ලෝ පරවුණු මලක් හැර යන බඹර කැලක් සේ බැද්දේගමින් පිටමං වන්නේ යලි නෙඑන අපේක්ෂාවෙනි. පුංචිමැනිකා අධිෂ්ඨානයේ වුයේ කවුරුත් බල කල ද බැද්දේගම අත්නොහැර සිටිමයි. පුංචිරාල ආරච්චිල ද මවුගේ පියයුරු බදාගෙන සිටිනා ලදරුවෙකු පරිද්දෙන් බැද්දේගම අත් හැර නොයයි.

පුංචිමැනිකා ලෝකයෙහි තනි වූවා ය ඈට ඉතිරි වූයේ පුරුදු වත්තත් පුරුදු කැලෑවත් පමණකි ඈ එයට ඉතා තද ලෙස අන්ධ භක්තියකින් ඇලුම් කළා ය තමාට සදහට ම නැති වී ගිය බබුන් හා සිලිදුත් කෙරෙහි ඈ තුල තිබූ ප්‍රේමය ජිවත් වීමට කරන අරගලයේ දී සිතෙත් අමතක ව ගොස් ඒ වෙනුවට ඈ තමාගේ කාලකණ්ණි පැල්පතටත් මුඩු ගෙවත්තට හා වියළි ගිය කැළෑවටත් ප්‍රේම කරන්නට වූවා ය

පුංචිමැනිකා දයාබර ගැහැණියක් වූවාය. පුංචිමැනිකාගේ දයාබරත්වය වඩාත් තහවුරු වන්නේ හින්නිහාමි නම් වු තම නිවුන් සොයුරිය විනාශ කළ තම පියාට කොඩිවින කරමින් පවුලට හානි කල පුංචිරාල තම නිවසට කැදවාගෙන විත් ඇප උපස්ථාන කිරිම තුලිනි. පුංචිමැනිකා පුංචිරාල නිවසින් පන්නා නොදමන්නේ ඇය තුල වූ දයාබරත්වය නිසාමය.

පුංචිමැනිකාත් පුංචිරාලත් ගමේ තනි වූහ. දැන් පුංචිරාළත් ලෙඩ දුකින් පෙළුණ මහලු මිනිහෙකි. ටික දවසකින් ම තමාගේ කෑම ටික සොයා ගන්නට බැරි තරමට ම ඹහු දුර්වල ය. එහෙයින් පුංචිමැනිකා ඔහු කමාගේ පැලට කැදවා ගත්තා ය. ඔවුන් දෙදෙනාගේ යැපීමට දිනපතා වල් කොළ, ගෙඩි හා අල ජාති ද සෙවීම පිණිස වනගත ව ඇවිදින්නට ඈට සිදු විය. වැහි කාලයට ගෙය වටේ එළි කොට ඈ ධාන්‍ය මිටක් ද වපුරා ගත්තා ය. ඈ පුංචිරාළගෙන් හොද වචනයක් පවා නො ඇසී ය.

පුංචිමැනිකා වනගත චරිතයක් වීම නිසා ඇදහිිලි විශ්වාසවලින් පිරුණු චරිතයක් වීම.

බැද්දේගම නවකතාව තුලින් කියවෙන්නේ මේ අසිරිමත් ගැහැණියගේ උපතේ සිට විපත දක්වා  වු සෝබර කතා පුවතයි .එය ඉතාමත් කලාත්මක ගෙත්තමකි. ලෙනාඩ් වුල්ෆ් නම් වු අසහාය ලේඛකයා බාහිර පෙනුමෙන් පමණක් නොව ගැමියාගේ අධ්‍යාත්මය තුලට කිදා බැස එය ද සියුම්වට විග්‍රහ කොට ඇති බව පුංචිමැණිකාගේ චරිතයෙන් අපට වටහාගත හැකිය. කෙතරම් කටුක, රළු, වනචාරි ජිවිතයක් ගත කල ද මැය තුල දැන උගත් සමාජයක ප්‍රභූ කාන්තාවක තුල නොදැකිය හැකි ශ්‍රේෂ්ඨ ගති ලක්ෂණ අන්තර්ගත වූවාය .


මහ වනය ඇය මිය ගිය විට සුසුම් නොහැළු අතර ඇගේ මරණයෙන් උද්දාමයට පත් වු බව නවකතාවේ අන්තයේ සදහන් වේ. නවකතාව කියවමින් පුංචිමැනිකාගේ චරිතය අවබෝධකර ගන්නා පාඨකයා තුල දැඩි ශෝකයක් හට නොගනි එහෙත් සිහින් සරින් මුවගින් සුසුමක් පහව යයි.



          III.            හින්නිහාමි

හින්නාහාමි බැද්දේගම නවකතාවේ සංවේදි කල තවත් චරිතයකි. පුංචිමැනිකා හා හින්නිහාම් සිලිදුට දාව ඩිංගිහාමි එක කුස හොවා ප්‍රසූත කළ නිවුන් සොහොයුරියන් ය. ඒ අතරින් හින්නිහාමි බාලය ලෙස සැලකෙයි.

නිරාශාව තුල ඇය ක්‍රමයෙන් වැඩුණේ ය.දවස ගෙවි ගිය බව ඈ නො දන්නී ය. මුවා මළ වෙලාව ඈ නො දන්නී ය. මුවා මැරි සිටින බව පමණි ඈ දැන ගත්තේ. උගේ මරණයත් සමග මුළු ලෝකය ඇගෙන් තුරන් වූ සේ වැටහිණි. ඈට දැන් ජිවත් වන්නට කාරණයක් නො පෙනේ. ඈ කෙරෙන් ජිවිතය තුරන් වි යන බව ඈට තේරිණි. ඇගේ මල දරුවා ගැන ද ඈට සිහි වෙයි. ඈ දරුවා වෙනුවෙන් වැලපුුනු නමුත් දුක් වූ නමුත් මුවාට පමණ දරුවාට ඈ කිසි විටෙකත් ආලය නො කළා ය. කැලයෙන් කැලයේ සිට දෙවියන් විසින් එවන ලද අද්භුත වස්තුවකි. මුවා දැන් ඌ මැරි සිටි. අත පය ඇගට යට වී ඇඹර වි ඇත. ඇස් පිටතට පෙරළි නෙරා ගොසිනි. දිව කටින් එලියට ඇදිලා ය. ඌ සිටි හැටි සිහි වන විට ඌට ගල්මුල් වලින් පහර දුන් සැටි සිහි වන විට හින්නිහාමි වෙවුලා ගියා ය.”

මෙම දෙදෙරුවන් ගමේ සෙසු දරුවන්ට වඩා වෙනස් හුදකලා ජිවිතයක් ගතකිරිම ඔවුන් පුරුදු ව සිටියා. මේ දෙදෙනා ආභාෂය ලබන්නේ තම පියාගෙනි. සිලිදුගේ ජිවිතයේ තිබු ගුප්ත සිතුවිලි සහ වනය පිළිබද තිබු හැගීම් ආකල්ප සියල්ලක් මේ දැරියන්ගේ සිත් තුල ද රෝපණය විය. සිලිදු තුල වු අද්භුත ඇදහිලි විශ්වාස පවා අන්ධානුකාරයෙන් කිරිමට දැරියන් දෙදෙනා පෙලබුණි.

බලු පැටවකු තම ස්වාමියාට ආදරය කරන්ට පුරුදු වන්නාක් මෙන් ඔවුන් දෙදෙනා තම පියාට අන්ධානුකරණයෙන් ආදරය කරන්ට පුරුදු වීම අන් හැම කරුණකට ම වඩා සැලකිය යුත්තකි

පුංචිමැනිකා මෙන් ම හින්නිහාමි ද අන් දැරියන්ට වඩා පුෂ්ටිමත් ය, නිරෝගි ය, රූමත් කමින් ද පරිපූර්ණ විය.එක කුස උපන්නන් වූව ද පුංචිමැනිකා ත් හින්නිහාමි ත් අතර වෙනස් ගති ලක්ෂණයන් ද දක්නට ලැබුණි. පුංචිමැණිකා සෞම්‍ය ගතියෙන් යුතු වුවත් හින්නිහාමි රළු චරිතයක් විය. පියාගෙන් උරුම වූ වනචාරි ගතිය ද පියා තරම් ම සහාසික බවින් ද යුතු තැනැත්තියක් ලෙස හින්නිහාමි හදුනා ගත හැකිය.

පුංචිමැනිකාත් හින්නිහාමිත් අතර සැලකිය යුතු ගති පෙර සිටම පැවැතිණි. පුංචිමැනිකා කෙරෙහි පෙනුනු සෞම්‍ය ගතිය හින්නිහාමි කෙරෙහි නො පෙනිණි. පියා කෙරෙන් උරුම වු අද්භුත ගතියත් වනචාරි ගතියක් සමග ම ඔහු කෙරෙහි පිහිටියාවත් වඩා සාහාසික හැගීම් ද හින්නිහාමි කෙරෙහි ඇති බව ඇගේ දෙනෙතින් පළ විය.

හින්නිහාමි සහාසික චරිතයකි. ඇය කුඩා වයසේ දි අන්ගොහාමිගේ උකුලේ සිටි දරුවා ගෙන වතුරට විසිකිරිම තුලින් හින්නිහාමිගේ සහාසිකම් වටහා ගත හැකිය.

වරක් අන්ගොහාමි පුංචිමැනිකාට වැන වැදි ඈට ගැසීමට අත ඔසවනවා දුටු හින්නිහාමි සිව ගොස් අන්ගොහාමිගේ උකුලේ සිටි දරුවා ඇද වැව මැදට විසි කළ හැටි මුළු ගමට ම මතක ය.

හින්නිහාමිගේ ජිවිතය පරිණත වන්නේ පුංචිමැනිකාගේ විවිහයත් සමග ය. හින්නිහාමි ඉතා දූරදර්ශි කාන්තාවක් බව අපට වැටහේ. පුංචිමැනිකා විවාහ වී වෙනත් නිවසකට ගිය පසු ඇය ඉතා වේදනාවක් ඇතිවීමත් සමග ඇය එතන් සිට පරිණත ගැහැණියත බවට පත්වන්නේ එතැන් පටන් ය. මැගේ ජිවිතයේ වඩාත් ම දුක්ඛදායක සමය වුයේ පුංචිරාල වෙදදුරා හෙවත් යකදුරා විවාහ යෝජනාවක් රැගෙන ආ විටය.

හින්නිහාමි ජිවිතයේ තීරණාත්මක අවස්ථාව ලෙස පුංචිරාල හින්නිහාමි සහේට ගැනීමට කර්ලිනාහාමිගේ ඇවිටිල්ලට බෙරගම දේවාලයේ සන්නාසියකු ලවා දොල පිදේනිය වන හින්නිහාමි ලබාගනි. ඒ අනුව පුංචිරාල මෙම සටනින් ජය ගනි. නමුත් හින්නිහාමි අවශ්‍ය වුයේ පියා සමග නිදහසේ ජිවත් වීමට ය. එ් අතින් හින්නිහාමි සිය පියා වෙනුවෙන් උදාර කැප කිරිමක් කල දියණියක ලෙස පාඨක සම්භාවයට පත්වෙයි. ඒ අනුව ඇය නිතැතින් ම තම පියා සුවකර ගැනිමේ අපේක්ෂාවෙන් මහල්ලාට ගොදුරු වේ.

හින්නිහාමි මහ පොලොව වැලද ගත්තා ය. දැන් ඇගේ දෙනෙත් කදුළු වියැලි ගොසිනි. බියෙන් හා බලාපොරොත්තු සුන් වී යා මෙන් ඈ වෙහෙස ව අප්‍රාණික ව ගියා ය. පියාගේ මරණය ලංකර දෙන්නේ කමා බව කල් සිට ම සිතුවකි. උගුලට අසු නොවි යන්ට තැත් කරන වන සතකු මෙන් ඈ පුංචිරාල අතට අසුවිමේ අදහසට විරුද්ධව සටන් කළා ය.

පියා වෙනුවෙන් හින්නිහාමි තම නිදහස් ජිවිතය වෙදරාලට භාර කළා ය. එය ඉතා සංවේදි අවස්ථාවකි.හින්නිහාමි පිළිබද දැඩි වේදනාවක් පාඨකයි තුල හට ගනි.

ඔහු හින්නිහාමි අතින් අල්වා ගෙන පුංචිරාළ ළගට කිට්ටු විය. ඔහුගේ දෙනෙත් පුංචිරාළට බොහෝ දුරින් කිබෙන යම් කිසිවක් දෙස යොමු වී තිබෙන බවක් පෙනිණි. ඔහු කතා කලේ ඉතා සෙමිනි

මෙන්න ළමයා, ඈව බාරගනින්

හින්නිහාමි එඩිතර කාන්තාවකි. ඒ බව පසක් වන්නේ බෙරගම දේවාල ගමනින් පසුව ය. බෙරගම ගමනෙහි ප්‍රතිළුලයක් වුයේ හින්නිහාමි වෙදරාලට උරුම වීමත් සිලිදුගේ යක්ෂ දිෂ්ඨිය සුව වීමත් ය. ගම්මුන් සියලු දෙනා වෙදරාලට බිය වූවත් හින්නිහාමි මේ විරුපි මහලු යද්දෙස්සාට බිය නැති එඩිතර ගැහැණිය කි.

 පුන්චිරා, මං උඔට බය නෑ. දෙයියෝ කීවේ නෑ මං උඔත් එක්ක ජිවත් වෙන්ඩ ඕනෑය කියලා. කෑම හරි ඇදුම් පැළදුමක් දීමක් හරි නැතුව මාව දුන්නේ අපේ අප්පොච්චිගෙන් යකා එලවන්ඩ ඕකෑ නිසයි. ඉතින් දෙයියෝ කිවේ බොරු ද! මාව උඔට දුන්න යකා ගියා

හින්නිහාමිගේ ජිවිතය මහ අදුරු පටලයකින් වැසුණු එකකි. පියාට අභයදානය ලබා දීම සදහා තම වටිනා ජිවිතය දන් දුන් සදාදරණිය චරිතයකි. හින්නිහාමි පෙරලා නිවසට පැමිණෙන්තනිවම නොවේ. බෙරගමට ගොස් එන අතරමග දි සිලිදු පුංචිරාලයට පවාදිමේ ප්‍රතිළුපයක් ලෙස දරුවකු ද කුස දරාගෙන ය. එහි ප්‍රධානතම කාරණය වන්නේ හින්නිහාමිලේ කුසින් වැදු දරුවාට වඩා පුන්චප්පු නම් වු මුව පොව්වාට සිය තනයෙන් ම කිරි දෙමින් දෙදෙනාම හදාවඩා ගන්නි හින්නිහාමිය. ඇගේ විශ්වාසය වුයේ පුන්චප්පු දෙවියන් විසින් දුන් දායදයක් බවයි. හින්නිහාමිගේ දයාබරත්ව මෙයින් අපට පැහැදිලි වේ.

හින්නිහාමිට දියණියක් ලැබීමෙන් ඇගෙත් සිලිදුගෙත් ප්‍රිතියෝ තියුණු විය. ඈට මේ දරැවා ලැබුනේ වන්දනා ගමනේ දි දෙවියන්ගේ අණට යටත් විමේ විපාක වශයෙන් යක්ෂ සාපය සදහට ම නැතිකර දැමිමේ ප්‍රතිළුලයත් වශයෙන් යයි ඈ පිලිගත්තාය.

