සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමනාකණය හැදින්වීම.

සංචාරණය හා සංචාරණ ඉතිහාසය පිළිබඳ කෙටි හැදින්වීමක්

    සංචාරණය පිළිබද සලකා බැලීමේ දී සංචාරණයට විවිධ අදහස් නිර්වචණ ඇත. ඒහිදී දැනට විශේෂයෙන් භාවිතයට ගන් ලබන නිර්වචණය ලෙස ලෝක සංචාර සංවිධානය විසින් සදහන් කර ඇඉති නිර්වචණය හැදින්විය හැකිය.

    සංචාර කරනු ලබන ප්‍රදේශවල දී ආදායම් උපයන කවර හෝ ක්‍රියාවකට දායක නොවන විවේකය ව්‍යපාර කටයු මූලික අරමුණු උදෙසා වසරකට නොවැඩි කාලයක් සඳහා අඛණ්ඩව තම සුපුරුදු පරිසරයෙන් බැහැර ප්‍රදේශ වෙත සංචාරය කර නවාතැන් ගන්නා පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්”

-WHO-

ලෙස දක්වා ඇත ඊට අමරව තවත් විවිධ නිර්වචන විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කර ඇත.

එනම්,

        "සංචරණය යනු තමන් සාමාන්‍යයෙන් දිවි ගෙවන රක්‍ෂාවෙහි නියුතු ප්‍රදේශයෙන් බැහැර ගමනාන්ත වෙත ජනයාගේ තාවකාලික සහ කෙටිකාලීන ගමන් සහ ඒ සෑම ගමනාන්තයකදීම ඔහු විසින් සිදු කරන ක්‍රියාකාරකම් වේ සියලුම අරමුණු උදෙසා සිදු කරන ගමන් මීට අයත් වේ."

-Tourism Society of England.1976-

    ඉහත කරුණු සලකා බැලීමේ දී සංචාරණය යන්න පිළිබඳ අදහසක් ලබා ගත හැකිය. එහි මූලික අදහස සාරාංශයක් ලෙස ගත් විට තමන් ජීවත් වන ප්‍රදේශයෙන් පිටත ගමනාන්තයකදී කිසිදු ආදායම් උපයන ක්‍රියාවලියකට සම්බන්‍ධ නොවන වසරකට අඩු කාලයක් තුල සිදු කරනු ලබන චාරිකාවේ යෙදීම සංචාරණය ලෙස හැදින්විය හැකිය. තවද සංචාරණය විවිධ ආකාර කීපයකට වර්ග කල හැකිය.

එනම්,

          දේශීය සංචාරණය - තමන් ජීවත වන රට තුල සංචාරය කිරීමයි.

          අන්තර්ජාතික සංචාරණය - රටවල් දෙකක් අතර සිදුවන සංචාරයයි. මෙයද තවත් ආකාර දෙකකට බෙදේ.

එනම්,

          ආගමන සංචාරණය - යම් රටකින් අදාල රටට සංචාරකයින් පැමිණීම ද

          විගමන සංචාරණය - අදාල රටින් වෙනත් රටකට සංචාරකයන් ගමන් කිරීම ද ලෙස වේ.

ඉහත රූප සටහනට අනුව සංචාරණය පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට හැකි වනු ඇත.

    විශේෂයෙන් සංචාරණයේ ඉතිහාසය දෙස බැලීමේ දී ලෝක සංචාරක ඉතිහාසය ප්‍රධාන යුග කිහිපයකට බෙදා දැක්විය හැකිය.

එනම්,

ශිෂ්ඨාචාර යුගය හෙවත් අධිරාජ යුගය - (ක්‍රි.පූ. 4 වන සහශ්‍රයේ සිට ක්‍රි.ව. 5 වන සියවස දක්වා)

මධ්‍යතන යුගය - (ක්‍රි.ව. 5 සියවසේ සිට ක්‍රි.ව. 14 වන සියවස දක්වා)

පුනරුද යුගය - (ක්‍රි.ව. 14 වන සියවසේ සිට 16 වන සියවස දක්වා)

මහා සංචාර යුගය - (ක්‍රි.ව. 17 සහ 18 සියවස්)

සචලතා යුගය - (ක්‍රි.ව. 1800 - 1944 දක්වා)

නූතන යුගය - (ක්‍රි.ව. 1945 - සිට වර්තමානය දක්වා)

    ඉහත යුගයන් දෙස බැලීමේ දී මානව ඉතිහාසයේ පෞරණිකත්වය නියමාකාර අර්ථයෙන් සිදුවන සංචාරක කටයුතු වල ආරම්භය සහස්වක (අවුරුදු 1000) කීහිපයක් අතීතයට ගමන් කළද මානවයාගේ බිහිවීමේ සිටම තැනින් තැනට ගමන් කිරීම සිදුව ඇත. මෙම ගමන් කිරීමේ හැකියාව මානව විශේෂ වල භෞතික ශරීරයේ සිදු වූ පරිණාමණයත් සමග වඩාත් වර්ධනය වූ බව දක්නට ලැබේ. මුල් වරට වඩාත් සෘජු ශරීරයකින් යුකතව දෙපයින් ගමන් කිරීමේ හැකියාව වූයේ හෝමෝ ඉරෙක්ටස් මානවයාටය. මේ හේතුවෙන් එම මානවයා ඔහුට පෙර අප්‍රිකාවේ සෙසු මානව විශේෂ වලින් වෙනස්වන මුල් වරට එම මහාද්වීපයෙන් පිටතට සංක්‍රමණය වීමට සමත් විය. ඔහු චීනය දක්වාම ව්‍යප්ත වූ බවට සාධක හමුවේ. ඇතැම් විට ගල් ආයුධ තාක්ෂණයේ ඇති වූ වර්ධනය සමග පරිසරයේ ජීවත් වූ සතුන්ගෙන් ආරක්‍ෂා වීමට තිබූ හැකියාව මෙයට බලපෑ බවත් සාධකයක් විය හැකිය. ප්‍රාග් ඓතිහාසික යුගයේ දී මිනිසුන් තැනින් තැනට ගමන් කිරීමට ප්‍රධන හේතුව වූයේ ආහාර සදහා අවශ්‍ය සතුන් දඩයම් කර ගැනීම හා පරිසරයෙන් ශාකමය ආහාර සොයා ගැනීමය. එම නිසා මෙම ගමන් කිරීම් සාමාන්‍යයෙන් ආහාර සම්පත් පසු පස ගමන් කිරීමක් වශයෙන් හැදින්විය හැකිය. මේ හේතුවෙන් ඔවුන්ට ස්තීර වාසස්ථානයක් නොවූ අතර තැනින් තැන ගමන් කරමින් එක් ස්ථානයක කෙටි කාලයක් පමණක් ජීවත් වූ බව පෙනී යයි. දීර්ඝ කාලයක් තිස්සේ තැනින් තැනට සංක්‍රමණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් මානව විශේෂ විසින් ලොකයේ විවිධ ප්‍රදේශ ජනාවාස කරන ලදි. වසර ලක්ෂ දෙකකට පමණ පෙර අප්‍රිකාවේ බිහි වූ නූතන මානවයා ලෝකයේ සෑම ප්‍රදේශයක්ම පාහේ ජනාවාස කිරීම උදාහරණ වශයෙන් දැකිය හැකිය.

ප්‍රාග් ඓතිහාසික මානවයා තැනින් තැනට ගමන් කිරීම හා සංක්‍රමණය වීම ආහාර හා ඊට අමතරව වාස්ථාන යන මූලික අවශ්‍යතා පරිපූර්ණ කර ගැනීමේ අරමුණින් සිදු වූවක් බැවින් එය සංචරණය ලෙස සැලකීම අපහසුය. කෙසේ වෙතත් ලෝකයේ සංචාරක කටයුතු නිසි ලෙස ආරම්භ වීම සිදු වන්නේ කෘෂි සමාජ වඩාත් සංකීර්ණත්වයට පත්ව ශිෂ්ඨාචාර හෙවත් නාගරික සමාජ බිහිවීමත් සමග සිදු වූ බව විවිධ සාධක අනුව පැහැදිලි වේ. එසේ බිහි වූ ශිෂ්ඨාචාර කිහිපයක් දක්නට ලැබේ.

එනම්,

මෙසපොතේනියානු ශිෂ්ඨාචාරය


ඊජිප්තු ශිෂ්ඨාචාරය


ග්‍රීක ශිෂ්ඨාචාරය


රෝම ශිෂ්ඨාචාරය


ලෙස දැක්විය හැකි වේ.

මේ ආකාරයෙන් ආරම්භ වන සංචාරක කටයුතු වල ඉතිහාසය මානව සමාජයේ සිදු වූ විවිධ තාක්ෂණික සමාජීය ආගමික ආර්ථික යනාදී වෙනස්කම් වල බලපෑම අනුව අනුරූපව හැඩ ගැසී තිබේ.

ක්‍රි.පූ. 3500 පමණ රෝදය සොයා ගැනීමත් සමග සතුන් යෙදූ රථ භවිතය ආරම්භ විය. ඒ මගින් සංචාරක කටයුතු වල වර්ධනයක් ඇති විය. ඉන් දීර්ඝ කාලයකට පසු ක්‍රි.ව. 18-19 සියවස් වලදී දුම්රිය සහ වාෂ්ප නැව සොයා ගැනීම තුල මිනිසුන් විශාල කණ්ඩායම් වශයෙන් සංචාරක කටයුතු වල නිරත වීම ද නූතන වානිජමය සංචාරණය ආරම්භ වීමට ද පසු බිම් නිර්මාණය කලේය.  ක්‍රි.ව. 20 වන සියවස ආරම්භයේ දී ඇතැම් දියුණු රට වල උසස් තත්ත්වයේ මාර්ග ඉදීවීම හා මෝටර් රථ භාවිතය ඉහල යාම සමග සංචාරක ගමන් වල විශේෂ වර්ධනයක් දක්නට ලැබේ. මේ සමග මාර්ග ආශ්‍රිතව මෝටර් හෝටල් (Motel) නම් නවාතැන් විශේෂයක් බිහි විය. 1960 දශකයේ දී විශාල මගීන් ප්‍රමාණයක් එකවර දිගු දුරක් ආරක්ෂිතව රැගෙන යා හැකි ගුවන් යානා බිහි වීම මහා පරිමාණ සංචාරණයේ(Mass Tourism) වර්ධනයට හේතු වූ ප්‍රධාන කරුණකි.

ක්‍රි.ව. 20 වන සියවස අවසානයේ දී හා 21 වන සියවස මුල් කාලයේ දී පරිගණක තාක්ෂණයේ හා අන්තර්ජාල තාක්ෂණයේ සිදු වූ ඇති වූ වර්ධනය සංචාරක කටයුතු වර්ධනය කෙරෙහි පු`ඵල් බලපෑමක් ඇති කල බව සඳහන් කල හැකිය. ඊට අමතරව සංචාරක කටයුතු ආරම්භ වීම කෙරෙහි සමාජීය කරුණු ද බලපා ඇත. එහිදී කාන්තාවන්ට සමතැන හිමි වීම හා නිදහස හිමි වීම, ප්‍රජාතන්ත්‍රවාදය හිමි වීම, වැටුප් සහිත නිවාඩු වැඩි ප්‍රමාණයක් හිමි විම, වැනි කරුණු ගත හැකිය. ආගමික වශයෙන් ද, ආගමික සිද්ධස්ථාන වලට ගමන් කිරීමට පෙළඹවීම ද සංචාරණයේ වර්ධනයට හේතු විය. විශේෂයෙන් ලෝක ආර්ථිකයේ ඇතිවන වර්ධනයන් හා පරිහානීන් මත සංචාරක කර්මාණ්තය ද වර්ධනයට හා පරිහානියට මුහුණ පාන බව දැකිය හැකිය. එලෙස සිදු වූ පරිහානි පිළිබද සලකා බැලීමේ දී විශේෂයෙන් පළමු හා දෙවන ලෝක යුද්ධ සමය ලෝක ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයට දැඩි ලෙස බලපැවේය. ඊට අමතරව 2004 වර්ෂයේ දී ඇති වූ සුනාමි ව්‍යසනය ද, වර්තමානය වන විට ඉතා දරුණු වසංගතයක් එන්ම් කොවිඩ් - 19 වෛරස් තත්ත්වය හේතුවෙන් ද, මුලු ලෝකයේම සංචාරක කර්මාන්තය බිංදුවට කඩා වැටුණු බව කිව හැකිය.

Ø සංස්කෘතික සම්පත් කළමනාකරණය හැඳින්වීම.

    සංස්කෘතික සම්පත් කළමනාකරණය පිළිබඳ සලකා බැලීමේදී ද නිර්වචණ කීහිපයක් මගින් අර්ථ දක්වයි. එහි දී ලෝක සංචාරක සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති නිර්වචනය පිළිබඳ විශේෂ අවධනයක් යොමු කර ඇත.

එනම්,

    “ක්‍ෂේත්‍ර, වස්තු, භූ දර්ශනය, ආකෘතිය, ආදී අතීත මානව ක්‍රියාකාරීත්‍වයේ භෞතික සාධක හෝ ස්ථාන හෝ යම් ජන කණ්ඩායමකට විශේෂ වන සහ ඔවුන් පාරම්පරික වශයෙන් ගනුදෙනු කරන ක්‍ෂේත්‍රයක්, ආකෘතියක්, වස්තුවක්, හෝ ස්වභාවික ලක්‍ෂණයක් වේ සංස්කෘතික සම්පත් ලෙස හැදින්වේ.”

    ඉහත නිර්වචනයට අමතරව තවත් විවිධ නිර්වචණ රාශියක් විවිධ පිරිස් විසින් ඉදිරිපත් කර ඇත. ඒ අතරින් තවත් ක්‍රියාකාරී නිර්වචනයක් වන්නේ 

    “සංස්කෘතික සම්පත් යනු මානව ක්‍රියාකාරකම් හා සම්බන්ධ වූ ස්වභාවික හා කෘත්‍රීම භෞතික ලක්‍ෂණ වේ. මීට කේවල හා සමූහ යන දෙවර්ගයටම අයත් ඉතිහාසය, වාස්තු විද්‍යාව, පුරාවිද්‍යාව හෝ මානව සංස්කෘතියේ සංවර්ධනයට අදාළ ක්‍ෂේත්‍ර ආකෘති සහ වැදගත් ලක්‍ෂණ ප්‍රකට කරන වස්තූන් අයත් වේ. සංස්කෘතික දේපළ අද්විතීය මෙන්ම පිළිසකර කළ නොහැකි සම්පත් වේ.” 

-Fowler 1974-

    1974 දී පමණ සංස්කෘතික සම්පත් කළමනාකරණය පිළිබඳ පුරා විද්‍යා විෂය ක්‍ෂේත්‍රය තුල අවධානය යොමු වෙමින් පැවතිණ. ඒ අනුව සංස්කෘතික සම්පත් කළමනාකරණය පොදු භූමීන්හි පවතින සංස්කෘතික සම්පත් ලැයිස්තුගත කිරීම සුවිශේෂතාව තක්සේරු කිරීම සහ කළමනාකරණය සඳහා වූ ෆෙඩරල් බලපත්‍රලාභී ව්‍යාපෘති කෙරෙහි ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් සංවර්ධනය විය. මේ සමග සංස්කෘතික සම්පත් කළමනාකරණය සංචාරක විෂය ක්‍ෂේත්‍ර තුලට එකතු විය. 

    සංස්කෘතික සංචාරක උරුමයන් (හෝ සංචාරක උරුමයන්) සංචාරක ව්‍යාපාර දක්නට ලැබෙන ස්ථානයේ සංස්කෘතික උරුමයන් දෙසට නැඹුරු වන සංචාරක ව්‍යාපාරයේ එක් ශාඛාවකි. එක්සත් ජනපදයේ ඓතිහාසික සංරක්ෂණය සදහා වූ ජාතික භාරකාර මණ්ඩලය 

    “අතීතයේ ජනතාව සහ කතා පුවත් සත්‍ය ලෙස නියෝජන කරන ස්ථාන, කෞතුක භාණ්ඩ සහ ක්‍රියාකාරකම් අත්දැකීමට ගමන් කිරීම” සහ “සංචාරක උරුමයන් සඳහා සංස්කෘතික, ඓතිහාසික හා ස්වාභාවික සම්පත් ඇතුළත් කළ හැක.” යනුවෙන් සංචාරක උරුමයන් අර්ථ දක්වයි.