ගමේ හේන් කුඹුරු පාලු වීම කලින් කලට පැමිණෙන උවදුරක් වුවද මෙවර එහි වරද පටවන්නේ හින්නිහාමි මතටය. එය පුංචිරාල වෙදරාල විසින් කෝන්තරයකට පලිගැනිමේ අදහසින් ගැමියන් තුල හින්නිහාමි පිලිබද දරුණු ආකල්ප ඇති කලේ ය නූගත් සේම අන්ධ විශ්වාසයක් හා බැදි සිටි ගැමියා ද ඒවා පිලිගත්තේය.

මිනිසුන් කෙතරම් සධාරණ ව ජිවත් වීමට උත්සහ කලත් මේ සමාජයේ ස්වාභාවය වන්නේ එලෙස මිනිසුන්ට අවැසි ලෙස ජිවත් වීමට ඉඩ නොදීමයි. අවසානයේ දි ගැහැනියකට විදිය හැකි උපරිම හිංසනයට හින්නිහාමි ගොදුරු වූවා ය. ඒ පහර දී දුබල කොට නිරුවත් කිරිමයි වනචාරි මිනිසුන් තුල කිසිදු සානුකම්පිත බවක් නොවූ බව මින් පැහැදිලි වේ.

ලේ ගලන මුවාත් ඉග දක්වා නිරුවතින් බිම වැතිරි සිටි ස්ත්‍රියත් දැකිමෙන් මිනිසුන් කෙරෙහි කාමුක වූ කුරිරු හැගීමක් ඇති වූ සැටියෙන් පෙනේ. ඔවුහු ඇගේ වස්ත්‍රය ඉවත් කොට ඈ දෑතින් අල්ලා ඇද මුවා ළගට කිට්ටු කළහ.

හින්නිහාමිගේ ජිවිතයේ අවසානය ජිවිතයේ සැප නොයා ගිය ජිවිත කාලයම දුක් පීඩාවන් පමණක් ම උරුම වුණු ජිවිතය විද වූ අසරණ ගැහැණියක ලෙස හින්නිහාමි ජිවිතයෙන් සමුගනි. හින්නිහාමිට අතහැර යා නොහැකි ව තිබුනේ සිලිදු හා පුංචිඅප්පු යන සාධක දෙක පමණි. පාඨකයා තුල සමාජ අසාදාරණයන් පිලිබද යම් කලකිරිමක් ඇති කරවීමට තරම් මේ චරිත ප්‍රබල වී ඇති අයුරු දැකිය හැකිය.

ජිවිතය තවත් ඈ කෙරෙහි බල පෑමක් නැත. එදා රාත්‍රී පහන් වන්නට පලමු තද නින්දෙ දී ම ඊට තමන් කෙරෙන් ගැලවී යන්නට ඈ ඉඩ හැරියා ය.

නවකතා ආරම්භයේ දි පාඨකයාට හමු වි වනබද ගැමි පරිසරයක ගැමි දැරියක ලෙස හැදි වැඩි වනමලක් තරමට ම රූප සොබවෙන් ද සුචරිතයෙන් ද පිරිපුන් හැදුණු වැඩුණු හින්නිහාමි එඩිතර කාන්තාවක් වූවා ය. අභියෝග වලට මුහුණ දෙමින් සතුරා සතුරු වෙසින් එන බව දැන දැන ම සතුරා සමග හැපෙමින් යුක්තියක් සාධාරණයක් නොමැති මිලේච්ජ සමාජයක දුක සේ මියගිය චරිතයක් ලෙස හින්නිහාමි හදුනාගත හැකිය.


             IV.            බබුන් අප්පු

බැද්දේගම නවකතාවේ බබුන් අප්පුගේ චරිතය අතරමග දි පාඨකයාට හමුවන්නකි. සිලිදු ගේ පවුලේ තොරතුරු විකාශනය කරන අතරතුර දී පුංචිමැණිකාගේ වයස අවුරුදු පහළොවක් වන අවස්ථාවේ පුංචිරාල හෙවත් බබේහාමි ආරච්චිලගේ නිවසට කැදවා ගෙන විත් ලේඛකයා විසින් බබුන් අප්පු නතර කරයි. බබේහාමි ආරච්චිලගේ බිරිද නැංචෝහාමිගේ මල්ලි ලෙසත් පාඨකයා බබුන් අප්පු හදුනා ගනි.

හාමුදුරුවනේ, මා මේක කලේ නෑ. මට හිරගෙදර යන්ට බෑ හාමුදුරුවනේ, මේ ඔක්කොම බොරු. මේ මුලාදෑනියා කියාපු තරමක් කිවේ ඔක්කොම බොරු, එයා මාත් එක්ක තරහයි. මං කළ හොරකමක් නැහැ. මම බෙරගම දේවාලේ දිවුරන්නම් මේක කලේ නෑ කියලා. මට හිරගෙදරට යන්ඩ බෑ හාමුදුරුවනේ. මගේ ගෑනි! හාමුදුරුවනේ,ඈට මොකද වෙන්නේ? අයියෝ! මං මේක කලේ නෑ..නෑ..නෑ...

ඒ වන විට බබුන්ගේ වයස අවුරුදු 21 යෞවනයකි. බබුන් නිහතමානි චාම්ගති ඇත්තෙකි. බබුන්ගෙන් පිලිබිබු වන්නේ මීට සියවසකට පමණ පෙර වනබද ගැමි ගෙදරක සිටින යෝධ තරුණයෙකි. ඔහු අවංකය, සෘජුය, නිහතමානි ය. බබුන්ගේ බාහිර පෙනුම මෙන් අභ්‍යන්තර ගති පැවතුම් පිළිබිබු වන බව පාඨකයාට බබුන් පිළිබද අපූර්ව චිත්‍රණයක් මනසේ ඇදීමට සමත්ය.

මේ කාලය වන විට බබුන් අප්පුගේ වයස විසි එකකි. සාමාන්‍ය සිංහලයකු ට වඩා උස පළල් උරහිස් ඇති ඔහු මනාව වැඩුණු ශරිරයකින් යුත් මිනිහෙකි. ඔහු තළ එළළු ය. ඔහුගේ මුහුණ අන්ධකාර ය. නාසය කුඩා ය. තොල් මහත් ය. කාමුක ය. ඔහුගේ මුහුණෙහි පිරිමි ගතියක් ද නිහතමාන චාම් ගතියක් ද පිළිබිඹු වී තිබුණි. එහෙත් ඔහුගේ විශාල වටකුරු දුඹුරුවන් දෙනෙතෙහි සෞම්‍ය නිදිබර ගැහැනු පෙනුමක් ඇතැම් විට මතු විය. මේ පිරිමි ගති හා ගෑනු ගති සම්මිශ්‍රණයෙන් ඇති වූ අපූරු පෙනුමට හිස පිටිපසින් එකතු කොට බැදී තිබුණු කොණ්ඩය වඩාත් රුකුල් දුන්නේ ය.

බැද්දේගම බාලවන්තයා වූ ආරච්චිලගේ මස්සිනා ලෙසින් බබුන් ගැමියන් ගේ ගෞරවාදරයට පත් වූ වාට සැක නැත.නමුත් බබුන් තම මස්සිනාගේ බලයෙන් උද්ධාමයට පත් ව ගැමියන් තලා පෙලා පීඩාවට පත්  නොකලයේ බබුන් අවංක තරුණයෙකි.ඔහු තුල අංශු මාත්‍රායක කපටිකමක් රැදී නොතිබු බව මනාව තහවුරු වේ.

බබුන්ගේ සිත සම්පූර්ණයෙන් අවංක ය. ඔහු ගැන කතා කරන විට කීවේ කුඩා ළමයෙකුවත් රවටන්ට බබුන් අප්පුට බැරි නමුත් බව නො තේරෙන දරුවෙකුට වූවත් ඔහු රැවටිය හැකි බව ය.

බබුන්ගේ අවංකකම නිරූපණය වන තවත් අවස්ථාවක් නම් පුංචිමැනිකා  සම්බන්ධ කාරණයකි. ගම්මුන් කෙතරම් දෝෂාරෝෂණය කළ වැදි පවුලක් ලෙසට හැදින් වුව ද,  බබුන් කවදාවත් පුංචිමැනිකාට වූ පොරොන්දුව කඩ නොකලේය. එයත් බබුන්ගේ අවංකකම අපට තහවුරු වේ. බබුන්ගේ සෙල්ලක්කාරකමට පුංචිමැණිකා ඇසුරුකළා නොවේ. ඔහු අවංකව ම සිතැගි ඉදිරිපත් කලේ ය. එම වචන තුල ගැබ් ව ඇත්තේ වංචනික බවක් නොවේ.අවංක අචල ප්‍රේමයකි.

මං ඈට ආදරෙයි. ඒ් ගැන හිතලා ඉවරයි.මගේ කෑම ටික හදාගන්ඩයි දරුවන් ලබා දෙන්ඩයි ගෑනියක් දැන් මට ඕනෑ පුංචිමැණිකා ඇර වෙන කිසිම ගෑනියක් මට එපා.

බබුන් උත්සහවන්ත තරුණයෙකි. බැද්දේගම සෙසු මිනිසුන්ට වඩා හොද දැක්මක් ඇති පුද්ගලයකි. බබේහාමිගේ අටුකොටු පිරුණේ ද බබුන් නිසා බව පැහැදිලි ය. ආරච්චිල බබුන් කා බී නාස්ති කල වග පවසන විට බබුන් කරන ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහු කය වෙහෙසා වැඩ කල බව ය.

මම උඹෙන් ගත්තු කෙහෙල්මලක් නෑ. මම අවුරුදු දෙකක් හේන් වැඩ කලා ඒකේ අස්වැන්න ගත්තේ උඹ මං නෙවෙයි උඹේ බිස්සේ තියෙන ඹය කුරක්කන් මං එළි කරපු හේනෙන් ගත්තු කුරක්කන් නෙමෙයි ද.?

විවාහයෙන් පසුව ද බබුන් තව තවත් උනන්දුවෙන් උත්සහයෙන් කටයුතු කලේ ය. බබුන්ගේ මේ කාර්යශුරත්වය නිසා ම ප්‍රනාන්දු මුදලාලි ද ඹහුගෙන් ප්‍රයෝජන ගැනීමට කල්පනා කලේ ය. කෙසේ වෙතත් ප්‍රනාන්දු මුදලාලි බබුන් පිළිබද ව පවසන්නේ මෙබන්දකි.

රාළහාමිගේ මස්සිනා පත්කර ගන්ඩ මා අදහස් කළා. මගේ හේන මුර කරන්ඩ මම හිතනවා මිනිහ හොද ගොයිරාළ කෙනෙක් ය කියලා.

බබුන් එක හෙලා ම ස්ථිරව ම තම බිරිද විශ්වාස කල සැමියෙකි. ප්‍රනාන්දු මුදලාලි හා බබේහාමි ආරච්චිල කවර මුසා පුංචිමැනිකා ගැන කියුවත් බබුන් විශ්වාස නොකලා ය. ප්‍රනාන්දු හා ආරච්චිල කවර උපායන් යෙදුව ද බබුන් පැටලුනේ නැත.

උඹ හේනට ගිය අතර මහත්තයගේ ගෙදරට ගෑනි ආව ඇවිත් ඈ කියා තියෙනවා මහත්තයත් එක්ක ඉන්ඩ ඈ කැමති බව ඉතින් මහත්තය කීව ලු උඹේ මිනිහා විහින් උඹ දුන්නොත් මිස නැත්තම් බාර ගන්ඩ බැරිය කියා.

මල්ලි, ටිකක් හිතලා බලපන් මේ ඉඩෝරයේන් පස්සේ ගෙදර හුගක් කුරක්කන් තියෙනව ද? මහත්තයා උඹ පත්කරගෙන තියෙනවා. එයාගේ හේන් බලාගන්ඩ උඹ එයාට ගෑනි දෙන්ඩ බෑ. කිව්වොත් ඒ වැඩේ උඹට දෙයි ද? ඒ විධියෙන් අදේ වෙන කෙනෙකුටයැයි කියලා මම හිතනවා. තමන්ගේ හාම්පුතාට අනින්ඩ පැනීම ගොනෙකුගේ යුතුකමක් ද.?

ආරච්චිලගේ පුනාන්දු කවර උපායකටවත් බබුන් හසු වුයේ නැත. ඹහුට පුංචිමැණිකා පිළිබද ඇත්තේ දැඩි විශ්වාසයකි. එය කවර අවස්ථාවක දී නොබිදුණු එකක් බව පැහැදිලි ය.

බබුන්ගේ චරිතයෙන් නිරුපණය වන තවත් ලක්ෂණයක් නම් ඔහු තුල ඇති සත්‍යවාදි බවයි. එහෙත් වනචාරි ගති සිරිත්වලින් යුතු ආරචිචි සියුම් උපායශිලිත්වයකින් තම ගොදුර ඩැහැගැනීමට උත්සහ කලේ බොරු හොරකමකට පටලවා බබුන් හයමාසෙකට සිරගත කලේය. ඔහු වෙනුවෙන් කිසිවකු සාක්ෂි දීමට ඉදිරිපත් නොවුයේ ද ආරච්චිටත් ප්‍රනාන්දු මුදලාලිටත් ඇති බිය නිසාවෙනි. නමුත් බබුන්ගේ සත්‍යවාදි බව නිසාම යම් තරමකින් හෝ දඩුවම ලිහිල් කිරිමට උත්සහ කර ඇත.

මට උඔ ගැන කණගාටුයි. නමුත් දැන් තීන්දුව දී ඉවරයි පළමුවෙනි වතාව නිසා මං උඹේ දඩුවම ලිහිල් කළා යි නඩුකාර තැන කීවේ ය.

බබුන්ගේ දූරදර්ශිභාවය ද පාඨකයාට වටහාගත හැකිය. ඔහු සිරගත වූවත් ජිවිතය පිලිබද වු අපේක්ෂා බිද දමා ගෙන නොමැති බව පැහැදිලි ය. එයට හේතුව ද බබුන්ගේ දූරදර්ශිභාවයයි.

උඹ ඒ මිනිස්සු දෙන්නා මැරුවා නම් උඹ හරි මෝඩයෙක් මොකද ඒකෙන් ඇති වැඩේ මට තවත් කවදාවත් මේකෙන් යන්ඩ ලැබෙන එකක් නෑ මං මේකෙ මැරිලි යාවි උඹ එල්ලුම් ගහට අරි වි ඉතින් මොකද ඒකෙන් ඇති හොදේ?


බබුන් අහිංසක ගැමි තරුණයෙකි. ඔහු සිය උත්සහයෙන් දෙපයින් නැගි සීටිමට උත්සහ කළ පුද්ගලයකි. බැද්දේගම මිනිසුන්ගේ පෞද්ගලිකත්යව හමුවේ බබුන්ට හිස එසවිය නොහැකි විය. ඒ අතර බබුන් කුඩු චප්පවන බිත්තරයක් මෙනි බැද්දේගම ඇත්තන්ට සොබාදහම කිසිවක් ම නොදි ඔවුන්ගේ සෑම දෙයක් ද පැහැරගත් සෙයකි ප්‍රබලයා විසින් දුබලයා පෙලිමේ න්‍යාය මත බබුන් පිඩාවට පත් විය.