-ජාතික භාරකාර මණ්ඩලය-

    16 වන සියවසයේ සිට මහා සංචාරණය (Grand Tour) සංවර්ධනය තෙක් සංස්කෘතිය, චාරිකා වල ප්‍රධාන වස්තුවක් වී ඇති බවට සාක්ෂි දරයි. විසි වන සියවසයේ ඇතැම් පුද්ගලයින්ගේ මතය අනුව, සංචාරක ව්‍යාපාර වල අරමුණ සංස්කෘතීය විය යුතුය. දැන් සංචාරක ව්‍යාපාර යනු සංස්කෘතියයි. සෑම අතින්ම සංස්කෘතික ආකර්ෂණය, සංචාරක ව්‍යාපාර වල වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

    Weiler iy Hall ට අනුව, සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගැනීමට සංස්කෘතිය, උරුමය හා කලාව දීර්ඝ කාර්යභාරයක් ඉටු කර ඇත. කෙසේ වුවත් මෑත අවුරුදු වලදී, උරුමය හා කලාව පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සංස්කෘතිය වැදගත් අලෙවි උපකරණයක් ලෙස යළි අනාවරණය කර ඇත. Hollinshead ට අනුව, සංචාරකයින් අතර විශේෂ වීමේ ප්‍රවණතාවය වැඩි වීම හේතුවෙන් සංස්කෘතික සංචාරක උරුමයන් සංචාරක කර්මාන්තයේ වේගයෙන්ම වර්ධනය වන කොටසක් වේ. මෙම ප්‍රවණතාවය වික්‍රමයන්, සංස්කෘතිය, ඉතිහාසය, පුරා විද්‍යාව හා දේශීය ජනතාව සමඟ අන්‍යෝන්‍ය බැඳීම සොයන සංචාරකයින්ගේ ප්‍රමාණය ඉහළ යාමට ප්‍රකට වේ.

    විවිධ හේතූන් නිසා සංස්කෘතික සංචාරක උරුමයන් වැදගත් වෙයි. එයට ධනාත්මක ආර්ථික හා සමාජීය බලපෑමක් ඇත, එය අනන්‍යතාවය ඇති කර තව දුරටත් තහවුරු කරයි, එය සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට උපකාරී වෙයි, සංස්කෘතිය සමඟ ආයුධයක් ලෙස එය ජනතාව අතර සමඟිය සහ අවබෝධය ඇති කිරීමට පහසුකම් සලසයි, එය සංස්කෘතිය පෝෂණය කරන අතර සංචාරක ව්‍යාපාර ප්‍රාණවත් කිරීමට උපකාරී වෙයි. (Richards. 1996). Benjamin Porter සහ Noel B. Salazar) ලේඛනගත කර ඇති පරිදි, කෙසේ වෙතත්, සංස්කෘතික සංචාරක උරුමයන් එයට සම්බන්ධ වන විවිධ පාර්ශවකරුවන් අතර අවිනිශ්චිතභාවය හා ගැටුම් නිර්මාණය කරයි.(Porter and Salazar 2005).

    සංස්කෘතික සංචාරක උරුමයන් වලට තිරසාර සංවර්ධනයක් උදෙසා සංස්කෘතික සම්පත් සංරක්ෂණය, සම්පත් නිවැරදිව අර්ථ දැක්වීම, අව්‍යාජ අමුත්තන් අත්දැකීම හා සංස්කෘතික සම්පත් වලින් උපාය ගන්නා ආදායම උත්තේජනය කිරීම වැනි අරමුණු ගණනාවක් ඇත. එම නිසා, සංස්කෘතික සංචාරක උරුමයන්, වටිනා උරුමයන් හඳුනා ගැනීම, කළමනාකරණය හා ආරක්ෂා කිරීම සමඟ පමණක් නොව සංචාරක ව්‍යාපාර සඳහා බලපාන ප්‍රජාව සහ ප්‍රදේශ අවබෝධ කර ගැනීම, ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ ලැබීම, ආරක්ෂාව සඳහා මූල්‍ය සම්පත් සැපයීම මෙන්ම අලෙවිකරණය සහ ප්‍රවර්ධනය සමඟ සම්බන්ධ විය යුතු බවත් අපට හඳුනා ගත හැක. (J.M.Fladmark. 1994)

    පැරණි ඇල මාර්ග, දුම්රිය මාර්ග, සටන් බිම් යනාදිය අඩංගු වන ඓතිහාසික හෝ කාර්මික අඩවි සංචාරය කිරීම සංචාරක උරුමයන් හා සම්බන්ධ වෙයි. සමස්ත අරමුණ වන්නේ අතීතය පිළිබඳ අගය කිරීමක් ලබා ගැනීමය. යටත් විජිත නිදහස් කර ගැනීම, සංක්‍රමණය වර්තමාන සංචාරක උරුමයන් සඳහා ප්‍රධාන පසුබිම සකස් කරයි.

    ආගමික සංචාර හෝ වන්දනා ගමන් තවත් ආකාරයකි. ලොව පුරා බොහෝ කතෝලිකයින්, වතිකානුව සහ ලෝඩ්ස් හෝ ෆාතිමා වැනි අනෙක් ප්‍රදේශ වලට පැමිණෙති.

    නාට්‍යමය ජවනිකාවක් සේ නිරූපණය කර ඇති ඓතිහාසික සිදුවීම් වලටත් සංචාරක උරුමයන් ආරෝපණය කළ හැක. උදාහරණයක් ලෙස හොල්මන් වැනි තේමාවක් යොදා ගෙන නගරයක් සංචාරය කිරීම. යම් ඓතිහාසික කාල පරිච්චේදයක සමබර දැක්මක් ඉදිරිපත් කරනවාට වඩා සංචාරක උරුමයන් ඇතැම් ඓතිහාසික සිදුවීම් කෙරෙහි අවධානය යොමු කරයි. ආර්ථිකමය වශයෙන් එම අඩවිය හා අවට ප්‍රදේශ දියුණු කිරීමට විරුද්ධව, එහි අරමුණ සෑම විටම නිවැරදි ඓතිහාසික කරුණු ඉදිරිපත් කිරීම නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක උරුමයන්, අධ්‍යාපනය, විනෝදාශ්වාදය, සංරක්ෂණය සහ ලාභ යනාදියන්ගේ සංකලනයක් ලෙස දැකිය හැක.

    මානව විද්‍යාව සහ මානව වංශ විද්‍යාව, ආදිවාසීන්ගේ ජීවිතය, ඔවුන්ගේ සිරිත් විරිත් සහ දේශපාලන ව්‍යුහයන් පිළිබඳ සැලකිල්ලක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍ර දෙකකි. පළමු ප්‍රායෝගික වැඩකරුවන් ප්‍රධාන යුරෝපීය බලවතුන්ගේ යටත් විජිතයක් පුළුල් කිරීම කෙරෙහි සැලකිල්ලක් නොදැක්වුවත්, යටත් විජිත නිලධාරීන්, ආදිවාසීන්ගේ චින්තනය තේරුම් ගැනීමට ඔවුන්ගේ සටහන්, පොත් සහ  ක්ෂේත්‍ර කටයුතු සටහන් භාවිතා කරන ලදී. ඒ මොහොතේ සිට, මානව  විද්‍යාව අනෙක් සංස්කෘතීන් සඳහා අපූරු බැඳීමක් ගොඩ නැඟුවේය. උරුමය හා යටත් විජිත සංකල්ප එකට බැඳී පවතී. Maximiliano Korstanje, බටහිර පරිකල්පනයට අනුව සාහිත්‍යය, අන්අයගේ ප්‍රතිරූපය හැඩගැස්වීමට ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බවට තර්ක කරයි. ඉතිහාසය එළිපත්තදී, උරුමය හා පිය උරුමයහි අර්ථය, යුරෝපීය ප්‍රභූ පිරිසගේ ඇල්ම සහ යටත් විජිත කෙරෙහි ඔවුන්ගේ ඇල්ම සමඟ එක්ව පැවතුණි. සංචාරක උරුමයන් යන සංකල්පය මෑතකදී සමහර ලතින් ඇමරිකානු මානව විද්‍යාඥයන් විසින් විවේචනය කර ඇත. මෙම විප්ලවවාදී හඬ, සංචාරක උරුමයන් තුළ යම් මිනිස් කණ්ඩායම් හෝ ජනවර්ග ඉලක්ක කරන දෘෂ්ටිමය කතිකාව කෙරෙහි අවධානය යොමු කරයි. සංචාරක ව්‍යාපාරය, ගවේෂණය මත පදනම් වේ. සංචාරක උරුමයන් යනු කුමක්ද යැයි නැවත සැලකූ විට, එය නූතන ජාතික රාජ්‍යයන් විසින් ආදිවාසී කණ්ඩායම් මත යොදන දෘෂ්ටිවාදාත්මක යාන්ත්‍රණයකින් සමන්විත වේ. 

    සංචාරක උරුමයන් සමඟ ඇති වන තවත් ප්‍රශ්නයක් නම්, සංචාරකයින් දේශීය ජනයාගේ භූමිය සහ සංස්කෘතිය දැකීමට පැමිණීමෙන් ඇති වන බලපෑමයි. දේශීය ජනතාව රටේ බහුතරය හෝ රටේ පාලන බලය නොවේ නම්, ඔවුන් සංචාරක ව්‍යාපාරයෙන් ලැබිය යුතු ප්‍රතිලාභ නොලබයි. උදාහරණයක් ලෙස, මෙක්සිකෝ සංචාරක කර්මාන්තය මායා දින දර්ශනයේ අවසානය පිළිබඳ පළ කළ අවසන් අනාවැකිය නිසා දියුණු වී ඇත. කෙසේ වෙතත් මායාවරුන්, නටබුන් හා අනෙකුත් සංස්කෘතික සන්ධිස්ථාන හරහා දියුණු වූ වෙළෙදාමෙන් ප්‍රතිලාභ නොලබයි.

Ø ශ්‍රී ලංකාවේ සංචාරණය ආරම්භය හා විකාශණය.


ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට හා විදේශ ආක්‍රමණයන්ට හා අවධානයන්ට ලක් වූ දිවයිනකි. ග්‍රිසිය, මැද පෙරදිග, පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය ආදී රටවලින් අතීතයේ පටන් විදේශිකයන් ලංකාවට පැමිණි බවට සාක්ෂි ඇත. අපේ පුංචි ලක්දිව ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීම මතුනොව, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනමය වටිනාකමින් යුක්ත වීමද මෙසේ විදේශිකයන්ගේ පැමිණීමට හේතු වී තිබේ. විදේශිකයන්ගේ ලංකාගමනය නූතන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහෙත් සංචාරකයා යන හැදින්වීම අර්ථ දක්වන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයෙක්ම සංචාරකයකු නොවන බවයි. දේශගුණික අපහසුතාව ආධ්‍යාත්මික සුවය හා සරල ඡීවිතය ස්වාභාව සෞන්දර්යෙන් ලබන වින්දනය, විවේකය, ඓතිහාසික, වටිනාකම අදී කරුණු අගය කරමින් ලංකාවට පැමිණෙන විදේශිකයන් සංචාරකයන් වශයෙන් හැදින්විය හැකිය. ශ්‍රී ලංකාව මතු නොව නූතනයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් රාශියක් සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ස්වකීය රටවල් කරා අද්දවා ගනී. ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම ද දේශගුණික තත්ත්වයන් ද වෙරළ තීරය ද සංස්කෘතික වශයෙන් වැදගත්කම ද ස්වාභාවික පරිසර පද්ධතියද ආර්ථික වශයෙන් වැදගත් වීම ද වැනි කරුණු මත විදේශිකයනගේ ආකර්ෂණය ලබා ගැනීමට හැකිවීම මත විදේශ රටවල දේශ ගවේශකයන් වෙළෙන්දන් වැනි අයගේ පැමිණිම සිදු වූ බව සාක්ෂි හමු වී ඇත. ඊට අමතරව මෙරටට පැමිණි වෙළෙන්දන් ද තම රටට ගොස් දේශ ගවේශකයන් හට ශ්‍රී ලංකාවේ සංචාරණය පිළිබඳ වැදගත්කම පැවසීමද ඔවුන් විසින් ඒ පිළිබද තම ග්‍රන්ථ තුළින් ලෝකයට ඉදිරිපත් කිරීමද තුල මෙරට සංචාරක කර්මානතය ආරම්භ වූ බව සඳහන් කළ හැකිය. මෙරට පළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කල අය අතර,

ක්‍රි.පූ. 384-322 අතර කාලයේ අරිස්ටෝටල්ගේ වාර්ථාවේ ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය පිළිබද සදහන් කර ඇත.

ක්‍රි.පූ. 4 වන ශතවර්ශයේ දී පමණ ඔනිස්ක්‍රීටස් විසින් ලංකාවේ ඇතුන් පිළිබඳ දක්වා ඇත.

ක්‍රි.පූ. 2 වන ශතවර්ෂයේ දී හිපාකස් ශ්‍රී ලංකාව කුඩා දූපතක් බවත් ශ්‍රී ලංකාව වටා කිසිවකුත් සංචාරය කර නොමැති බවත් සදහන් කර ඇත.

ක්‍රි.ව. 5 වන ශතවර්ෂයේ චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ ශ්‍රී ලංකාව පළිබඳ විශේෂ සදහන් කිරීමක් ඇත.

    එහි දී එකල ශ්‍රී ලංකාව පාලනය කළේ මහානාම රජු බවත්, අභය ගිරි විහාරය උන් වහන්සේ වන්දනා කල බවත්, අභය ගිරි විහාරයේ ධර්මශාලා පිළිබඳවත්, මෙරට දී වෙනත් විදේශිකයන් උන් වහන්සේට හමු වූ බවත්, ශ්‍රී පාදස්ථානය වන්දනා කල බවත්, උන් වහන්සේ ක`ඵතර දිස්ත්‍රික්කයේ යටගම්පිටියේ පිහිටි පාහියන්ගල ලෙනෙහි වැඩ සිටි බවත්, දේශාටන වාර්ථාවේ සදහන්වේ.

ක්‍රි.ව. 13 වන ශතවර්ශයේ මාර්කෝ පෝලෝගේ පැමිණීමද මෙරට සිදු වූ විශේෂ සිදුවීමක් බව සඳන්කල යුතුය. ඔහු විසින් මෙරට මැණික්, ලී, මත්පැන්, ශ්‍රී පාදස්ථානය, මෙරට මත්පැන් පිළිබඳව විස්තර දේශාටන වාර්තාවේ සටහන් වේ.

ක්‍රි.ව. 1301 සිට 1369 කාලයේ ඉබන් බතූතා යන මොරෝක්කෝ ජාතික දේශ ගවේශකයා ශ්‍රී ලංකාවට පැමිණ සිදු කරන ලද සංචාර දක්වා ඇත.

    ඉබන් බතුතාගේ අරමුණ වුණේ ශ්‍රී පාදස්ථනය වන්දනාමාන කිරීමයි. ඔහුට ඒ සඳහා එවකට ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කරපු ආර්‍ය චක්‍රවර්තීගේ අනුග්‍රහය හිමි විය. බතූතා තමන්ගේ චාරිකාව ගැන කියන්නේ මෙසේය.

    “පැලැක්කියක මා හිඳුවා ඔසවාගෙන යන ලෙස කුලීකරුවන් යෙදූ ආර්යය චක්‍රවර්තීන් මට ඇති තරම් කෑම බීම සැපයූවා. මේ ගමන බොහොම දුෂ්කරයි. නමුත් අතිශයින්ම වැදගත්. ඉගෙනගන්න බොහොමයක් දේ මෙහි තිබුණා. සෙරන්ඩිබ්හිල් තමයි සිරිපාද කන්ද කියන්නේ. මේ බව හුඟක් දෙනෙක් දන්නේ නැහැ. අමුතු සීතලක් එක්ක දැවටුන මද සුළඟ ඇඟට අමුතු සිසිලසක් ගෙන දුන්නා. මද දුරක් යන විට හමුවූ මැහැලි අම්බලම ප්‍රදේශයේ ගල් ගුහා රැසක් තිබුණා. ඒවායේ ලොකු ඉතිහාසයක් තිබෙන බව මා සමග ගිය පිරිස් කියා සිටියා. කන්ද ඉහළට යන තෙක්ම තැනින් තැන ජලය ගලා හැලෙනවා. ජලයේ ශබ්දය හරිම මිහිරියි. ඇඟේ එල්ලෙන ඇලෙන පුංචි සත්තු පිරිලා. ඒ කූඩැල්ලො කියන සත්තු බව දැන ගත්තා. වෙනත් ලොකු සත්තු බොහොමයක් මුණ ගැහුණත් ඒ එක සතෙක්වත් නපුරක් කළේ නෑ.

    මේ ගමන අතිශයින්ම දුෂ්කර බව යළිත් කිව යුතුයි. කඳු ගැටය මුදුනට යන්න මාර්ග දෙකක් තිබෙනවා. එකක් බාබා පාර (නල්ලතන්නි). අනෙක මාමා (රත්නපුර) පාර. මාමා පාර පහසුයි. තැනින් තැන යකඩ කණු හිටවලා යකඩ දම් වැල් ඇදලත් තිබුණා. කදීරෑ ලෙන ළඟ මිනිස්සු පිරිලා. එතන දිය උල්පතකින් වතුර උනන පෙනුමක් තිබුණා. සමතලා බිමක් නිසා බෙහෙවින් දැකුම්කලුයි. පොකුණෙ

    මාළුන්ට කාගෙන්වත් කරදර නෑ. මෙතන තිබුණ ගල් ගුහාවේ බඩු මුට්ටු තියලා හැමෝම කඳු ගැටය නැංගා. එයත් බොහොම පීඩාකාරි ගමනක්.