                V.            බබේහාමි ආරච්චිල

පවුල් හත අටකින් සැදුම්ලත් බැද්දේගම ගම් ප්‍රධානියා වුයේ බබේහාමි හෙවත් පුංචිරාල ආරච්චිල ය. ගමට වූ එකම උළු ගෙය ඔහු සතු විය. යුරෝපීය ජාතින්ගේ පරිපාලනයේ පහල ම පුරුක ලෙස ආරච්චිල යන පදවිය නම් කල හැක. ඉංග්‍රීසින් රට පාලනය කල සියවසකට අධික කාලය පිලිබද බලන විට ආරච්චි, මුදලි, මුහම්දිරන් ආදී කළු සුද්දන්ට දුන් තනතුරු නිසා සම්ප්‍රදායික ගම තුල ජිවත් වු දුප්පතුන් පිඩාවට පත් වු බව නොරහසකි.

ගම්මුන් පිලිබද ආරච්චිල කෙරෙහි රැදි තිබෙන බලය මනංකල්පිත එකක් නො වේ. ආරචිචිලය විරුද්ධව ගිය කෙනෙකුගේ ජිවිතය ඉතාම අවාසනාවන්ත වුයේ ය. ගම්මුන් කෙරෙහි බල පැවැත්වීමට බබේහාමිට හැකි වුයේ ණය දීමෙන් පමණක් ම නොවේ. ඔවුන්ගේ ජිවිතය වාසනාවන්ත කිරිමේ හෝ ඕනෑම මොහොතක අවාසනාවත් කිරිමේ හෝ බලයක් ද ඔහු කෙරෙහි පැවැතිණි.

බැද්දේගම පුංචිආරච්චිල හෙවත් බබේහාමි ආරච්චිල ද ඉංග්‍රිසි ආණ්ඩුවට වගකියන බැද්දේගම ප්‍රධානියා ය. බැද්දේගම නවකතාවේ පරිච්ජේද 10කින් යුතු එකකි. එහි දෙවන පරිච්ජේදයේ දි අපට මුලින් ම ආරච්චිල හමුවෙයි. ආරච්චිලගේ මේ ගුප්ත චරිත ලක්ෂණ පහත උද්ධෘතයෙන් තහවුරු වේ.

බබේහාමිගේ හේන එළිකරන්නට කෙනෙකු නැති වූ විට ඔහු එය සිලිදු ට පවරයි. ණය ව සිටින නිසා එය ප්‍රතික්ෂේප කිරිම සිලිදු ට බැරිය. මුවකු වෙඩි තබා මැරු විට තමා කඹුරුපිටියේ උසාවිය ඉදිරියට ගෙන යාමට ආරච්චිලට බලය ඇති බවත් තමා ඔහුට ණය බවත් සිලිදු දනි. එහෙයින් ඔහු දඩයමේ හොද ම හරියෙන් කොටසක් තෑග්ගක් වශයෙන් ආරච්චිලගේ ගෙදරට ගෙන ගොස් දෙයි. බබේහාමි කලබල නැති කපටි මිනිහෙකි. ඔහු කිසි දිනෙක කිසිවෙකුට තරවටු කළේ නැත. ණයක් ගැන ගණුදෙනු කාරයන්ට මතක් කළේ ඉතාම කලාතුරකිනි. එහෙත් ආරච්චිල කෙරෙහි පැවරි තිබෙන බලය ගැන හොද හැටි දන්නා ගම්මුන් අතරෙහි කිසිවෙකුත් ආරච්චිලට විරුද්ධව යන්ට තරම් එඩිතර නොවී ය.

යටත් විජිතවාදි යුගයේ නිර්මාණය කර තිබු මේ ආරච්චිල තනතුරු නිසා ඒ ඒ ගම්වල මිනිසුන් අසීමිත ලෙස පීඩාවට පත්විය. බැද්දේගමට ද එය එසේ විය. ආරච්චිලට හිතවත් අයකුට ඕනෑම දෙයක් කල හැක.එයට ඔහුගෙන් අවසර ලැබේ. නමුත් සිලිදු වැනි අසරණයින්ට ආරච්චිලට කවර හෝ රිදුමක් කල පුද්ගලයින්ටත් විවිධාකාර දුක් කරදර විදිමට සිදුවිය. බැද්දේගම පුංචිආරච්චිල තම තනතුරට මූවා වී බොහෝ වරප්‍රසාද භුක්ති වින්දේ ය.

අවසරයක් නැතිව කැළයක් එළි කළොත් නැති නම් අවසර ලැබු ප්‍රමාණයට වඩා එළි කලොත් ඒ බව ආණ්ඩුවට රපෝර්තු කරන්නේ ආරච්චිල ය. බබේහාමිගේ මිනිස්සුන්ට හේන් වලට අවසර ලබා ගැනිමේ අපහසුවක් නැති බවත් එළි කළේ කැලෑ අක්කර හතර ද අට දැයි ඒජන්ත හාමුදුරුවන් ඔහුගෙන් නාසන බවත් ගම්මු දනිති. ආරච්චිලට විරුද්ධව ගියොත් විදින්නට සිදුවන හිරිහැරත් දුෂ්කරතාත් අපමණ ය. කැලයක් එළිකර ගැනීමට ඉල්ලන අවසර පත්‍රය ලැබෙන්ට බොහෝ ප්‍රමාද විය හැකි වේ.

බබේහාමි ආරච්චිලගේ සැගව තිබුනු චරිත ලක්ෂණයක් වන්නේ තමාට කිසිවකු යම් කෙනෙහිලිකම් කල හොත් ලෙහෙසියෙන් අමතක නොකරයි. ඩිංගිහාමි තම සොයුරිය සිලිදු විසින් මරා දැමු පලිය ගැනීමට ආරච්චිල කල් මැරිය. එහෙත් සිලිදු එසේ පලිගන්නා අදහසක් ඇති චරිතයක් නොවේ. නමුත් ආරච්චිල අළු යට ගිනි සේ වෛරය සගවාගෙන සිටි පුද්ගලයෙකි. බබේහාමි ආරච්චිලගේ පලිගන්නා ස්වාභාවය කතුවරයා පාඨකයා වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙලෙසිිනි.

කිසිවකු සමග ප්‍රසිද්ධියේ විරුද්ධ වී සිටිම බබේහාමිගේ ප්‍රතිපත්තිය නොවේ. ඔහුගේ කපටි සිත කූටෝපායයන් කෙරෙහි ඇදෙන සුළු ය. සතුරා තම සතුරකු කොට නොව මිතුරෙකු කොට සිතනවා නම් ඔහුට හානි කිරිම කොපමණ පහසු ද?කොපමණ සතුටුදායක ද යනු බබේහාමි දැන සිටියේ ය. කෙසේ වුවත් බබුන් සමග ප්‍රසිද්ධියේ මිත්‍රවීමට තරම් බබේහාමිගේ කෝපය සුළු නොවි ය. ඔහු තම කෝපය සැගෙව්වේ ය. බබේහාමි, බබුන්ගේ මිදුලට හෝ බබුන් බබේහාමිගේ මිදුලට හෝ අඩිය නො තැබු නමුත් මග දි හමු වු විට දෙදෙන කතාබස් කළහ. බබුන්ගේ තමා අදහස් කළ පළිය ගන්නේ කවදා ද යනු බබේහාමිගේ සිතේ නිතර රැව් දුන්නේ ය. පළි ගැනිමෙන් වඩා අමාරුවට වැටෙන්නේ සිලිදු හා ඔහුගේ පවුලත් බව සිතෙන විට බබේහාමිගේ සතුට ඉහළ නැගේ.

ආරච්චිල ගමේ සිටි ප්‍රභුවරයා වුව ද ඔහු දැන උගත්කම ඇත්තෙකු නොවේ. ඔහුට මෙම ආරච්චිල තනතුර ලැබෙන්නේ ද මුළු බැද්දේගමට ම තම නම ලිවිය හැකි එකම තැනැත්තා ඔහු වූ නිසාය. ආරච්චිල කපටි නූගත් මිනිසකි. නමුත් ඔහු අකුරු ඉගෙන ගැනිමෙි හුරුව ලැබුනු බව නවකතාවෙන් කියවේ. ආරච්චිගේ චරිතය හදුනාගැනීමට එය හොදම නිදසුනකි.

අවුරුදු බොහෝ ගණනකට පෙර තරුණයෙකු ව සිටිය දි ඔහු වරක් මැද මහනුවර වන්දනා කර ගැනීම සදහා ගියේ ය. එහි දි අසනිමයක් වී මාසයක් හෝ දෙකක් පන්සලේ ම නතර වී සිටින්නට සිදු වු ඔහුට ඒ අතර පන්සලේ හාමුදුරුවෝ අකුරු ඉගැන්වුහ. තමන්ගේ නම ලියා ගන්ට තරම් පුළුවන්කම ඔහුට ලැබුණේ එයිනි.

ඔහු උපායශිලි මිනිසකි. කල්යල් බලා අවශ්‍ය ම අවස්ථාවේ ක්‍රියාත්මක වීමට තරම් කපටියෙකි. ආරච්චිල කූඨ කුමන්ත්‍රණ සංවිධාන කලේ හරි සිරුමාරුවට යආරච්චිල හදිසියේ තීරණ ගන්නා අයකු නොවේ. ඔහු අවුරුදු 15-20 තරම් පැරණි ඝාතන සදහා පලිගැනිමේ අරමුණින් ක්‍රියාකල අයකි.

බබේහාමි මෙවැනි කඩිමුඩියේ වැඩ කිරිමට කැමැති පුද්ගලයෙක් නො වේ. කරන හැම වැඩක් ම හොදට කල්පනා කර පරෙස්සමෙන් කිරිමය ඔහුගේ සාමන්‍ය සිරිත.

ඔහු බබුන් පවා තම නිවසට කැදවා ගෙන විත් උපායෙන් ඔහට වෙනත් ව්වාහයක් කර පුංචිමැනිකා ප්‍රනාන්දුට පවා දීමේ දි සිලිදුගේ පවුල විනාශ කිරිමට උත්සහ කරමින් තම අරමුණු සාර්ථක කර ගැනීමට උත්සහ කලේය.

මහත්තයා තව දුරටත් මට කීවා තමන්ගෙ ම මස්සිනාත් එක්ක නොහොද නෝක්කාඩු වෙන එක කොච්චර මෝඩ කමක් ද? ඊටත් වඩා ගෑණියක් නිසා ඉලන්දාරියෙක් ළමිස්සියෙක් ගැන හිත වැටිලා ගියාට මොකද තරහා වෙලා ඇති පොරොජෙනේ? උඹට එන්ඩ කියලා ඇරලා ආයෙම යාලු වෙන්ඩ යි කියල.

බබේහාමි පුංචිආරචචිල කොතරම් සටකපට වුවත් සිලිදුගේ අරමුණු හදුනාගැනීමට තරම් තීක්ෂණ නුවණකින් යුතු නොවිය. නඩු තීන්දුවෙන් පසු සිලිදු පුංචිමැනිකා ප්‍රනාන්දු මුදලාලට ලබා දීම පවා තීරණය කරන්නේ ඔහුගේ උපාය වුයේ ආරච්චිලත් ප්‍රනාන්දුත් එකම දින මරා දැමීමට ය. බැද්දේගම මිනිසුන් සිලිදුට පිස්සු කියා සිතුවට සිලිදුට ඇතත්ටම පිස්සු නොමැති බව මෙම සැලසුමෙන් පැහැදිලි වේ.

පාරම්පරික සටකපට කමට සිලිදු නැමැති නූගත් වනචාරි දඩයක්කරුවාගේ උපායට දෙවැනි වීම එක් අතකට පුදුමයට හේතුවකි.

මං හැම එකටම බයයි ආරචිචි. කැලේට යක්කුන්ට කළුවරට. ඒ ඔක්කෝටමත් වඩා පස්සෙන් එළවනවාට බය යි.උඔටත් එහෙම පස්සේ එළවලා තියෙනව ද? කවුරු හරි ආරච්චි? නෑ නෑ නෑ උඔ දඩයක්කාරයෙක් නෙවෙයි නේ. ඒක නිසා උඔව දඩයක්කරගන්නට කවුරුවත් එන්ඩ නැතුව ඇති. නමුත් මං දන්නවා මෙච්චර දස්ස ්පටත් එහෙම වෙනවා.අලි එළවනවලු. හැබැයිමං නම් කවදාවත් දැකලා නැහැ මී හරක් උන් දැකලා තියෙනවා මෙනම මේ පාර එලි කර ගන්ඩ ඉස්සර අවුරුදු ගානකට උඩ දි මී හරකා හරිම මෝඩයි නැද්ද ආරචිචි. හරියට ම මෝඩයි. ඌට පෙන්නේ නැහැ. ඌට ඇහෙන්නේ නැහැ. මිනිස්සු අයුරුද්දක් ගාණේ ඌ පස්සෙන් එළවනවා. අවරුද්දෙන් අවුරුද්දට. ඒත් ඌ දන්නේ නැහැ. ඌට පෙන්නන්නේ නැහැ. ඌට ඇහෙන්නේ නැහැ උඹ ඒක දන්නවද?

සිලිදු වෛරයත් පළිගැනිමේ අරමුණින් සිටි බැවින් ඔහු ආරච්චිල මාරා දැමීම ඔහුග් ප්‍රධාන අභිමතාර්තය විය. නමුත් සිලිදු තමාට ආරච්චිගෙන් වුු අකටයුතුකම් සිහිපත් කර දී අවසානයේ ආරච්චිලගේ ජිවිතය පැහැර ගත්තේය. ඔය පාඨකයා අනුමත නොකරන දෙයක් වුවද විය යුත්ත එසේ සිදු විය.

බබේහාමි මුල දි ඔහුට කන් නො දුන් නමුත් සිලිදුගේ කලබලයත් කෝපයත් ඔහුගේ කන් ඇද ගැනිමේ සමත් විය. සිලිදු මේ අන්තමට කී වචන ටික ඉව වන විට බබේහාමි බාගයට නතර වී ආපසු බැලීය.සිලිදුගේ කෝප දීප්ත දෙනෙතත් තද වූ තොල් කෙලවර තිබුණු කෙලත් ඔහුට යන්තම පෙන්නා පමණි. ඒ සමගම සීතල තුවක්කු කට කමාගේ පිටට තදවෙන බවත් දැනිණි .සිලිදු කොකා ගැස්සුවෙ ය.බබේහාමි මුනින් අතට බිම වැටුණි. පිටෙන් ලොකු කොටසක් බිදි ගොස් සිදුරක් පෑදි ඒ වටේ සම පිලිස්සි කළුතලා වී ගොස් කිබිණි.

බැද්දේගම මිනිසුන්ගේ ජිවිත වල රිද්මය වෙනස් කල බබේහාමි හෙවත් ආරච්චිල හෙවත් පුංචිආරච්චිල ගේ සියලු සටකපටකම් ඉන් හමාර විය. සිලිදු උසාවි රැගෙන යාමට ද සිලිදු ගේ මේ මරණය පිළිබද ලොකු සැහැල්ලුවක් ඇති කරගත්තේ ය. පසුකාලීනව බැද්දේගම, බැද්දා විසින් උරුම කරගැනීමට ද මේ ආධිපත්‍යයක් දරාගෙන සිටි මිනිසාගේ හේතු වු බව සදහන් කල යුතුය. නවකතාවේ විකාශනයට අවශය ගැටුම නිරිමාණය කල දුෂ්ඨයාගේ චරිකය පණ පෙවු ආරච්චිල චරිතය මින් ක්‍රමයෙන් මැකි යයි.


 


04.                  බැද්දේගම නවකතාව තුලින් මෙරට අතීත ගමක ගැමි ජිවිතය, ගමක වගතුග කියාපාන පාන ආකාරය නිර්දිෂ්ට පරිච්ජේද තුලින්

බැද්දේගම නවකතාවේ පරිසරය පිලිබදවත් ග්‍රාමීය ගැමි ජිවිතය පිලිබදත් ගොවිතැන, වර්ෂාව හා නියගය වැනි ප්‍රායෝගික අත්දැකීම් සමුදායක් ඉතාමනා ලෙස ලෙනාඩ් වුල්ෆ් නම් ගත්කරුවා පෙන් වා දී ඇත. එහි දි ඉහත උපුටා ගැනීම් අනුව බලන කල මහ මුහුද, කදුවැටි, තැනිතලා වැනි භූගෝලීය පිහිටීම් ද වනාන්තර වැනි ස්වාභාවික සම්පත් පිළිබද ව ද මෙම කතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා මනසන් රූපයක් දකින්නා සේ අලංකාර ලෙස නිර්මාණය කර ඇත.

බැද්දේගම නවකතාවට කතා පරිසරය කොටගත්තේ නගරයෙන් ඈත පිටිසර බද  ගමක ජන ජීවිතයයි. එහි වසන ගැමියන් අදාල කරගෙන ඔවුන්ගේ හැසිරිම් සිතුම් පැතුම් අපේක්ෂා බලාපොරොත්තු ආදිය දක්වන ආකාරය තුළින් ඈත වනගත අතීත ගමක වගතුග නවකතාවෙන් කියවෙන අයුරු නිර්දිෂ්ට පාඨ ඇසුරින් මෙසේ දැක්වීමට පුළුවන.

මහා වනාන්තරයක් මැද තනි වූ සුන්දර ගමක අසිරියත් වර්ෂා කාලයට හේන් ගොවිතැනත් කුඹුරු ගොවිතැනත් සරුසාර වී ඇති ආකාරය චිත්‍රණයට නගා ඇත. ඒ එසේ වන්නා සේම වර්ෂාව නොමැති ඉතා වියලි කාල වල ජල උල්පත් සිදි ගස්වල කොල හැලි ඇති ආකාරයත් ගොවිතැන් කටයුතු පාලු වී ගිය ඇති ආකාරයත් කතාව කියවිමේ දී මැවි පෙනේ. බැද්දේගම ගමෙහි වැඩිහිටි පරපුර වියපත් වී ගිය පසුව කටයුතු කරන ආකාරය රචකයා පෙන්නුම් කර දෙන්නේ අතීත ගමක වගතුග ලෙසිනි. කොපමණ වියපත් වුවද ඔවුන් ජිවිත සටනට උර දිය යුතු බව මෙසේ දක්වයි.

පිරිමි මේ අවස්ථාවේ සිටිය දී පවා හේන් වල කුඩා කැලය එලි කර දීම, ධාන්‍ය වැපිරිම වැනි වැඩට උදව්වට යති. එහෙත් ඔවුන්ගේ ඒ වැඩ කරන්නේ ආශාවකින් හෝ සිහියකින් නොව.ගව මහේෂාදින් හෝ යන්තු සූතු ආදියන් ක්‍රියාකරන්නාක් මෙනි...... ගැහැණු ද කල රැගෙන දිය ගෙන ඒමට මඩ සහිත දියවලවල් කරා යති. ගෙවල ආහාර පිස දෙති. කෙලින් කටින් සිටගෙන පුළුවන් කම තිබෙන තුරු ඔවුහු තමන්ගේ කොටස ඉටුකල යුත්තාහු යනුවෙන් මේ දැක්වූයේ අතීත ගමක වැඩිහිටියන්ගේ ඉරණමයි.

ගැමි සමාජය තුල පැවැති තවත් වටිනා සමාජ ස්වාභවයක් ලෙස දුකට පත් වූ කෙනෙකුට තම ශක්ති ප්‍රමාණයෙන් සහයෝගය දැක්වීමට ඉදිරිපත් වීම අතීත ගැමි සමාජ ස්වරුපයක් ලෙස දක්වයි. බබුන් සිරගත වී මාස හයක් ගෙවි ගියා දැයි නිසැකව ම දැන ගැනීමේ උවමනාව පුංචමැනිකාට තිබුණි. ගැමියන්ගෙන් ඒ පිලිඉද විමසු විට එකිනෙකා කලහ කරමින් සිය අදහස් ඉදිරිපත් කිරිමට පෙළබුණි.

කටවහපන් කටවහපන් බබුන්ගේ අවුරුද්දට ඉස්සර වෙලා අවුරුද්ද පහු වෙලා දැන් මාස හයක් වෙනවා.

ආදි වශයෙන් හැකියාවක් නැතත් උත්සහවන්තයෙක් දැරුවේ පුංචිමැනිකාට සහය වීමටය. එසේම පුංචිමැණිකා තංගල්ලට යන්ඩ තීරණය කරද්දි මුදල් හදල් නොමැති ගැමියන් තමන්ට තිබෙන දෙයකින් උදව් කරන්නට ම විය.

ගමන ගැන ඇසු ගම්මුන්ගෙන් ලැබුණු තවත් ධාන්‍ය ඇට ටිකකුත් ලේන්සුව ඔතාගෙන ඈ කඔුරුපිටිය බලා පිටත් වුවාය

යනුවෙන් මේ දැක්වූයේ අතීත ගැමි සමාජයේ ගැමියන් දුකට පත් වූ කෙනෙකුට හැකි පමණින් පිහිටක් වීමට ඉදිරිපත් වන බව  පෙන්වමිනි.

ඔවුන් වර්ෂා කාලයේ හේන් ගොවිතැන තුල අඩවසරකට පමණ තමන්ට අවශ්‍ය වන පමණකි. බෝග වගා කොට එහි අස්වැන්න නෙලා ගනි. නමුත් වර්ෂයක් සරිකර ගැනීම සදහා එම අස්වැන්න ප්‍රමාණවත් නොවීම අන්තදුගි තත්වයට ගම්මුන් පත් වේ. වසරේ ඉතුරු මාස ටික ගෙවා දමනුයේ ආරච්චිලගෙන් ණයට ඉල්ලා ගන්නා කුරක්කන් කොටසක් හෝ ප්‍රනාන්දු මුදලාලිගෙන් ණයට ලබා ගන්නා ණය මුදල නිසාවෙනි. එසේ ණය වූ ණය වර්ෂා කාලයේ ආපසු නැවත ගොවිතැන් කොට ඵලදාවෙන් ඒ ණය ගෙවා දමයි.ඉන් ඔවුන්ට ඉතිරි වන්නේ ඉතා කුඩා ආහාර ප්‍රමාණයකි.

අන්තිමේ හේන් ගොවියා සිය පැලට ගෙන යන්නේ කුඩා කුරක්කන් මල්ලකි. හේන් කපා වැඩි දවසක් ගතවන්නට පෙර ඊලග අස්වැන්නෙන් දෙ ගුණයක් ගෙවීම පොරොන්දුව පිට ණයක් ගැනීමට ආරච්චි සොයා යන්ට ඔහුට සිදු වෙයි.

වර්තමාන නාගරික සමාජයේ මිනිසුන් දරුවන් ගැමි සුවද නොදන්නා ඉතා සංකීර්ණ නාගරික තාක්ෂණික ජිවිකාවකට හුරු වී ඇත. නමුත් එකල තිබු ඉපැරණි ගම්මාන වල තිබු ඒ නිදහස ඉතා සුන්දරයි. නමුත් වර්තමානයේ නාගරික ප්‍රදේශවල දුම්, දූවිලි, වාහන ශබ්ද වැනි දූෂිත ජිවිකාය හෙවත් ග්‍රාමිය පරිසරයේ වනාන්තර තුලින් ඇදි එන සිහිල් සුලං රැලි ගංගා ඇල දොල වලින් ගතට දැනෙන සිසිලස වර්තමාන දරුවන්ට කිසිසේත් විදිය නොහැක. දරුවන්ට ග්‍රාමිය ජිවිතය අවබෝධකර ගැනීමට මෙම කතාව කියවීම මගින් අවබෝධයක් ලබාගත හැකිය. පැරණි ගමක පවතින සංස්කෘතිය, ඇදහිලි, විශ්වාස, භාෂාව පිලිබද දැනුමක් මෙම කතාව මගින් මනාව පැහැදිලි වේ. හේනක් හෙලි පෙහෙලි කිරිමේ සිට අස්වැන්න ගෙට ගන්නා තුරු‍ හේනක සිදුවන ක්‍රියාවලිය පිලිබද අවබෝධයක් මේ තුලින් ගම්‍යමාන වේ.

ඔක්තෝම්බර් මාසයේ දි හේනේ කැටෑ කෝටූ ඉවත් කොට සූදානම් කොට තබා ඉල් මහේ වැස්ස අල්ලා හේනේ කුරක්කන්, අමු මෙනේරි ආදී ධාන්‍ය වර්ග හා මිරිස් තියඹරා වට්ටක්කා ආදි එළවළු වර්ගත් ඉස උදැල්ලෙන් වපුරා කරුවෙන් ගැදෑල දා නවදැලි හේනේ වැඩ සමහරු කරති. පෙබරවාරි මාසයේ දි කලා පාගා ගන්නා මේ අස්වැන්නෙන් අනික් පෙබරවාරි මාසය දක්වා පුරා අවුරුද්දක් ගත කල යුතුය.

1913 න් ඔබ්බට අතිතයේ ලංකාවේ තිබු සමාජ ක්‍රමය ජිවන රටාව වර්තමානයේ ද ඇත. ගම් දනව් වල අපට දැකිය හැකිය. එකල පැරණි ගම්මාන වල තිබු සමාජ සංස්කෘතිය මෙම කතාවේ එලෙසින් ම පෙන්වා දී ඇත. විශේෂයෙන් ම විවාහ සම්බන්ධයෙන් පවතින සමාජ ක්‍රමය හා සිරිත්විරිත් පිලිබිබු කර තිබේ. වර්තමානයේ ප්‍රේම සමිබන්දතා වලට මුල්තැන දෙන අතර අතීතයේ එය එසේ නොවේ. පමණක් කුල අතර නෑනා හා මස්සිනා අතර දෙමාපිය යෝජනා මගින් එසේත් නොමැති නම් මනාලයාගේ යෝජනාව මත සිදුවන විවාහ සම්බන්දතා මත සිදුවේ.

ඊට හොදම නිදසුනක් ලෙස බබුන් හා පුංචිමැනිකා අතර විවාහය දැක්විය හැකිය. එහිදි බබුන් විසින් පලමු ව පුංචිමැණිකාට යෝජනාව ගේන අතර පසුව ඇය තම පියාට පවසයි.

උඹ හොයාගෙනයි මම මේ ආවේ. වරෙන් මාත් එකක් එහාට. ඊයේ මුළු රෑ ම මට නිදාගන්ට බැරි වුනා. උඹ ගැන හිත හිත උඹ උන්නා මිස.

ඉහත කාරණා සලකා බැලිමේ දි බැද්දේගම ගමෙත් එකල පැවැති සමාජ ක්‍රමයෙත් විවධ විවාහ සම්මත ක්‍රම තිබුණි. ග්‍රාමීය ව පුරුෂ පාර්ශවයෙන්  ගෙනෙන යෝජනාව ස්ත්‍රි පාර්ශවයේ එකගත්ව ය මත සිදු වූ බවත්, ප්‍රනාන්දු මුදලාලි හීන්මැණිකා සමග විවාහය සිදු කර ගන්නේ බලහත්කායෙනි. එය සම්මත ක්‍රමයක් නොවේ. නමුත් එකල එය විවාහ ක්‍රමයකි. අතීතයේ විවාහය පිලිබද සංස්කෘතික පදනම ඉහත ආකාරයෙන් සිදු විය.

අතීත ගැමියන්ගේ සමාජ ස්වභාවයක් ලෙස වැඩිහිටි ගැමියන් බාලයන්ට උපදෙස් අනුශාසනා ලබා දීම දැක්වීමට පුළුවන. මෙවැනි අවස්ථාවක් නිරිදිෂ්ඨ පරිච්ජේදයේ දි හමුවන්නේ පුංචිමැණිකාට තංගල්ල හිර ගෙදර අසලදි මහලු සීයා මුණගැහිමේ අවස්ථාවයි. නාගරික පරිසරයේ දි මෙවැනි කෙනෙකු හමුවීම ම පුංචිමැණිකාට සතුටක් වූ බව මෙලෙස දැක්විය හැක.

කලබලකාරි ආඩම්බර නාගරිකයන් දැකිමෙන් තැතිගත් පුංචිමැනිකාට දිරායත් මහල්ලාගේ දැකීම දන්නා හදුනන හිතවතුකුගේ දැකීමත් විය.

යනුවෙන් ඉදිරිපත් කරයි. මේ සතුටුදායක හැගීම් තවත් ඉස්මතු කරවමින් මහල්ලා කියපු ලෙස පුංචිමැනිකාට උපදෙස් ලබාදෙයි.ගමක් අත්හැරලා යන එක මහ මෝඩකමක් ඒවායේ හැමදාම බඩගින්නේ තමා මම දන්නවා මට මතකයි. ඒ තමන්ගේ පැල්පතෙයි මිදුලයි කැලෙයි තමන්ට නිදහසේ තියෙනවා. මේවායේ ඝෝෂාවකි, කලබලයි, කරදරයි, විතරයි.

ඉහත කාරණා සියල්ල කැටිකොටගත් විට බැද්දේගම නවකතාවේ එකල අතීත පැරණි ග්‍රාමීය ගැමි ජීවන රටාව හා එකල සංස්කෘතිය මනා ලෙස පිළිබිබු කරන ඉතා විශිෂ්ඨ ගණයේ නවකතාවකි.


05.            බැද්දේගම නවකතාවේ හමුවන භාෂා විලාසය හා උපයුක්ත භාෂාව නවකතාව කියවීමටත් රසවිදිමටත් උපකාරි වූ ආකාරය

නවකතාව වූ සාහිත්‍යාංගයේ දී රචකයාගේ කුසලතාවය පෙන්වා දිය හැක. ප්‍රධාන මෙන් ම එකම සාධකය වන්නේ භාෂාවයි. නවකතාකරුවෙක් චරිත නිරුපන අවස්ථා නිරුපණ පරිසර වර්ණනා ආදී සියලු දේ සිදුකරන්නේ භාෂාව නම් වු මෙවලම උපයෝගි කර ගනිමිනි.

බැද්දේගම සිංහල නවකතාව රසවිදින පාඨකයාගේ ගෞරවය හිමිවන්නේ එහි පරිවර්තකයා වූ ඒ.පි.ගුණරත්න මහතාටයි. සිංහල හා ඉංග්‍රිසි යන භාෂා දෙකම පිළිබද හසල දැනුමක් ඇති එතුමන් ඉංග්‍රිසි නවකතාවටත් සාර්ථකව සිංහල පරිවර්තනය සිදු කොට තිබේ. නවකතාව කියවිමේ දි කතාංගය පුරාවටම හමුවන භාෂා ලක්ෂණ ඇසුරෙන් නවකතාවේ සාර්ථකත්වයට එහි භාෂාව අදාල වූ අයුරු පෙන්වා දිය හැක.