    කඳු මුදුනට ගිය විට සියලු වෙහෙස දුරු වෙලා යනවා. ගල ඇතුළට පා සටහන කිඳා බැස ඇත්තේ කොහොමද කියලා මට ප්‍රශ්නයක්. දිගින් වියන් 11ක් පමණ පළල් පා සටහන මාව පුදුමයට පත් කළා.ආපසු ආවේ බාබා පාරෙන්. ඒ පාරේ එක තැනක අමුතු විශාල ගසක් තිබෙනවා. මිනිස්සු ගොඩක් උඩ බලාගෙන ඉන්නවා දැක්කා. අහලා හොයලා බලද්දි මේ ගසේ කොළයක් කවදාවත් බිමට නොවැටෙන බව මිනිස්සු කිව්වා. අහම්බයකින් කොළයක් වැටුණොත් ඒ කොළය කෑමට ගන්නා අය වයසට නොයන බව ඔවුන් කිව්වා. සමහරු මේ ගස ඇවිදින ගස ලෙසත් හදුන්වනවා.මෙලෙස ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ විග්‍රහයක් සිදු කර ඇත.

Ø ශ්‍රී ලංකාවේ සංචාරණයේ නූතන විකාශනය.

    ශ්‍රී ලංකාවේ සංචාරණයේ අතීත විකාශනය මෙන්ම නූතන විකාශණයද ඉතා වැදගත්ය. එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක කටයුත්ත කර්මාන්තයක් වශයෙන් වැඩි වර්ධනයක් වන්නට පටන් ගත්තේ 1960 දශකයේ සිටය. ඉන් පසු එළඹි දශක කීපය තුළ විටෙක අඩාළ වෙමින් ද, විටෙක වර්ධනය වෙමින් ද, පැවති එය නූතනයේ අපේ ආර්ථිකයට අඩුවැඩි තරමින් බලපෑම් කරන්නට සමත් වී ඇත.1963 දී රුපියල් දශ ලක්ෂ 6ක පමණ ආදායමක් ලබා ගත් අතර 1969 දී එය රුපියල් දශ ලක්ෂ 17ක් දක්වා වර්ධනය වී තිබිණි. 1977 න් පසුව ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ විවෘත භාවය සංචාරක ව්‍යාපාරයෙහි දියුණුවට බෙහෙවින් ඉවහල් විය. විවෘත ආර්ථිකය, විදේශීය ආයෝජකයන්ට ඉවහල් විය. විවෘත ආර්ථිකය, විදේශීය ආයෝජකයින්ට ඉඩ ප්‍රස්ථා සැලසීම, විනිමය සීමා කිරීම, වැනි නව ආර්ථික ප්‍රතිපත්ති සංචාරක ව්‍යාපාර විෂයෙහි මහත් බලපෑම් ඇති කිරීමට සමත් විය. 1980 දී ලංකාවට සංචාරකයින් 321,780 ත් පැමිණි අතර එම වසරේ විදේශ විනිමය ඉපයුම රුපියල් දශ ලක්ෂ 1830 කි. 1981 දී මෙය 39% කින් වැඩි වී තිබිණි. 1992 දී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඉපයුම දශ ලක්ෂ 18500 විය. ගත වූ දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ වැඩි පිරිසක් බටහිර යුරෝපා රටවලට අයත්ය.

ජර්මනිය

ප්‍රංශය

එක්සත් රාජධානිය

ඉතාලිය

ඇමරිකා එක්සත් ජනපදය

ජපානය

ඉන්දියාව

නෙදර්ලන්තය

    යන රටවලින් විශාල වශයෙන් සංචාරකයෝ ලංකාවට ඇදී ආහ. විනෝදය, ව්‍යාපාරික කටයුතු, සාකච්ඡා, සම්මේලන, නෑදෑ හිත මිතුරන් හමුවීම, ආදී හේතූන් මත මෙම සංචාරකයෝ ලංකාවට පැමිණෙති. ශ්‍රී ලංකාවේ දර්ශනීය මුහුදු වෙරළ, මධ්‍යම කඳුකරය, ඓතිහාසික නටඹුන්, ආගමික හා සංස්කෘතික ස්ථාන, ප්‍රණීත ආහාරපාන මතු නොව ලාංකිකයන්ගේ ආචාරශීලී භාවයද සංචාරකයන්ගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමෙහි සමත් වී ඇති බව පෙනේ.

    ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් 1960 දශකයෙන් පසු ඉපයූ විදේශ විනිමය පහත සටහනට අනුව සඳහන් කල හැකිය.


    සංචාරක කර්මාන්තයෙන් වූ යහපත වන්නේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයත් සමඟ ඒ ආශ්‍රිත නොයෙකුත් කර්මාන්ත දියුණු වූ බව පනේ. සංචාරක ව්‍යාපාරය සෘඡුව මෙන්ම, වක්‍රාකාරව ද රැකියා වියුක්තිය අඩු කිරිමට යම් තරමකින් හෝ හේතු වූ බව කිව හැක.

හෝටල් නවාතැන්

සංචාරක රථ

විනෝද ශාලා


    සංචාරක කාර්යාල ආදියෙහි ලාංකිකයන්ට සෘඡුවම රුකියා සැපයිණි. බතික් ඇඳුම්, විසිතුරු බඩු නිෂ්පාදන, රන් රිදී පිත්තල බඩු ලී කැටයම් හා කුඩා ආපන ශාලා මඟින් අතිරේක ආදායම් මාර්ගයක් ලබා ගැනීමට ලාංකිකයන්ට ඉඩ සැලසිණි. 1980 ඇති වූ අරගලකාරී තත්වයන් මත සංචාරකයන්ගේ පැමිණීම අඩු වූ අතර විශාල පිරිසකට රුකියා අහිමි වන තත්වයක් ද උද්ගත විය. මෑත කලීනව ද මේ තත්වය තවත් බරපතල වී තිබේ. කෙසේ නමුත් මෑත කාලයේ ආරක්ෂාව පිළිබඳ බිය සංචාරකයින් මෙරටට නොපැමිණීමට ප්‍රධාන හේතුව වී තිබේ.
සංචාරක ව්‍යාපාරයේම කොටසක් ලෙස නාගරික සංවර්ධන කටයුතුද පුළුල් වී ඇති බව පෙනේ. නගර පිරිසිඳුවටත් අලංකාර ලෙසත් තබා ගැනීම ඉතා වැදගත් වේ. නිර්මාණත්මක ලෙස නගර ඉදිකිරිම, මාර්ග හා ගුවන් තොටුපළ පුළුල් කිරිම, වෙරළ බඩ දර්ශනීය ස්ථාන ආරක්ෂා කිරීම සංචාරක ව්‍යාපාරයේම අතුරු ප්‍රතිඵල ලෙස හැඳින්විය හැක. සංචාරක ව්‍යාපාරයේ අතුරු ප්‍රතිඵල ලෙස අපේ සාම්ප්‍රදායික කලා මාධ්‍යන්ද දියුණුවට පත් වී ඇත. උඩරට, පහතරට බලිතොවිල්, වෙස් මුහුණු ආදී කලාවන්ගේ නවතාවයක් ඇති වූ බව පෙනේ.


    ඉහත  දක්වා ඇත්තේ 1985 සිට 2021 දක්වා මෙර සංචාරක පැමිණිම පිළිබඳ සංඛ්‍ය ලේඛණයයි.

Ø ශ්‍රී ලංකාවේ සංස්කෘතික සම්පත් කළමනාකරණය හැඳින්වීම.