බැද්දේගම නවකතාවේ භාෂාව ගත්කල ඉතා ග්‍රාමීය සරල බස් වහරක් උත්තම පුරුෂ දුෂ්ටිකෝණයෙන් රචනා කර ඇති මෙම නවකතාව සංවාද සිදුවන අවස්ථාවන් හි එම සංවාද අතර ඇතිවන භාෂාව සරල සුගම තේරුම් ගැනීමට පහසු ශෙල්‍යකිනි.

මෙහි කැපි පෙනෙන ලක්ෂණයක් ලෙස දීර්ඝ ශෛලිය භාෂාව යොදාගෙන තිබේ. මෙම නවකතාවේ ඇතැම් ස්ථානවල උපදේශනාත්මක යෙදුම් ද දක්නට ලැබේ. කර්ලිනාහාමිගේ චරිතය උද්ධෘතය කොටගෙන මෙවැනි කැළෑබද ගම්මාන වල වැඩිහිටියන් අකාලයේ වියපත් වන ආකාරය පහත සදහන් අයුරින් විස්තර කරයි.

නිරිත දිග තද සුළගට ඇඹරි වී ඇටුවන් බැහි ගිය ගහක් මෙන් ඇගේ ශරිරය ද නැමි ඇඹිරි තිබින. මුහුණේ සිහින් ව ගිය අත් පා වල සම ගසක පොත්තක් මෙන් රැලි වැටි ඇටයට ඇලී ගියේය. කුඔුක් වැනි ගස්වල පිට පොත්ත තැනින් තැන ඉගිලි සුදුව යන්නාක් මෙන් ඇගේ සමේ ද තැනින් තැන දුඔුරුවන් සුදුපුල්ලි නැගි තිබුණි.

ඉංග්‍රිසි ජාතිකයකු ලාංකික වන බද පරිසරයක වෙසෙන අර්ධ වනචාරි දිවිපෙවතක් ඔවුන්ගේ හැගිම් දැනීම් ආකල්පත් සංස්කෘතියත් නිරුපණයට කල උත්සහය සාර්ථක බව පෙන්වා දිය හැකිය. මෙහි ප්‍රබල ධ්වනිථාර්ත අන්තර්ගත වේ. නවකතාවේ රසයට එය සෘජුව ම බලපායි. එය සිලිදු බබුන්ට පුංචිමැනිකා නොගැලපෙන බව ප්‍රකාශ කලේ මෙලෙසිනි.

වනේ ඉන්න කොටි ගමේ ඉන්න ගම් බැල්ලියෝත් එක්ක එකතු වෙනවා ද?

බැද්දේගම නවකතාව කියවීමේ දි යොදාගත හැකි භාෂාව සරල වුයේ රචකයා තුල වූ භාෂෘ පරිච්ජේදයයි. ඒ.පි.ගුණරත්නයන් සිංහල ශබ්දකෝෂය කටයුතු කිරිමද භාෂා සරල වීමට මහගු සේ දායක විය. සිලිදු හා පුංචිමැනිකා අතර සිදුවන බබුන්ගේ විවාහ යෝජනාව සංවාදය ග්‍රාමීය ජන වහර පාදක කොටගෙන ඉදිරිපත් කර ඇත.

කොටි නෑම්බියෝ හැමදාම අප්පොච්චිගේ ගුහාවේ තුරුලුවෙලා ඉන්නේ නෑ කොටි නාම්බෝ අඩනකොට අප්පොච්චිගේ ගුහාව අත්හැර ඌත් එක්ක වෙන ගුහාවක් හොයා ගෙන යනවා. ඒත් මහ කොටියව එහෙම පිටින් ම අත ඇරලා යන්නේ නෑ.ඌට කිට්ටුවමයි පදිංචි වෙන්නේ.

මෙම අවස්ථාවේ දි යොදාගෙන ඇති වාග්මාලාව මීට සියවසකට පෙර ග්‍රි ලංකාවේ ගැමි ජනවහර නිතර යෙදුණු වාග්මාලාවක් බව පැහැදිලි ය.

මුවැත්තිට හැමදා ම රංචුවේ ඉන්ඩ ලැබෙන්නේ නැහැ. මුව නාම්බෙකුගේ හඩගෑම ඇහුණම ඈ ඌත් එක්ක එකතු වෙලා කැලෑ වදිනවා.”

නවකතාව රචනෙය් දි බොහෝ අවස්ථාවල යොදාගෙන ඇති වාග්මලා වලට ගිතමය භාෂාවක් ඇතිබව පෙනේ. එය කතාවට මනා අපූර්ත්වයක් ලබා දේ.

ආරච්චිල, මහේස්ත්‍රාත්තුමා, රටේ රාල, ප්‍රනාන්දු මුදලාලි වැනි උගත් ධනවත් චරිතයන් පණ පෙවීමේ දි ඊට ආවේනික උගතුන් භාවිත කරන භාෂාවකුත් සිලිදු හින්නිහාමි වැනි දිලිදු නූගත් චරිත පණ පෙවිමේ දි යොදාගෙන ඇත්තේ ඊට ආවේනික වාග්මාලාවකි. නවකතා තුල එවැනි බෙදීම් ඇතිකිරිම් හරහා නවකතාවේ රසයත් එකල සමාජ කුමය පිලිබද යම්කිසි දැනුමක් ලබා ගැනිමටත් රචකයාගේ මෙම උත්සහය ඉතා අගනේ ය. මෙසේ චරිත වෙන්කොට හැදින්වීම නිසා කතාවේ නිර්මාණත්මකභාවය වැඩි වේ.

පටිටියේ ඉපදිලා හැදුණු මී හරකෙක් කැලේ ගැන මොනවා ද දන්නේ? නැත්තම් කැලේ උපන්න කුළු මී හරකෙක් කුඹුරු වැඩ ගැන මොනව ද දන්නේ?

කතාව නිර්මාණෙය් දි භාෂාව අලංකාරයත් භාෂාව භාවිතයත් අර්ථපූර්ණ කිරිම සදහා භාවිත කර ඇති උපමා ඉතා අගනේ ය.ආරම්භය සිට අවසානයේ අපට හමුවන උපමා වලින් කිහිපයකි.

මහ මුහුදක් සේ පෙනුණ ගම වටා පිහිටි වන රොද නිසා.”

දුඹුරු නිල්වන් කොළ කැටිය මතුයෙහි වැටුණු අදුරු පැල්ලම් සේ.”

අනවතරයෙන් හමන කුරිරු සුළග නැමැති දළ රළ පෙළින් යුතු මහා සමුද්‍රයක් සේ.”

කොළ නැති ගසින් විශාල මකුළුවෙකුගේ අඩු බඩු සෙයින් විහිදි ගිය රිකිලි.”

දිවියකුගේ මෙන් රෞද්‍රභාවය හා වලසකුගේ මෙන් හදිසි කෝපය ද මේ ගම්මුන් තුළ දක්නට ලැබේ.”

මී හරකා මඩ වගුරට ආසා කරන්නාක් මෙන් දිවියා කදු අතර ගුහාවට ප්‍රිය කරන්නාක් මෙන්.”

මී මැසි හඩ වැනි කටහඩින් ගැයුණු නැළවිලි ගී ද ඈ කීවා ය.

බලු පැටවකු තම ස්වාමියාට ආදරය කරන්නට පුරුදු වන්නාක් මෙන් ඔවුන් දෙදෙනා තම පියාට අන්ධානුකරණයෙන් ආදරය කරන්න ට පුරුදු වීම.

මුව පැටවකුගේ සමට හිරු එළිය වැටුණ විට ඔප වැටී බබළන්නාක් මෙන්.”

රන් මාලිගයක ඉදුනිල් මුවා සී මැදුර කවුළුවත් වැන්න.

ඒ අතර කරද මල් මෙන් සුදට දිලිසුණු දතුන් ඈට පෙනේ.

දිය පිට තැනින් තැන පිපිණු රතු නෙළුම් මල් තරු මෙන් බැබළිණ.”

උගුලට අසු නොවී යන්ට තැන් කරන වන සතකු මෙන් ඈ පුංචිරාල අතට අසුවීමේ අදහසට විරුද්ධව සටන් කළා ය.

කුනාටුවකට අහුවෙච්ච පුළුන් රොදක් වගේ.

නිරිත දිග සුළගට ඇඹරවී ඇටුවන් බැහි ගිය ගහක් මෙන්.”

කර්ලිනාහාමි අවට ගස් මැරි යන්නාක් මෙන් නිකම්ම මැරි ගියා ය.

උපමා භාවිතයේ දි අර්ථපූර්ණය, බස පූර්ණය, කතා රසයට අගනා පෙලබීමක් ඇති කරයි. ඉන් පැහැදිලි වන්නේ ලේඛකයාගේ භාෂා කෞෂල්‍යයයි. එලෙස කෙටි වැකි හා යෙදුම් යෙදීම නිසා පාඨකයාට එ් සිද්දි මෙන්ම චරිත හදුනාගැනීමේ පහසුවක් ඇකි වේ.

කතාව කතන්දරයක ස්වාභාවයෙන් ඉදිරිපත් කිරීම නිසා කතා රසය මනා ලෙස ඉස්මතු වී පෙනේ.

මිනිස්සු ගම අත ඇරලා ගියා. යක්කු තවම නටනව. හේන් අස්වැන්න හොදටම නරක් වුණා. අවුරුද්දක් ගාණේ ම උණ ගැනේන්ඩ උනා. මේ ගමටත් දැන් වෙලා කියෙන්නේ ඒකයි. ඉසිසර වගේ දැන් වෙදරාරගාගේ බේත් ගත්තේ නෑ. මිනිස්සු ඉස්පිරිතාලවලට ගිහින් රට බේත් ගන්නව. ඒවායින් මිනිස්සු ඉක්මනට මැරෙනවා. ඉස්සර ගම් තිබුණු දැන් ගසුයි යක්කුයි විතරයි. වෙදරාළ කී ය.

ඉහත පැහැදලි කිරිම් අනුව අප සාමාන්‍ය ජිවිතයේ කතා කරන ආකාරය කතාවට උචිත ස්ථාන වලදි යොදාගෙන තිබිම හේතුවෙන් කතාවේ රසය පාඨක සිත්තුල ජනිත කරවයි. ඉන් කතාව කියවිමේ රුචිය වැඩි වේ.

බැද්දේගම කැලයෙන් වට වු ගමකි. එහි ජිවත් වන මිනිසුන් ප්‍රාථමික තලයේ අවශ්‍යතා වලින් හෙබි පිරිසකි. එහි දි කතාවේ පුරාවට ගැමි වචන හා යෙදුම් භාවිත කර තිබීම කතාවේ රසය ආරම්භයේ සිට අවසානය දක්වා රදාපැවැතිමට හේතු වේ. සාමාන්‍යයන් ග්‍රාමීය ව නිතර භාවිත වන වාග් මාලාවන් කතාවේ බොහෝ ස්ථාන වල දැකගත හැකිය. මෙම යෙදුම් වල ඇති ග්‍රාමීය බව හොදින් පැහැදිලි වේ.

උඹ ගිහින් අයියත් එක්ක මකබෑවෙයන්. අර පිස්සා, වැද්දා, කටවහකාරයා, අනුන්ගේ ළමයි වද කරන කුණු බොකු බඩ වැල් කන ගැත්තර අම්මණ්ඩි, පලයන්, ඇස්වහ කාරයා ළගට පර බැල්ලි, අයියෝ! අයියෝ! මගේ පුතා පොඩි සඤ්ඤො. මම මළ වුන්ගේ අම්ම කෙනෙක් විතරයි.මැරිච්ච ළමයි හය දෙනෙකුගේ අම්මා මේ පපුවේ හැටි, කිරි පොදක් නෑ....

බබේහාමි ආරචිචිල සිලිදු සමග තුවක්තුවට බලපත්‍රයක් ලබා ගැනීම සදහා ආරච්චිල සමග යෙදෙන සංවාදය ඊට තවත් එක් නිදසුනකි.

පණම් දෙකක්! ගිය අවුරැද්දේ මේ කාලේ පොල් ගෙඩියක් කීය ද? පණමයි. කඩ විදියේ දි මට හම්බ උනා කෝරලේ මහත්තයා එයා මහා අමාරුකාරයා. උන්නැහේ මට කතා කරලා ඇහුවා ඒජන්ත හාමුදුරුවනගෙන් ලයිසොන් නොගත්තු තුවක්කු උඹේ වැයික්කියේ තියෙනවා නේද? කියලා මම කිව්වා එහෙම තියෙනවනම් රාළහාමි මගේ වරදක් යැ කියා. එතකොට උන්නැහේ කියනවා ඒජන්ත හාමුදුරුවෝ අණඥාවක් එවලා තියෙනවලු ලැයිසොන් නැති එක තුවක්කුවක් ගමක තිබිලා අහු වුනොත් ආරච්චිලත් කෝරලේ මහත්තයත් අමාරුවේ වැටෙයි කියා......

තව ද අමතර ව නවකතාවේ සන්දර්භය ගත් විට දිලින්දන් වැඩි ප්‍රමාණයක් ජිවත් වන ග්‍රාමයක් බව හදුනාගත හැකිය. ඒ් දිලිදු කම නිසාම ඔවුන්ගේ අසරණකම කියාපෑම ආරච්චිල ඉදිරියෙත් වැනි ධන බලය නිල බලය ඇත්ත වුන් සමග යෙදෙන සංවාද වලින් හොදින් ඉස්මතු වේ. ඊට එක් නිදසුනක් ලෙස ප්‍රනාන්දු මුදලාලි ඉදිරියේ පුංචිමැනිකා සිදුකරන ප්‍රකාශයක් පහත දැක්වේ.

මොනවා කියන්ඩ ද අයියා, මට ඒක කරන්ඩ බෑ. එහෙම එකක් අපට වෙන්ඩ තියෙනවනම් වෙච්චාවයි. කවදත් මේ ගෙදරට මේ කැලෙන් අපල කඩාවැටෙනවා කියා අප්පොච්චි හැමදාම කියන්නේ. ඉස්සර වෙලාම කන්ඩ නැතුව ගියා. ඊට පස්සේ අප්පොච්චිට යකා වැහුනා. ඊට පස්සේ නංගිටයි එයාගේ ළමයටයි තවත් අපල.ළමයි මලා මිනිස්සු පුංචප්පුව මැරුවා,නංගිවත් මැරුවා.දැන් තවත් අපල. තවත් නස්පැත්තියක්. මොනවා කරන්ඩ ද?

පාඨකයා තුල සංකල්ප රූප,චිත්ත රූප, වාග් චිත්‍ර, සිතිවිලි රූප මවන භාෂාවක් ද බැද්දේගම තුල දක්නට ලැබේ. ඉදිරිපත් කරන විස්තරය අනුව ඒ පිළිබද ව සංකල්ප රූප මවන අවස්ථාවක් වන්නේ ගමේ ශක්තිමත් නිවස ලෙස පැවැති ආරචිචි ගෙදර අවුරුදු තුනක් වන විට කැඩිබිදි පොළොවට සමතලා වන ආකාරය දක්වන අවස්ථාවයි.

බිත්ති තැනින් තැන මැටි ඇද වැටෙමින් වරිච්චි කෝටු තෙත් සුළගට අසු වීම නිසා එහි මුල් ඇද දළු ලියලා රිකිලි දා වැඩෙන්නට වන කුරුල්ලන් ගෙනුවත් දැමුවා වුද සුළගින් ගසාගෙන ආවා වූද ඇට නිසා ගෙහි වහලේ උළු අතර ලොකු කුඩා පදුරු හැදෙන්නට පටන් ගනි. ලොකු දළුක් පදුරක් වහල මත වැටි උව එහා මෙහා කරමින් මුල් ඇදුණේය.......

තුන්වන වැස්ස අවසානයේ දි මුළු වත්තේද ගෙයිත් කැළයෙත් වෙනසක් නොපෑය. යනුවෙන් මේ දක්වන අවස්ථාව තුලින් ආරච්චි ගෙදර ක්‍රමයෙන් කඩා වැටි බැද්ද විසින් ඉඩම ගිල ගත් ආකාරය දක්වන්නේ ඒ පිලිබද සංකල්ප රූප මවන භාෂාවක් ඇසුරු කොටගෙන ය.

බැද්දේගම නවකතාවේ කතාන්දර සජීවි බවට පත්කරමින් නාට්‍යනු සාරයෙන් භාෂාව භාවිත කළ අවස්ථාව හදුනාගැනීමට තිබේ.පුංචිමැනිකා හා හිරපල්ලා අතර මෙම සංවාධය ඉදිරිපත් වන්නේ මෙසේය.

නුඹ මොකද මෙතැන?

මගේ මිනිහා බලන්ට ආවා අයියා. එයා මාස 06කට හිරගෙදරට එව්වා

මොකක්ද එයාගේ නම? කොහෙද ගම

එයාගේ ගම බැද්දේගම

නම

කොහොමද ල එයාගේ නම කියන්නේ අයියා

ඇයි මෝඩියේ ඒ මිනිහට කියාපු නම

එයාට කිව්වේ බඹුන්

යනුවෙන් චරිත එකිනෙක සම්මුඛ කරගෙන සංවාදශිලි භාෂාවක් උපයෝගි කරගනිමිනි.

කතාවේ භාෂා භාවිතය ගත්විට ආරම්භයේ සිට අවසානය දක්වා ගත්විට යොදාගෙන ඇති සරල වූත් අවස්ථානුකූල ව ගැඹුරු තේරුම්ගත හැකිය.භාෂා භාවිතයත් ඒ.පි.ගුණරත්නයන් භාවිත කර ඇත. හුදෙක් ඉංග්‍රිසි කෘතියේ පදානුගත පරිවර්තනයකට වඩා බැද්දේගම වනාහි හුදු අනුවාදනයකි. නවකතාවේ ඉංග්‍රිසි භාෂාවේ සංවේදි නොවෙන සිංහල වචන වලින් සංවේදි කිරිමට උත්සහ දරා ඇත. එහෙයින් බැද්දේගම බොහෝ විට ඒ.පි.ගුණරත්නයන්ගේ ස්වත්‍රන්ත්‍රභාවය භාෂාව තුලින් නිරුපණය වන බව දැකිය හැක.


06.                  බැද්දේගම ගම්වාසීන් තුළ තිබු අනේක විධි ඇදහිලි විශ්වාස නවකතාව පුරා ම විසිරි ඇති එම අන්ධ විශ්වාස ඔවුන්ගේ ජිවිත ගිලගෙන ඇති අකාරය

බැද්දේගම නවකතාවේ ආරම්භය සිට අවසානය දක්වා මීට සියවසකට පෙර ලංකාවේ පැවැති විවිධ ඇදහිලි හා අන්ධ විශ්වාසයන් පිළිබද බොහෝ සෙයින් දක්වා ඇත. අතීත ගැමියා තුල තිබු නූගත්කම නිසාම මනස ප්‍රායෝගික ව දැකගත හැකිය හා යථාර්ථයට මුහුණ දීමටත් එය අවබෝධකර ගැනීමටත් ඔහු කිසිවිටෙකත් උත්සහ දැරුවේ නැත. එයින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ නූගත්කම නිසාම වනයේ පිපි මලක් සේම පරවි යන්නාක් මෙන් ආර්ථික වශයෙන් ගැහැට විදි ජනයා විවිධ ඇදහිලි නිසා ඔවුන්ගේ ජිවිතය තව දුරටත් අගාධයට ඇද වැටීම කතාව අවසානය දක්වා පෙන්වා දී ඇත.

විශේෂයෙන් සිලිදු හට යක්ෂ දිෂ්ටියක් වැටීම යන කාරණාව ගත්විට ඔහුගේ ජිවිතය විනාශ මුඛයට ලංවීම තරම් එම ඇදහිලි විශ්වාසයන් සමග ඔහුට සිදුවිණ. තමාට විපතක් සිදු වූ විට කවුරුන් හෝ හදිහූනියම් කිරිම හෝ ඇස්වහ කටවහ දෝෂයකින් තමාට මෙවැනි විපත් පැමිණෙන බව ඔවුන් විශ්වාස කරති. කතාවේ එක් ස්ථානයක අංගෝහාමි තම දරුවන්ගේ මරණවලට හේතුව සිලිදු ගේ පවුල බවත්ද සිලිදු දඩවම් කිරිම සදහා මුළු ග්‍රාමයටම අපල ගෙනෙන බව විශ්වාස කරයි. එහෙත් යථාර්ථය එය නොවේ. සිලිදු කිසිවිටෙකත් ගමටවත් කරදරයක් කරන අයකු නොවේ. එහෙත් ගම්මුන් ඔහුට වෛර කරයි.

මම වැදුවා ළමයි හය දෙනෙක්, අන්තිම එකා මළේ මේ ඊයේ. උදේ යසට හිටියා. දොරකඩින් යනකොට වූ දැකලා සිලිදු ඇස්වහ ගත්ත.හැන්දෑවේ මළා. උන්ගේ ළමයිි හදන්ඩ අපේ ළමයි මරාදානවා උන්.

පෙරත් දැක්වු ආකාරයට පුංචිරාල හින්නිහාමි ලබාගැනීමේ අරමුණින් සිලිදු හමුවට පැමිණ විවාහ යෝජනාව සිදුකරමින් අනතුරුව එයට සිලිදු තරයේම විරුද්ධි වීම මත පුංචිරාල විසින් සිලිදු ව බිය වද්දවයි. ඉන් සිලිදු ක්‍රමයෙන් රෝගියකු බවට පත් වේ. ඊට හේතුව වශයෙන් පුංචිරාල ඔහුගේ සහෝදරයාව කැලේ තිබු ඖෂධ වගයක් එකතු කොට ලබා දි මැරුවා යැයි යන ප්‍රවෘත්තිය ග්‍රාමයේ ප්‍රසිද්ධ රහසකි. තවද පුංචිරාල කට්ටඩියෙකි, වෙදෙකි. ඔහුගේ පියා යකුන් බැද වැඩගත්තා යැයි යන මතය ද ගමේ පවතියි. සිිලිදු බිය වූයේ ඔහුට ද යක්ෂ දිෂ්ටියක් වැනි දෙයක් පුංචිරාල විසින් සිදුකරා යැයි අදහස සිත තුල තිබු නිසාවෙනි. සිලිදු අත්භූත දේ භක්තියෙන් පිලිගනි. එහෙත් එහි ප්‍රතිවිපාකය නම් සිලිදු ගේ ජිවිතය එවැනි විශ්වාසයන් නිසා ගිලගනි. ඔහුට පුංචිරාල විසින් සිදුකල ප්‍රකාශයක් පහත දැක්වේ. ඉන් ඔවුන්ගේ විශ්වාස හා ඇදහිලි පිලිබද මනා ලෙස ඔප්පු වේ.

අප්පොච්චි ගාව තිබුනා යකුන් බැද ලෙන වැඩ ගන්නා මන්තරයක්. මේ මන්තරේ එයා ඉගෙන ගත්තේ බොහොම ඉස්සර අල්ලපු ගමේ පදිංචි වෙලා හිටපු ටිකිරිබණ්ඩා කියන සිංහලේ මිනිහෙකු ගෙන්. ටිකිරිබණ්ඩාට ඕනෑ කළා ඒ ගමේ ආරච්චිලගේ දුව හිර ගන්ඩ. ඒත් ආරච්චිල විරුද්ධ උණා. ටිකිරිබණ්ඩාට ඒකට කේන්ති ගිහින් නුග ගහේ හිටපු යකෙක් අල්ලා ගත්තා. මන්තරේකින් ඒ යකා නාගයෙක් අල්ලා හැන්දෑවේ කරුවලේ ආරච්චිල එතනින් යන කොට පිටට දැම්ම. එදා සිට මැරෙන තුරු ආරච්චල කුදු වෙලයි හිටියේ.

ඉහත කාරණය තුල සිලිදු වඩාත් බිය විය.පුංචිරාල ඔහුට කොඩිවිණයක් කරති යැයි සෑම විටම සිතිය. ඔහුගේ මානසිකත්වය සහමුළුන් ම විකෘති විය. ඔහුට මරණය ලගා වී ඇතැයි හෝ විනාශය සිදුවේ. යැයි නිතර නිතර සිතිය විකෘති මනසින් නිදහස සොයා වනගත වේ. වනයේ ඇති ගුප්තභාවය හේතුවෙන් ඔහු වනයට බිය වීම හේතුවෙන් ඔහුව තව තවත් පීඩාවට පත්විය. වනයේ දි ඔහුට විවිධාකාර විකාර මැවි පෙනේ. ඔහු වනයේ දුවන්ට පටන් ගනි. ගස්මුල් වල වැදීමත් අතු රිකිලි වලින් පහර වැදීමත් සිදුවිය. තමා පසුපස අවතාරයක් හඹා එන්නාක් මෙන් දැනීම අවසානයේ ඔහු වනය තුලම ඇද වැටේ. ඔහුගේ බිය මනස හා සම්බන්ධ වී ඔහු ව රෝගින් බවට පත් කිරිමට ඔවුන්ගේ ඇදහිලි හා විශ්වාස බලාත්මක විය.

ඔහුව සනීප කරගැනීම සදහා කර්ලිනා වෙදරාල හමුවීමට ගිය අවස්ථාවේ ඇයගේ මුවින් පිට වු වාගාලාපය ගත් විට ඔවුන්ගේ අන්ද විශ්වාසයන් මනා ලෙස වටහාගත හැකිය.

වෙදරාළ, උඹ ම නේ අපට කිවේ මන්තරත් ජීවමුත් ගැන. උඹේ හපන් කම නවුරුත් දන්නවා.මගේ අයියට දිෂ්ටි ලා ගෙන ඉන්නේ යකා එළවලා දාපන්.අයියා උඹට වරදක් කරන්ඩ අදහස් කලේ නෑ.එයා අමුතු මිනිහෙක්.උඹ දන්නයා නේ වෙදරාළ,ළමයා උඹට හම්බ වෙයි.මං බලාගන්නම් ඒ හරිය.මේ ජීවම විතරක් අහක් කරපං.

ඉහත අවස්ථාවේ ඈ බැගැපත් ව ඉල්ලිම් කරන්නේ තම සහෝදරයා සුවකර දෙනලෙසටයි. එම ඉල්ලිම ඇත්තේ තැතිගත් බියකි. ඒ ඔහු කට්ටඩියෙක් වන නිසා එවැනි දේවල් ගැන දැඩි සේ විශ්වාස කරන ලෙසය. එම යක්ෂාරූඩයෙන් සිලිදු මුදවා ගැනීම සදහා ඉතා දුෂ්කර ගමන් මාර්ගයක බෙරගම දේවාලයට යන ලෙසටත් ගොස් දෙවියන්ට කන්නලව් කරන ලෙස පවතියි. පුංචිරාල වෙදදුරා මොවුන් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් වලට බිය බව දැන ඔවුන් ව තව තවත් කරදරයට පත්කරයි. බෙරගම දේවාලයේ වතාවත් කල ද සුව නොවු නිසාය. නැවතත් පුංචිරාලව විසින් ඉන්දියානු පූජයකු සිටින බවත් ඔහු හමා බලවත් බවත් පවසා කර්ලින්හාමි ඇතුළු පිරිස එම පුජකයා ද හමු වු පසු ඔහු සියල්ල ඇසින් දුටුවා සේ පැවසු අතර අවසානයේ ඹහු ද මොවුන් ව නොමග යවා පුංචිමැනිකා ලබා දෙන ලෙසට පවසන ලදි.

දින කිහිපයකට පසු පුංචිරාල හා හින්නිහාමි නිවසට පැමිණ හින්නිහාමි විසින් පුංචිරාලට යකින්නක මෙන් බැන වැද එම අවස්ථාවේ පුංචිරාල ඉතාබිය වි ඈය සිලිදු සමග යාමට ඉඩ දි බලා සිටි. ඉන් සිදු වු ලැජ්ජාව නසා ගැනීමට පුංචිරාල විසින් ගම්මුන්ට තවත් මුසාවක් පවසා අන්ද විශ්වාසයන් තව දුරටත් ඔවුන්ගේ සිත්තුල විය.

ඈ අමුනුස්ස ගැහැනියක්. ඈ යස්සනියක්. මට ඔය යක්ෂයන් භූතයන් ගැන ටිකක් තේරෙනවා. මං මගේ ගෙදරට ඈ කැදවාගෙන ආවා. කෝ මං ඈ කියා ගත්තා ද? මං ඈව වහාම එළවා දැම්මා. මට ඕනෑ කලේ නෑ යක්ෂණියක් මගේ ගෙදර තියාගෙන යක්ස දෝස ඇති කරවා ගන්ඩ. ඈ මට තරවටු කරපු හැටියට මං බේරිලා හිටියේ මගේ මන්තර බලෙන්. ඈ යක්ෂනියක් බව ඈ කටින් ම කියනවා. අම්මා අහගෙනයි. එච්චර යැ තව මේ මුවෙක්. උන්නමි කියන්නේ ඌ කැලෙන් ඇරගෙන ආවයි. කියා එදා රෑ ඈ වැදු පුතා නොවෙයි? මුවා? යක්ෂණියෝ වදන්නේ නැද්ද? යක්ෂ පැටවු. ගම්බද ගෑනු මුවන්ට තනෙන් කිරි දෙනවා ද? ඇත්තමයි මේ යක්ෂණායගෙන් උපන් යක්ෂයා. ඌ උපන්නයින් පස්සේ මේ ගමට හොදක් උනා ද......?

ඉහත උදාහරණයට අනුව ගම්මුන්ට හින්නිහාමි යක්ෂනියක් යැයි පවසා ඇය මුවෙක්ට තමන්ගේ තනයෙන් කිරි දෙන බව ද පවසා ගම්මුන්ව බිය වද්දවා එහි අවසාන ප්‍රතිළුලය හින්නිහාමි මුන පැටවත් ගම්මුන් විසින් පහර දී මරා දැමිමයි.