    ඓතිහාසික උරුමය ආරක්ෂාකොට ඒවා අනාගත පරපුර උදෙසා දායාද කිරීමට වාර්ෂිකව මහා භාණ්ඩාගාරයෙන් විශාල මුදලක් වෙන් කළද එය තිරසාර සංවර්ධන ක්‍රියාවලියකට යොමුකර ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවිය. මෙබඳු ඓතිහාසික වටිනාකම් ඇති පුරාවිද්‍යා උරුම ස්ථාන ආර්ථික කටයුත්තක් ලෙස සැලසුම් කිරීම ආරම්භ වූයේ 1980 දශකයේදීය. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දී සමාජ - ආර්ථික ක්ෂේත්‍රයේ ඇතිකළ සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව සංස්කෘතික ක්ෂේත්‍රයේ වටිනාකම් ජාත්‍යන්තර සංචාරක කර්මාන්තය වෙනුවෙන් යොදාගැනීමේ වැඩපිළිවෙළ විධිමත් පරිදි සකස් කරන ලදී. ඒ අනුව සංස්කෘතික උරුම සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ රාජ්‍ය අංශයේ අවධානය යොමුකොට එහි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා 1980 වර්ෂයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල පනත හඳුන්වා දී අනුරාධපුර, පොළොන්නරුව සහ මහනුවර යන ඓතිහාසික නගර පදනම් කරගෙන සංස්කෘතික ත්‍රිකෝණය පිහිටුවීම සඳහා සැලැසුම් සකස් කරන ලදී. එය වූ කලී ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම සංචාරක කර්මාන්තය විධිමත් පරිදි රටේ ආර්ථික කටයුතු සඳහා යොදාගැනීමේ වැදගත්කම ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව හඳුන්වා දුන් අවස්ථාව ලෙස දැක්විය හැකිය.

    2015 වර්ෂයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව සංස්කෘතික සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමේ අරමුණින් සෑම දිස්ත්‍රික්කයක් පදනම් කරගෙන සංස්කෘතික උරුම ස්ථාන සංරක්ෂණය කොට සංවර්ධනය කිරීම සඳහා වූ සැලසුම් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව සංස්කෘතික සංචාරක කලාප ඇතිකොට ඒවා ප්‍රධාන ආදායම් ලබාදෙන ස්ථාන බවට පත්කරන ලදී. එමඟින් පුරාවිද්‍යා භූමි සඳහා ආරක්ෂාව ඇතුළු ප්‍රදේශයේ ජනතාවට සෘජු හා වක්‍ර රැකියා රාශියක් ජනිත කිරීමට අවස්ථාව උදාවිය.

    මෙම වැඩපිළිවෙළ යටතේ කෑගල්ල, රත්නපුර, බදුල්ල, මොණරාගල, ගම්පහ, කොළඹ, යාපනය, ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර ආදී දිස්ත්‍රික්කවල නව සංස්කෘතික උරුම ස්ථාන සංරක්ෂණය කිරීම හා සංචාරක ආකර්ශනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් දෙස් විදෙස් සංචාරක කටයුතු නඟාසිටුවීම සඳහා අඩිතාලම සකස් කරන ලදී. විශේෂයෙන් ථේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය වූ මහා විහාර සංකීර්ණයේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු මෙන්ම රුවන්වැලි සෑය වැලිමළුව ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණකොට බෞද්ධ ස්මාරක වැඳපුදා ගැනීම හා සංචාරය කිරීම සඳහා පැමිණෙන පිරිස ආකර්ශණය කිරීම සඳහා වූ සැලැසුම් සකස් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක විය.

    උතුරු හා නැගෙනහිර පළාත්වලට අයිති සංස්කෘතික උරුම ස්ථාන නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ අවධානය යොමු වී ඇත. විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කය තුළ යාපන කොටුව, කන්නරෝදේ, පුරාවිද්‍යා භූමි ඇතුළු ඩෙල්ෆ්ට් දූපත ආශ්‍රිත පැරණි ස්මාරක නැරඹීම මෙන්ම නල්ලූර් කෝවිල ආශ්‍රිත පුද පූජාවලට සහභාගිවීම සඳහා විශාල සංචාරක පිරිසක් යාපනය වෙත පැමිණේ. එය ජාතික හා ආගමික සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා විශේෂ ප්‍රවේශයක් ලෙස මතු වී ඇත. ත්‍රිකුණාමලය හා මඩකළපුව යන දිස්ත්‍රික්කවල පැරණි බලකොටු සංරක්ෂණයකොට එහි ගෘහ නිර්මාණ ශිල්පීය වටිනාකම් සංචාරක ආකර්ශනය වෙත යොමුකිරීමට අවධානය යොමුකර ඇති අතර එමඟින් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා සංචාරක පැමිණීම විශේෂ බලපෑමක් ඇතිකරනු ඇත.

    අම්පාර දිස්ත්‍රික්කයේ මඟුල්මහා විහාර නම් වූ බෞද්ධ ආරාම සංකීර්ණය සංචාරක ආකර්ශනය සඳහා යොමුකර ඇති අතර, ආරුගම්බේ වෙරළ ආශ්‍රිත සංචාරක කටයුතු සඳහා පැමිණෙන දෙස් - විදෙස් සංචාරකයින්ගේ විශේෂ අවධානයට මෙම කලාපයේ සංස්කෘතික උරුම ස්ථාන වෙත යොමු වී තිබේ.

    2015 පසු සංස්කෘතික උරුම සංචාරක ස්ථානීය වර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම නිසා සංස්කෘතික සංචාරක ක්ෂේත්‍රය තුළ පිබිදීමක් ඇතිවී තිබේ. ජාත්‍යන්තර සංචාරකයින්ගේ පැමිණීම ක්‍රමානුකූලව වර්ධනය වීම හා සංස්කෘතික උරුම ක්ෂේත්‍රයේ දිස්ත්‍රික්ක මට්ටමේ ව්‍යාපෘති ආරම්භ කිරීම මඟින් එම ස්ථාන ආදායම් ලබාගත හැකි සංචාරක ස්ථාන බවට පත්කිරීමට හැකියාව ලැබීම ආදායම් වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් බලපානු ඇත.

    2018 වර්ෂයේදී මිලියන 2.5 ජාත්‍යන්තර සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත ආකර්ශනය කරගැනීම සඳහා වූ ප්‍රවර්ධන කටයුතු සිදුවුවද එය මිලියන 2.3 දක්වා පහත වැටීමට බලපෑ ප්‍රධාන සාධකය වූයේ 2018 ඔක්තෝබර් 26 දින ආරම්භ වූ අස්ථාවර දේශපාලන වාතාවරණයයි. ලෝකයේ රාජ්‍ය කීපයක ගමනාන්ත උපදේශකයින් විසින් ශ්‍රී ලංකාව සඳහා තාවකාලික සංචාරක සීමා පැනවීම නිසා එම ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් විය. එම නිසා සමස්තයක් වශයෙන් සියලුම සංචාරක නිෂ්පාදනවල ආදායම පහත වැටීමට හේතු විය.

    මෙම දේශපාලන අර්බුද කාලය තුළදී ලෝක ප්‍රකට මාර්ග විස්තර ලෝන්ලි ප්ලැනට් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධව වැදගත් සටහනක් ප්‍රකාශයට පත්කරන ලදී. එනම්, ලෝකයේ සංචාරක කටයුතුවලදී 2019 වර්ෂයේදී තෝරාගන්නා රාජ්‍ය අතුරින් ශ්‍රී ලංකාව ප්‍රථම ගමනාන්ත සංචාරක රාජ්‍ය ලෙස නම් කිරීම යුද්ධය අවසන් වී වසර දහයක් ඇතුළත සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ලැබූ ජයග්‍රහණයක් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකට ලක්වීම කැපී පෙනේ. මෙරට පවතින ස්වාභාවික වනාන්තරය, උඩරට තේ වගාව ආශ්‍රිත භූ දර්ශනය, විවිධ ක්‍රියාකාරකම්, පැරණි බෞද්ධ ස්මාරක ආදිය විශේෂ අංග ලෙස දක්වා ඇත.

    සංචාරක කර්මාන්තයේ ජයග්‍රාහි ප්‍රවේශය අත්පත් කරගැනීම සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයක් ලෙස දැක්විය හැකිය. එම සඟරාවේ විස්තරවලට අනුව සීගිරිය, අනුරාධපුර, මහනුවර සහ ගාල්ල ආදී ලෝක උරුම ස්ථාන කෙරෙහි විශේෂ අවධානය යොමුකර ඇත.

    සීගිරිය සංස්කෘතික උරුම සංචාරක ක්ෂේත්‍රයේ වැඩිම ආදායම් ලබාදෙන ස්ථානය වේ. එය දළ වශයෙන් ජාත්‍යන්තර සංචාරකයින් පැමිණෙන ඉහළ කාලසීමා ලෙස සැලකෙන අගෝස්තු සිට අප්‍රේල් මාසවලදී එක් දිනකට මිලියන දොළහක පමණ ආදායමකි. කෙසේ වෙතත් වර්තමානය වන විට සංචාරක කළමනාකරණය පිළිබඳ විශේෂ අවධානය සීගිරිය සම්බන්ධයෙන් යොමුකර ඇත. සීගිරි පර්වත මුදුන නැඟීමේදී සිංහ පාදයෙන් ඉහළ පර්වත කොටසේදී ඇතිවෙන සංචාරක පීඩනය කළමනාකරණය කොට සංචාරක ධාරිතාව කෙරෙහි අවධානය යොමුකළ යුතු සැලසුම් මේ වන විට සකස් කර අවසන් බැවින් එය ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ වගකීම වේ.

    ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංචාරණයේ ස්වදේශිකයන් මෙන්ම විදේශිකයන්ගේ ද වැඩි ආකර්ෂණයක් සහිත  සංචාරක ගමනාන්ත රාශියක් පවති. ඒ අතර UNESCO සංවිධානය විසින් ලෝක උරුම ලෙස නම් කර ඇති ගමනාන්ත විශේෂ ආකර්ෂණ ලෙස දැක්විය හැකිය. ඒ අතර ලෝක උරුමයන්ගෙන් යුනෙස්කෝව විසින් තෝරාගෙන ඇති ආරක්ෂා කළ යුතු ලෝක උරුමයන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආකර්ෂණ ස්ථාන අටක් හිමි කරගෙන තිබේ. ක්‍රි.පූ. 5 වන සියවසේ සිට 10 වන සියවස දක්වා සමෘද්ධිමත් වූ අනුරාධපුර පෞරාණික ප්‍රදේශයේ නටබුන් මේවා ය. පොළොන්නරුව (9 සිට 14 වන සියවස දක්වා) අනුගාමික රාජ්‍යයේ නටබුන් සහ 5 වන සියවසේදී බලකොටුවක් මාරු කළ සිතාගත නොහැකි සීගිරි පර්වතය. ක්‍රි පූ 1 වන සියවසේ සිට දඹුල්ල ලෙන් සහ දේවාලය නිර්ණය කරන ලද පූජනීය දේවාලය සහිත මුළු මහනුවර නගරයම ලෝක උරුමයකි. 1588 දී පෘතුගීසීන් විසින් ආරම්භ කරන ලද ගාලු කොටුව, ඊට අමතරව, සිංහරාජ වන රක්ෂිතය සහ මධ්‍යම කඳුකරය යන ස්වාභාවික බිම් සලකුණු දෙකක් තිබේ. (හෝර්ටන් තැන්න සහ නකල්ස් සංරක්ෂණ වනාන්තරය)

ශ්‍රී ලංකාවේ සුවිශේෂ UNESCO ලෝක උරුම ආකර්ෂණ ස්ථාන අට පහත වේ.

01. අනුරාධපුර පූජා නගරය (සංස්කෘතික)

02. පොළොන්නරුව පෞරාණික නගරය (සංස්කෘතික)

03. සීගිරියේ පෞරාණික නගරය (සංස්කෘතික)

04. ගාල්ල පැරණි නගරය සහ එහි බලකොටු (සංස්කෘතික)

05. මහනුවර පූජා නගරය (සංස්කෘතික)

06. රංගිරි දඹුලු ලෙන් විහාරය (සංස්කෘතික)


07. සිංහරාජ වන රක්ෂිතය (ස්වාභාවික)

08. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය (ස්වාභාවික)


    ඉහත සංස්කෘතික සංචාරණ ආකාර්ෂණ වලට අමතරව තවත් සංස්කෘතික සංචාරණ ආකාර්ෂණ රාශියක් මෙරට තුල දක්නට ලැබේ. ඒ අතර ශ්‍රී පාදස්ථානය, මහියංගනය, යාපනය, රත්නපුරය, ත්‍රීකුණාමලය, මාතර, හම්බන්තොට, බදුල්ල, වැනි ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ වල සංස්කෘතික සංචාරණ ආකාර්ෂණ ගමනාන්ත දක්නට ලැබේ. මෙම තත්ත්වය අප රට ලැබූ විශාල වාසියක් ලෙස හැදින්විය හැකිය. මේ හේතුවෙන් විශාල විදේශික ආකර්ශණයක් ලබා ගැනීමට අප රටට හැකියාව ලැබී ඇත.

Ø ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගතය තුළ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති අභියෝග.

    වර්තමානය වන විට කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් බවට පත්ව තිබූ සංචාරක කර්මාන්තය බිඳ වැටී තිබේ. එය ලංකාවේ ආර්ථිකයට සෘජුව මෙන්ම වක්‍රව විශාල ලෙස බලපා ඇත. නමුත් බිඳ වැටී තිබෙන සංචාරක කර්මාන්තය සක්‍රිය කිරීම් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම මෙවන් කොවිඩ් වසංගත තත්ත්වයක් තුළ එය ශ්‍රී ලාංකිකයන්ට හානිදායක නොවන අයුරින් ක්‍රියාත්මක කළ යුතුය. 
    
    කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය ගෙන ආවේ සුළුපටු හානිකර තත්ත්වයක් නොවේ. අපේක්ෂිත වූ සංචාරකයන්ගේ පැමිණීමේ ප්‍රතිඵල ඒ අයුරින්ම ලබාගැනීමට නොහැකි වීමෙන් සංචාරක හෝටල් හිමියන් මෙන්ම ඒ ආශ්‍රිත රැකියා කරා යොමුව සිටින්නන් ද බරපතළ ගැටලු රාශියකට මුහුණ දුන්හ. පෞද්ගලික වශයෙන් ඔවුන් එයට මුහුණ දුන්න ද අවසන් වශයෙන් එම ගැටලුව බාර වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටය. 2018 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන 233 ක් වන අතර, ඔවුන් මෙරටට රැගෙන ආ විදේශ විනිමය ප්‍රමාණය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.5 කට ආසන්නය. නමුත් ඉන්පසු වසරේදී පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම අහිමිව ගිය අතර, 2020 වසර තුළ ද සිදුවුණේ ඒ හා සමානවම කොවිඩ් වසංගතයෙන් අප රටට ලැබිය යුතු ආදායම් මාර්ග ඇහිරී යෑමය. මේ මොහොත වන විට ද එය ඒ ආකාරයෙන්ම පවතී. කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ. මෙහිදී සංචාරකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මූලිකම අවධානය යොමුව ඇත්තේ රුසියන් ජාතිකයන් කෙරෙහිය.

    සෝවියට් දේශය බිඳ වැටීමට පෙර සිටම ශ්‍රී ලංකාව සමඟ තානාපති සබඳකම් මනා අයුරින් පවත්වාගෙන ආ රටකි. එකල වඩා සම්බන්ධතාවක් පැවතියේ යුක්රේනය, කසකස්ථානය හා රුසියාව සමඟ වූ අතර, ජාත්‍යන්තර වශයෙන් ද රුසියාව ශ්‍රී ලංකාව වෙත එල්ල වන සෑම ගැටලුවකදීම පෙනී සීටීමට කටයුතු කළ රටකි. නමුත් 1992 දී සෝවියට් දේශයෙන් රුසියාව වෙන්ව ගිය පසු දෙරට අතර, පැවති ගනුදෙනුවල යම් අඩු ලුහුඬුකම් දක්නට වූ අතර, එය යථා තත්ත්වයට පත් වූයේ 2006 වසරේදී උදයංග වීරතුංග මහතා එහි තානාපති වශයෙන් පත් වූ පසුය. එතෙක් සෝවියට් දේශය සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹ සිටියේ ගුණපාල මලලසේකර මහතා තානාපති වශයෙන් පත්ව සිටි සමයේ ගුවන් ගමන් සම්බන්ධයෙන් එළඹ සිටි ගිවිසුමකට පමණි.

    රුසියන් ජනතාව බොහෝ සෙයින් සංචාරක කටයුතු සඳහා වැඩි කැමැත්තක් දක්වන අතර, සංඛ්‍යා ලේඛනවලට අනුව රුසියානු ජාතිකයන් එක් වසරකට මිලියන 20 - 25 ක ප්‍රමාණයක් විදේශ සංචාර සඳහා යොමු වෙති. එයින් බහුතරයක පිරිසක් ශ්‍රී ලංකාවේ ද සංචාරය කිරීමට කටයුතු කළ අතර, 2006 වසරේ පටන් ඇති වූ සංචාරකයන් ඇදී ඒමේ ක්‍රමවේද මත එම වසරේ 4500 ක වූ සංචාරකයන් ප්‍රමාණය 2014 වර්ෂය වන විට 1,20,000 කට වඩා වැඩි අගයක් ගත්හ. ඉන්පසු වසර 5 තුළ එහි වර්ධනය සිදුව ඇත්තේ දාහකට ආසන්න වූ ප්‍රමාණයකිනි. නමුත් මේ වන විට ඒ සියලු සංචාරකයන්ගේ පැමිණීම නවතා දමා ඇති නිසා ලංකාවේ කිසිදු අයකුට කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් හානියක් නොවන අයුරින් නැවත ඔවුන් ගෙන්වා ගැනීමට පියවර කිහිපයක්ම ආරම්භ කර තිබේ.