ඒ සියල්ල සලකා බැලිමේ දි බැද්දේගම ගමෙහි මිනිසුන් සියල්ලක් පාහේ මෙම අත්භූත ඇදහිලි විශ්වාස කර අන්ධ භක්තිකයන් මෙන් ඔවුන්ගේ ජිවිත විනාශයෙන් විනාශයට පත්විය. ඊට හොදම නිදසුන සිලිදුට හා හින්නිහාමිට සිදු වු විපත දැක්විය හැක. එකල එනම් දැනට සියවසකට පෙර කාලයේ ජීවත් වු මිනිසුන් මේ ආකාරයෙන් අන්ධ විශ්වාසයන් හා ඇදහිලි විසින් ඔවුන් ව ගිලගෙන තිබු බව පැහැදිලි ය.


07.                  ධනවත් පන්තිය විසින් නිර්ධන පන්තිය පහත් කොට සැලකීම මෙන් ම ප්‍රබලයින් දුබලයින් පාගා දැමිමේ ක්‍රමවේදය බැද්දේගම තුලින්

මෙම නවකතාව අතිශයින්ම පන්ති දෙකක් කැපි පෙනෙන ආකාරය හා එම පන්ති දෙකේ යථාර්තය පිලිබිඹු තර ඇති බව කතාව කියවීමේ දි හොදින් ඉස්මතු වී පෙනේ. බබේහාමි ආරචිචිල, පුංචිරාල, ප්‍රනාන්දු මුදලාලි, නඩුකාරඋන්නාන්සේත්, රටේරාල, නැංචෝහාමි, බබුන් යන චරිත ප්‍රබල, කුලවත්, ධනවත් චරිත ලෙසත් සිලිදු, පුංචිමැනිකා, කර්ලිනාහාමි යන අය දුබල, දුප්පත් චරිත ලෙසත් පාඨකයාට පෙන්වා දී ඇත.

විශේෂයෙන් සිලිදු ගේ තුවක්කුව බලපත්‍ර නොමැති වීම ඉහලින් ආ නියෝගයක් නිසා ආරච්චිල විසින් සිලිදුගේ තුවක්කුවත් බලපත්‍රයත් ගන්නා ලෙස පවසයි. එම අවස්ථාවේ සිලිදු තුල ඇතිවන මානසික ව්‍යාකූලත්වය බලවතා හා දුබලයා අතර පවතින පරතරය බෙහෙවින් කියාපායි. තව ද බබුන් හට අරච්චිල ලබා දී තිබු හේන බබුන්ගෙන් හේතු නොදන්වා ආරචිචිලගේ අභිමතය පරිදි බබුන්ගේ ඉඩම පවරා ගනි. ආරචිචිල විසින් බබාසිංඥා යන ඔහුගේ තවත් ලග නෑයකුට ලබා දේ. එය පහත උදාහරණයෙන් විස්තර වේ.

තමා වට කරන්නට ගොතන දැල ගැන බබුන් හා සිලිදු ද වැඩි දවසක් නොගිහින් ම දැන ගත්හ.ඒ මොවුන් දෙදෙනා එකතුව හේනක වැඩ නරන්ඩ ආරම්භ කොට තිබුණ සමයකි. මුලෑදෑනියාගේ ගෙදර කතාව ඇති වී දෙ දවසකට පසු බබේහාමිගේ තවත් ළග නෑයෙකු වන බබාසිඤ්ඤා තමන් වැඩ කරන්නට ආරම්භ කළ හේන වැඩ කරන්නට හේතුව කුමක්දැයි විමසීමට බබුන් මුලාදෑනියා ළගට ගියේ ය. මුලෑදැනියා ඇති ව තිබෙන තතු නොවළහා බබුන්ට විස්තර කර දුන්නේ ය. බබුන්ටත් සිලිදුටත් මෙවර හේන් ලයිසොන් දිය නො හැකි ය. සුදුසු අයවලුන්ට පමණක් ලැයිසොන් දීමට ය ආණ්ඩුවේ රෙගුලාසිය තිබෙන්නේ. සිලිදුත් බබුනුත් සුදුසු අයවලුන් නො වන නිසා හේන් ලැයිසොන් දෙන්ට බැරි යයි ඔහු කී ය. විස්මයෙන් අභිභූත වු බබුන් ආපසු ගෙදර ආවේ ය. මුළාදෑනි තැනගේ මේ ක්‍රියාවට හේතු වු කාරණය ප්‍රනාන්දු යයි ඔහු සිතී ය.

ඉහත උදාහරණයට අනුව බැද්දේගම නවකතාවේ දුබලයා පාගා දමමින් ප්‍රබලයා ආධිපත්‍ය පැතිරයවීම ය. එය අතිතයේ බෙහෙවින් දක්නට ලැබුණු බේදයකි. වර්තමානය වන විටත් යම්තාක් දුරට එම බෙදීම දක්නට ලැබේ. ලෙනාඩ් වුල්ෆ් නම් කතුවරයා විසින් ශ්‍රිි ලංකාවේ එම පන්ති භේදය ඉතා යතාර්ථවාදිව විදහා සන්වා ඇත. ඔහු ශ්‍රි ලාංකිකයකු නොවුව ද මෙරට එම පන්ති භේදය හොදින අවබෝධකර ගෙන ඇත.

බබේහාමි ආරචිචිල යනු තම ක්‍රෝධය ක්‍රමයෙන් පිටකරන අයෙකි. ඔහු ඉවසිලිවන්ත ව පලිගන්නා අයෙකි. සිලිදු ගේ බිරිද වන්නේ ආරචිචිලගේ සොයුරියයි. දරු දෙදෙනා ලැබිමේ ප්‍රතිළුලයක් මත සිලිදුගෙන් පහරකා ඇය මිය යාමේ වෛරය කාලානූරූපිව පිටකරන ආකාරය කතාව අවසානය දක්වා ගලා යයි. බබේහාමි ප්‍රබලයෙකි. ගමේ ආරච්චිල වූ පසු ඔහු නිතිය අවනීතිය කිරිමත්, අවනීතිය නිතිය කිරිමෙත්, දක්ෂයෙකි. ප්‍රනාන්දු මුදලාලි හා ආරච්චිල එකතුව බබුන් ව හා සිලිදු ව හොරකමට පැටලීමට ඊට එක් උදාහරණයකි.

කලබලයක් තැති ගැන්මක් ඔහු තුළ ඇති බවක් නො පෙනිණි. මේ කියන දින රාත්‍රියේ ඔහු මුත්‍රා කරන්නට එළියට ගිය සැටිත් ශබ්දයක් ඇසී බැලු විට බබුන් මුළාදෑනියාගේ ගෙදර මිදුලේ සිට යම් කිසිවක් ඔසවාගෙන කැලය දෙසට දුවනවා දුටු හැටිත් කී ය.

ප්‍රනාන්දු මුදලාලි හා ආරච්චලත් එකතුව  සිලිදු ටත් බබුන් ටත් නඩු දැමීම සිලිදු නිදහස් වුවද බබුන් මාස 06 කට සිරගත විය. එම අවස්ථාවේ දි ද නඩුව අධිකරණයේ සලකා බලන විට ආරච්චිලත් ප්‍රනාන්දු මුදලාලි ඔවුන්ගේ දැනුමෙන් ප්‍රයෝජන ගැනීම හා සිලිදුන් බබුනුත් අධිකරණයේ පවසනුයේ කුමක් ද කියා නොදැන සිදුවන අවස්ථාව තුල ප්‍රබලයින්ගේ හා දුබලයින්ගේ හැකියාව මැනවින් කියාපායි. බබේහාමි ආරචිචිල බොරු පැමිණිල්ල කිසිවක් නොදත් බබුන් හා සිලිදු සිදුවීිමට යන දේ පිලිබද අවිනිශ්චිතාවයෙන් යුතුව බලා සිටියේ ය.

මීට දවස් හතරකට ඉස්සරින් දා උදේ මං අවදිවෙන කොට අපේ හාමිනේ නැගිටලා එළියට ගිහින් ඒ එක්කම වගේ මට ඇහුණා එයා කෑ ගානවා අයියෝ! කවුදෝ ඊයේ රෑ අපේ ගේ බිදලා කියලා. මං හනිකට දුවලා බලාපුවාහම ගෙයි බස්නාහිර පැත්තේ බිත්තියේ ලොකු හිලක් තියෙනවා දැක්කා. හිල මිනිහෙකුට රිංගා යන්ඩ පුළුවන් තරම් මහතයි.....

අවසානයේ නොකළ හොරකමක් නිසා බබුන්ගේ ජිවිතය සිරගෙයට ම සින්න වේ. ඔහු ඒ තුල මිය යාවි. තව ද හින්නිහාමිට පුංචිරාලගෙන් සිදු වූ පිඩාව ද ගත්කල ප්‍රබලයන් හමුවේ දුබලයන් අසරණ විම සනාථ වේ. එනම් හින්නිහාමි යන්තමින් ළදැරියක් වන විට බැල්ම හෙලා පුංචිරාල වෙදරාල ඇය ගේ ළමා කාලය වැඩි බලපෑමක් ඇති කරයි. ඔහු ඔහුගේ බලය කියාපාන්නේ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් වල ප්‍රබලත්වය ගම්මුන්ට කියාපායි. ඔහුගේ සොහොයුරා ද ඔහුගේ බලයෙන් ගැලවීමට හැකියාවක් නොවු බව පවසයි. එම බිය ගම්මුන් අතර ඇත්තා සේම හින්නිහාමි තුල ද දැඩි සේ පැලපදියම් වී තිබේ.

එතකොට උඹ ඈව දෙන්නේ නැහැ. මතක තියාගනින් අපෙ අප්පොච්චිගේ ගුරුන්නාන්සේ සිංහල මිනිහ.මතක තියා ගනින් බෝගල ආරච්චිට වෙච්ච දේ.නුග ගහයට තවමත් යක්කු නටක වග

ඉහත කාරණා සියල්ල සලකා බැලිමේ දි ප්‍රබලයින් හා දුබලයින් අතර ඇති ඝට්ටනය ඉතා සියුම් ලෙසත් ගැඹුරින් ලෙනාඩ් වුල්ෆ් නම් අතිවිශිෂ්ඨ ගත්කරුවා විසින් රචනා කොට ඇත. ඔහුගේ එම හැකියාව සහ ලංකාවේ ජිවත් වන කාලයේ ලද අත්දැකීම් ද කැටිකොට THE VILLAGE IN THE JUNGLE නවකතාව රචනා කර ඇත.

ඔහුගේ එම නවකතාව අනුවාදනය ඒ.පි.ගුණරත්නයක් විසින් වුල්ෆ් කතුවරයාගේ ඒ අක්දැකීම් සමුදාය එලෙසින් ම සිංහලයට නගා ඇත. ප්‍රබලයින් දුබලයින් ධනවත් කුලවත් නිර්ධන පන්තිභේදය මෙම කෘතිය ඇසුරෙන් විදහා දැක්වීමට උත්සහ දරා ඇත. කතාව කියවීමේ දි එම උත්සහය ඉතා සාර්ථක වී ඇති බව පැහැදිලි වේ. ඉහත බේදයන් අතිතයේ සිට අද දක්වා දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් සමාජීය සංස්තෘතික ආගමික වශයෙන් මෙරට තුල පැවැති හා පවතින අතර ඉන් අප ලැබු අමිහිරි අත්දැකීම් ඉතිහාසයේ කදුලින් ලිය වී ඇත.


08.                  බැද්දේගම නවකතාව රසවත් වීම සදහා එහි එන අවස්ථා හා සිද්ධි නිරුපණයේදි කතුවරයාගේ ප්‍රතිභාව ස්ථුප වන්නේ කෙසේ ද යන්න වග

නවකතාව මුල මැද අග වශයෙන් දිවෙන කතාන්දරයක් වේ. ඒ කතාන්දරය නිර්මාණය කෙරෙන්නේ නවකතාවට අදාළ කරගෙන ඇති චරිත හසුරුවමින් රචකයා මවන අවස්ථා හා සිද්ධි ඇසුරෙනි. එම අවස්ථා හා සිද්ධි එකිනෙක බද්ධ වීමෙන් මුල මැද අග වශයෙන් වූ කතාන්දරය ගොඩනැගුමෙන් ය.

බැද්දේගම නවකතාවෙන් ද මෙකි කතාන්දරයක් දිග හැරීය. එම කතාන්දරය නිර්මාණය කිරිමට රචකයා විසින් මවාපාන අවස්ථා හා සිද්ධි බෙහෙවින් ම ආධාර වේ. අවස්ථාවක් යනු කෙටිකාලීන ව ගොඩනැගෙන කිසියම් සංසිද්ධියකි. අවස්ථා කිහිපයක් එකිනෙකට බැදීමෙන් සිද්ධියක් නිර්මාණය වේ. නවකතාව තුලින් එය මෙසේ පසක් කරගත හැක.

මෙහි නිරුපිත ප්‍රධාන චරිතය වන සිලිදු අර්ධ ශිලාචාරයෙකි. දියණියන්ට ද මහත් සේ ඇලුම් කළ ඔහු අපරාධකරුවකු බවට පත් කරන ලද්දේ  ද මිනිසුන් විසිනි. බබේහාමි ආරච්චිලාගේ අනුදැනුමෙන් ප්‍රනාන්දු මුදලාලි පුංචිමැනිකා රවටා ගැන්මට තැත් කොට එය සාර්ථක නොවු හෙයින් ඇගේ සැමියා වූ බබුන්ව බොරු චෝදනාවකට පටවා සය මසකට සිපිරි ගෙට යැවී ය. එහෙත් සිය පවුල රැක ගැනීම උදෙසා සිලිදු විසින් තබන ලද වෙඩි පහරට ලක් වූ ඔවුන් දෙදෙනාට ම අරමුණු ඉටු කරගැනීමට නොහැකි විය. මේ සිදුවීමෙන් පසු පුංචිමැනිකා ට සැමියා හා පියා යන දෙදෙනාම නැති විය.

පුංචිමැනිකා හා කර්ලිනාහාමිට වේලක් හැර වේලක් කා මාස හයක් ගත කර ගැනීමට තරම් ධාන්‍යයක් වත් ගෙයි ඉතිරි වී නොතිබුණේ ය. තමා ඉදිරියේ මැවි තිබු භායනක අවිනිශ්චිත අදුරු අනාගතය විසින් ඈ නොසන්සුන් බවට පත් කරන ලදි.පුංචිමැනිකා දවසින් වැඩි කාලයක් ගත කලේ මේ බියකරු සිතුවිලි වල පැටලී ගෙයි පිලේ හින්ද නිකට අත තබා ගත් ගමන් ය.

කතුවරයා මෙම අවස්ථාව විස්තර කරන විලාශයෙන් පාඨක හද තුල චිත්ත රූප මැවී යයි.

එළිපත්ත මත හිද කල්පනාවෙන් ගැලි නිකටට අත තබාගෙන කම්පාවෙන් පසු වන තරුණියකගේ සෝචනීය රූපකාය පිළිබද වාග් චිත්‍රයක් මවා ලීමට කතුවරයා සමත් වන්නේ සිය ප්‍රතිභා ගුණය ප්‍රකට කරවමිනි. ඇය රැකබලා ගැනීමට සිටින කරලිනා හාමිගේ වයස අවුරුදු 50 ක් වුවද ඇගේ රූපකාය අවුරුදු අනූවක සීයයක ගැහැනියක සේ නිරුපණය කිරිමට කතුවරයා සමත් වන්නේ ද ඔහු තුල ඇති ප්‍රතිභාව නිසාය. ඇය පිලිබද වර්ණනාවෙන් උපුටාගත් නිදසුනක් මෙසේ දැක්විය හැක.

ඇගේ සම ඇටයට රැලි රැලි ගියේ ය...නිරිත දිග සුළගට බර වි ඇටුවන් වැහි ගිය ගහක් මෙන් ඇගේ ශරීරයේ ද නැමි ඇඹරි තිබුණ. මුහුණ සිහින් ව ගිය පාවලත් සම,ගහක පොත්තක මෙන් ගොරහැඩි ව රැළි වැටි ඇටයට ඇලී ගියේ ය.

මේ අයුරින් කතුවරයා විසින් කරලිනා හාමිගේ අකලට වැහිරි ගිය ශරිරය පිළිබද ව වර්ණනා කරන අපූර්ත්වය නිසා සාගින්නේන ලෙඩෙන් දුකින් තැවුලෙන් මිලින ව ගිය පනස් වියැති ඇය වහලියක සේ පවා පෙන්වීමට සමත් වෙයි. දේශගුණයෙන් කර්කෂ බවින් දුගී භාවයෙන් හා අසරණ කමින් පිරුණු මේ ගම්වාසීන්ගේ සෝචනීය ඉරණම පිළිබද ව පාඨක සිත් සතන් දයානුකම්පාවෙන් පුරවාලීමට ම‍ෙසේ කතුවරයා ප්‍රතිභාව ගුණය ඉවහල් වී ඇති බව පෙනේ.

සිලිදු සිරගත වීම සිද්ධියෙන් පසු පුංචිමැනිකා අන්ත අසරණභාවයට පත්වන්නේ බබුන් ද හිරෙන් නිදහස් වි ඒමට තව කල් තිබුණු නිසා ය. එහිදි කර්ලින්හාමි සමග තනි වු පුංචිමැනිකාට ඔවුන් දෙදෙනාගේ ජිවිත ඉදිරියට තල්ලු කරගෙන යාම පිලිබද ව එනම් ජිවත්විම පිලිබද ව සිද්ධිය බරපතල එකක් විය. ඒ සදහා අවස්ථා කිහිපයකින් පුංචිමැනිකා ඊට මුහුණ දුන් ආකාරය කතුවරයා පෙන්වා දෙන්නේ  මෙසේ ය.

බිස්සේ තිබුණු කුරක්කන් ටික ඉක්මනින් ඉවර වී ගිය හෙයින් කෑ හැකි කොළ වර්ග හා අල වර්ග හා පළතුරු සෙවීමට ද ඈ වනයට ගියා ය.

යනුවෙන් දක්වන අවස්ථාව මෙන් ම පුංචිමැනිකා පිලිබද ව කණගාටුව උපදින තවත් අවස්ථාවක් වන්නේ,

හේන් වාරයට අනුන්ගේ හේන වල බස්තියන් අප්පුගේ බාල අප්පුගේ හා පුංචිරාලගේ හේන්වල පවා ඇය වැඩ කළාය. පින්තකා ඇයට දුන් කුරක්කන් අහුරු කිහිපයකට ඈ බොහෝ වෙහෙස වී වැඩ කලා ය.

සිරගත වී සිටින බබුන් මාස 06ක් ගත වි හිරෙගදරින් නිදහස් වී නොපැමිණිමේ සිද්ධිය හමුවේ. පුංචිමැනිකා ක්‍රියාකාරිවිමේ සිද්ධිය ද නවකතාවේ ප්‍රබල සිදුවීමකි. ඒ සදහා අවස්ථාව බවට පත්වන්නේ මුළින් ම පුංචිමැණිකා ගම්වැසියන්ගෙන් මාස 06ක් ගෙවි යාම පිළිබද ව විමසු අවස්ථාවෙන් ය.

බබුන් හිරේ ගියේ සිංහල අලුත් අවුරුද්දට මාස දෙකකට පෙර යැයි කී කල මාස දෙකක් නොව එක මාසයකට පෙර යැයි අනිකෙක් කීය. මාසෙකට කලින් වෙන්න බැහැ තව නෑ හේන් කැපුවේ වැපුරුවා විතරක් නොවැ නෑ නෑ තුන්මාසෙකට කලින් වෙන්ඩ ඕනෑ

මෙ වැනි බහුකතා සහිග අවස්ථාවෙන් පසුව අද ගියේ තංගල්ලට ගොස් බබුන් පිළිබද ව සිරගෙදරින් ම විමසා දැනගෙන තම හිතේ ඇති සැකය ඉවත් කර ගන්නේ ය යන සිතුවිල්ල පෙරදැරිව ය.

පුංචිමැනිකා තංගල්ලේ හිරගෙදරට යාම සදහා කඹුරුපිටියෙන් හැරි බස්නාහිරට ඇති මාර්ගය දිගේ ගමන් කරන ආකාරය ද සාර්ථක අවස්ථා නිරුපණයක් ලෙස හදුනාගැනිමට පුළුවන. තමා දන්නා අදුනන කිසිවෙකු නැති මේ මාර්ගයේ ඈ ගමන් කලේ කැළෑබද  පරිසරයකින් නගරයට පැමිණි තැනැත්තියක් තුල දක්නට ලැබෙන කැළබිළි සහගත ස්වරූපය යතා පරිදිව පෙන්නුම් කරමිනි. ජනාකීර්ණ සමහර ගම් වලින් වියපත් සිවිල් දෙනක මෙන් බියෙන් ඇලලී ඇකිලි යන විට ඇගේ මේ තනිකම ඈට දැණුනේ වඩාත් බලවත් ලෙසිනි. කඩයකට ගොස් ගෙපලකට ලං ව රාත්‍රි ව නිදාගන්නට ඉඩ දෙන්නේ යැයි ඇසීමට ඈ තුල ධෛර්යක් නොතිබීය. රෑ බෝ වී බඩගින්නත් තෙහෙට්ටුවත් වැඩිවන විට මග අසල කුඩා ලැහැබකට රිගා නිදාගත මැනවැයි ඈ සිතා ගත්තා යනුවෙන් මේ දක්වා අවස්ථාව පුංචිමැනිකා කෙරෙහි වඩාත් අනුකම්පා සහගත හැගීම ඇති කරවන අවස්ථාවක් වේ.

අවස්ථා හා සිද්ධි නිරුපණය කිරිම උසස්  නවකතාවක ලක්ෂණයකි. ”VILLAGE IN THE JUNGLE” නම් ඉංග්‍රිසි නවකතාවේ සිංහල අනුවාදනය වූ බැද්දේගම නවකතාව විමසීමේ දි පැහැදිලි වන්නේ ලෙනාඩ් වුල්ෆ් නම් විදේශිකයා මුල් නවකතාව තුලින් අවස්ථා හා සිද්ධි නිරුපණයේ දි සිය ප්‍රතිභාව ප්‍රකට කර ඇති බවයි.


09.                  සාරාංශය

දැනට සියවසකට පෙර ශ්‍රි ලංකාවේ රාජ්‍ය නිලධාරියක් වු ලෙනාඩ් වුල්ෆ් වෘත්තියෙන් උපදිසාවරයෙකි. එකල ඔහු ශ්‍රි ලංකාවේ ගත කල කාලසීමාව ලබාගත් අත්දැකීම් සමුදාය THE VILLAGE IN JUNGLE යන අතිවිශිෂ්ඨ කෘතිය හරහා ඉදිරිපත් කර ඇත. මෙම කෘතිය ගත් කල ඔහු විසින් ශ්‍රි ලාංකීය ගැමියා පිලිබද මානව දුෂ්ඨියකින් කියා තිබීමත් ශ්‍රි ලංකා ගැමි සමාජය පිලිබද යථාර්තය කෘතිය හරහා එලි දක්වා ඇත. පසුව ප්‍රාමාණික උගතෙක් හා සිංහල ශබ්දකෝෂයේ කතෘවරයකු වු ඒ.පි.ගුණරත්නයන්  ඉහත කෘතිය මටසිලිටු ග්‍රාමීය වාග්මාලාවකින් අනුවාදනය කර ඇත.

ශ්‍රි ලංකාවේ මුල් ම නවකතාව ලෙස අලුත්ගමගේ සයිමන් ද සිල්වා 1905 දී රචනා කල මීනා කෘතියෙන් ආරම්භ වූ ශ්‍රි ලංකා නවකතා විකාශනය මාර්ටින් ව්ක්‍රමසිංහගේ ගම්පෙරලිය, කලියුගය, යුගාන්තය, විරාගය මේ අග්‍රගණය නවකතා ක්‍රමයෙන් සිංහල සාහිත්‍යයට දයා ද වී ඇත.

බද්දේගම නවකතාවේ සාරාංශය ලෙස ගත්විට ඉතා පැරණි වනරොදකින් වට වු දුෂ්කර ග්‍රාමයක ධනවත් හා නිර්ධන පැලැන්ති ඝට්ටනය වන සිද්ධි දාමයන් ඇතුලත් ව උගත් හා නූගත් මිනිසුන්ගේ සැදම්ලත් ද ග්‍රාමයක් ලෙස රචකයා විස්තර කර ඇත. මෙහි ආරච්චිල හා සිලිදු යන පවුල් දෙක විශේෂ කර දක්වා ඇත. ආරච්චිල ගමේ ප්‍රබලයෙක් ලෙසත් ඔහු වටා සිටින්නේ ඔහුගෙ නීත්‍යානූකූල හා නිතිවිරෝධි කටයුතු වලට සම්බන්ධ වන ඔහුගේ පිරිසකි.නමුත් සිලිදු ට ඔහුගේ දිලිදු පවුලේ කීපදෙනා අතර මෙම කතාව දෝලනය වේ.

විවිධ හේතු කාරණා නිසා ආරච්චිල මිය යන තුරුම සිලිදු ගේ පවුල සමග ඇති වෛරය නිසා ඔවුන්ගෙන් පලිගනි. සිලිදු ඇතුළු පවුල ඔවුන්ගේ මිදීමට සෑම විටම කටයුතු කරන ආකාරය පෙන්වා  දී ඇත. මෙම ගම්මානයේ සිටින්නා වු චරිත වල විවිධාකාර ලක්ෂණ දැකිය හැක. සිලිදුගේ පවුලේ සිලිදුත් පුංචිමැණිකාගේ සැමියා ද බබුන් අප්පු ඔවුන් අතර සිටි. බබුන් අප්පු ආරච්චිලගේ ඥාතියකු වන නිසාවෙන් ඔහු තුල කිසියම් වැදගත් චරිත ලක්ෂණ පවති. නමුත් අන් අයතුල ඇත්තේ වනචාරි ගති ලක්ෂණය. ආරච්චිල ගත්විට ඉතා කපටි සාමකාමි ව පලිගන්නා අයකු බව කිව යුතුය. ප්‍රනාන්දු මුදලාලි ඉතා කපටි වූ මානුෂවාදි ගතිලක්ෂණ ඇති අධම මිනිසකු බව ද පුංචිරාල වෙදරාල යකදුරෙක් වන අතර ඔහු ගම්මුන් බිය වද්දා හදි හූනියම් සිදුකරන කියා ඔහුගේ බලය පතුරුවා හරි.

මෙම වනගත ග්‍රාමය හා වනාන්තරයෙත් ඉහත කි චරිතත් අතර ඇත්තේ අනොය්‍ය සම්බන්ධතාවයකි. ගොවිතැන් කිරිම, වනයේ ගොස් දඩයම් කිරිම වැනි එක හා සම්බන්ධ සිද්ධි දාමයක් කතාවේ අන්තර්ගත වේ. පැරණි ගමක ගොවිතැන් කරන ආකාරයත් අස්වැන්න බෙදාගන්නා ආකාරයත් ආරච්චිල හා ගම්මුන් අතර ඇති සම්බන්ධතාවයත් ගම්මුන් හා වනාන්තර අතර ඇති සම්බන්ධතාවයත් ඒ ඒ අවස්ථාවන් උචිත ලෙස රචනා කර ඇත.

මෙම කතාව කියවීමෙන් සියවසකට පෙර අතීත ගමක චිත්‍රණයක් මනසේ ඉබේ ඇදීමට තරම් රචකයා දක්ෂ වී ඇත. බැද්දේගම නවකතාවේ සාර්ථකත්වයට බලපා ඇත්තේ එයට යොදාගෙන ඇති සරල ග්‍රාමීය බස්වහරයි. කතන්දරයක් කියවන ආකාරයේ සරල බවක් මෙහි පවති. විශේෂයෙන් ආරච්චිල වැනි බලවත් අයගේ කතා විලාසයත් සිලිදු කර්ලිනාහාමි වැනි දුබල අයගේ කතා විලාසයත් ඊට ආවේණික ලක්ෂණ රචකයා පෙන්වා දීමට උත්සහ දරා ඇත. ඊට අමතර ව අධිකරණයක පවතින කතා විලාසයත් වෙන් වෙන් වශයෙන් යොදාගෙන ඇත.

විශේෂයෙන් ග්‍රාමීයව භාවිත වන ප්‍රාථමික ජන වහර යොදාගැනීම හේතුවෙන් කතාව තේරුම් ගැනීම ඉතා පහසු බව පෙන්වා දිය හැක. භාෂාවේ උපමා, දිගු වැකි, කෙටි වැකි, ධ්වනිතාර්ථ, උපදේශනාත්මක ප්‍රකාශ යොදා ගැනීම හේතුවෙන් කතාවේ භාෂාවේ අලංකාර ශබ්ද රසය මැනෙවින් කියාපායි.

බැද්දේගම නවකතාවේ තිබෙන්නා වූ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඈත අතීතයේ මිනිසුන් අතර තිබු විවිධ අන්ධ විශ්වාසයන් හා ඇදහිලි වලට බැදි සිටින අවස්ථාය. එහිදි වර්තමානයත් සමග ගත්කල අතීතයේ එවැනි ඇදහිලි විශ්වාස පිළිබද මිනිසුන්ගේ තිබු භක්තිය අධ්‍යයනය කිරිමට ඇති හොදම සාක්ෂිය ලෙස බැද්දේගම නවකතාව හදුන්වා දිය හැකිය. විශේෂයෙන් සිලිදුට යක්ෂ දිෂ්ටියක් ආරූඪ වී රෝගාතුර වීම ගත්විට පුංචිරාල, වෙදරාලගේ බිය වැද්දීම විසි බස් වලට වහල් වී ඔවුන්ගේ ජිවිත එවැනි අන්ධ හා විශ්වාස වලට බිලිදීමට ඔවුන් බැදි සිටි.

මෙම නවකතාව ගත්විට පන්තිභේදය ඇති පරතරය මැනවින් කියාපාන නවකතාවකි. ආරච්චිල, ප්‍රනාන්දු, පුංචිරාල, වෙදරාල වැන්න වුන් සිලිදු වැනි දිලින්දන් හට සිදුකරන කරදර හිරිහැර පිලිබද සලකා බැලිමේ දී එම පන්තිභේදය අතිතයේ සිට අද දක්වාම විවිධ හේතු කාරණා මත උස්පහත් වෙමින් පැවතිනි. ඊට අමතර ව සිලිදු හා බබුන් බොරු චෝදනාවකින් සිරගත වීමත් ඒ අවස්ථාවන් හි සිදුකරන ප්‍රකාශන සිද්ධිමාලාවන් ගත්විට ද ප්‍රබලයින් හා දුබලයින් අතර ඇති පරතරය මැනවින් විදහා පායි.

👉Written by the author - Lakshan Chandimal -