    මේ වන විට සංචාරක රුසියනු ජනතාවට ශ්‍රී ලංකාව විවෘතව නොපැවතීම හේතුවෙන් ඔවුන් වැඩි වශයෙන් සංචාරය කිරීමට පෙළඹ ඇති රටක් වන්නේ තුර්කියයි. රුසියානුවන් පමණක් නොව රටවල් 31 කින් අන්ටාල්යා වෙරළ නගරයට මිලියන එකක පමණ සංචාරකයන් පැමිණීම මේ මොහොත වන විටත් සිදු වෙමින් පවතී. එයින් ගම්‍ය වන කරුණ වන්නේ කොවිඩ් වසංගත තත්ත්වය තිබුණ ද සංචාරක කර්මාන්තය සඳහා එය බාධාවක්ව නොමැති බවයි. නමුත් ලංකාවට විදේශික සංචාරකයින් ගෙන්වීම නතර කර ඇති නිසා අප වෙත ගලා එනු ලබන විශාල විදෙස් මුදල් ප්‍රමාණයක් අහිමිව පවතී. එයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ජනතාව තුළ පවතින බියයි. රජයක් වශයෙන් ඔවුනගේ වගකීම විය යුත්තේ තම රටේ ජනතාව අනතුරේ නොහෙළා ආරක්ෂා කිරීම වුවත් පවතින තත්ත්වය තුළම එය ජය ගැනීමේ මඟ අප විසින්ම නිර්මාණය කර ගත යුතුව තිබේ.

    දැන් එළඹ ඇත්තේ ඒ වෙනුවෙන් අප වෙන් කළ යුතු කාලයයි. තුර්කියේ මෙන්ම සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ඊජිප්තුවේ ද ශීත සමය ආරම්භ වේ. මේ කාල සමය තුළ සංචාරකයන් මුහුණ දෙන ගැටලුව වන්නේ ඔවුන්ට සංචාරය කිරීමට රටක් නොමැති වීමයි. ශ්‍රී ලංකාව ශීත කාලය තුළ සංචාරකයන් ගමන් කරනු ලබන පළමු රටවල් දහය තුළ පවතින රටක්. එම නිසා මෙම සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ තුළින් යෝජනා කිහිපයක්ම එරට නියෝජිතයන්ට ඉදිරිපත් කර තිබේ. අප කළ යුත්තේ තුර්කියේ, අන්ටාල්යා නගරයේ සංචාරය කළ සේම රට තුළට ගමන් නොකර හෝටල පරිශ්‍රයක් තුළ මෙන්ම එය ඉදිරිපස වෙරළ කලාපයේ හැසිරිය හැකි ලෙස කටයුතු සලසා දීමයි. එහිදී සංචාරකයන් මත්තල ගුවන් තොටුපළට රැගෙන ඒමට කටයුතු කරන අතර, වීසා ගැනීමට පැය 72 කට ප්‍රථම ඡක්‍ඍ පරීක්ෂණයකට ද යොමු කළ යුතු බව ඉදිරිපත් කොට ඇත.
එසේ මත්තල සිට පැමිණෙන සියලු සංචාරකයන් අදාළ සංචාරක හෝටලය තුළම සිටිය යුතු අතර, එම හෝටලයට අදාළ වෙරළ තීරයේ ඔවුනට විනෝද වීමේ හැකියාව ද පවතී. මෙහිදී ශ්‍රී ලාංකිකයනට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට පවා මතුව එන ගැටලුව වන්නේ ඔවුන් අදාළ සංචාරක හෝටලය තුළ සිටිය ද වෙරළ තීරයට පැමිණි පසු ඔවුන් ශ්‍රී ලාංකිකයන් හා ගැවසෙන නිසා එය යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් විය හැකි බවයි. නමුත් මෙම වැඩපිළිවෙළ තුළ ඇති එක් පියවරක් වන්නේ රජය සමඟ මෙන්ම ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කොට එම සංචාරක හෝටලය ආශ්‍රිත වෙරළ තීරය එම කාලසීමාවට ශ්‍රී ලාංකිකයන්ට ඇතුල්විය නොහැකි භූමියක් ලෙස වෙන්කර තැබීමයි. එසේ එම කලාපය විදේශිකයන්ට පමණක් තාවකාලිකව වෙන්කළ බිම් තීරයක් වූ පසු ලාංකිකයන් තුළ පවතින අනවශ්‍ය බිය ඉවතලා ගත හැක. රටක් ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණිය යුතු සමයක මෙවන් සුළු හෝ කැපකිරීමක් කර සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ආර්ථිකය ගොඩනංවා ගැනීමේ මඟට සහාය දීම ද වැදගත්ය.

    එමෙන්ම මේ කටයුත්ත සඳහා තෝරාගනු ලබන සංචාරක හෝටල සඳහා අනිවාර්යයෙන්ම හෝටලය ආශ්‍රිතව මුහුදු තීරයක් තිබිය යුතු අතර, එම හෝටලය අංගසම්පූර්ණ තත්ත්වයේ ද තිබිය යුතුය. එමෙන්ම සෞඛ්‍යමය ආරක්ෂාවට තවත් එක් පියවරක් ලෙස එහි සේවය කරන්නන් ද මේ කාලසීමාව තුළ හෝටලය තුළම රැඳී සිටිය යුතුය. ගිය වසරේ මෙරටට රුසියානු ජාතික සංචාරකයන් 85,000 ක් පමණ පැමිණ තිබෙන අතර, කසකස්ථාන් එක් ගුවන් සේවාවක් ද, යුක්රේන මෙන්ම රුසියානු ගුවන් සේවා දෙක බැගින් ද මෙම කටයුත්ත සඳහා කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

    දැනට එම රටවල නියෝජිතයන් නිශ්චිතවම පවසා ඇති පරිදි මෙරටට පැමිණෙනු ලබන සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම දළ වශයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 26 ක් පමණ වේ. මෙසේ ගණනය කර ඇත්තේ ශීත කාලය තුළ පමණක් පැමිණෙන සංචාරකයන්ගෙන් ලබාගන්නා ආදායමයි.

    කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කඩාවැටී ඇති සංචාරක කර්මාන්තය ගොඩනැංවීමේ අරමුණෙනි. සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම තුළම ජනතාව අතර මතයක් ගොඩනැඟිය හැක්කේ එය යම් අයුරකින් ලංකාවට හානිකර තත්ත්වයක් විය හැකි බවයි. මේවාට නිසි පිළියම් යොදාගෙන සංචාරක කර්මාන්තය ද දියුණු කිරීමට කටයුතු නොකළහොත් ඊටත් වඩා හානිදායක තත්ත්වයක් ආර්ථිකමය වශයෙන් මතුවිය හැකිය. එම නිසා අප කළ යුත්තේ සෞඛ්‍ය අංශ මෙන්ම මහජනතාව ද දැනුම්වත් කරමින් රටට විදේශ විනිමය ලැබෙන සම්පතක් වූ සංචාරක කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ඉදිරි පියවරක් තැබීමයි.
නව වසරේ මුල් දින හතරෙහි සංචාරකයන් 11,380 ක් මෙරටට පැමිණීමෙන් 2022 වසරේ සංචාරක ක්‍ෂේත්‍රයේ නවෝදයට මුල පිරීමක් ලැබුණු බවට සඳහන් කළ යුතුය.

රුසියානු ජාතිකයන් 2,032 ක්
ඉන්දියානු සංචාරකයන් 1,809 ක්
යුක්‍රේන සංචාරකයන් 1,041ක්
ජර්මන් සංචාරයන් 775 ක්
එංගලන්ත සංචාරකයන් 709 ක්
කසකස්තාන හා මාලදිවයින් ජාතීන් 506 බැගින්
ඕස්ටේ්‍රලියානු සංචාරයන් 420
ප්‍රංශ ජාතීන් 414 ක් මෙරටට පැමිණ ඇත.

    සංචාරක කර්මාන්තය නගාසිටුවීමට දායකත්වය ලබාදෙන සියලුම දෙනා මෙම සංවර්ධනයේ කොටස් කරුවන් බව කිවයුතුමය. මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගය වූ සංචාරක කර්මාන්තය බිඳවැටීම හේතුවෙන් ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සඳහා සංචාරක ක්ෂේත්‍රය පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කලයුතුය. ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම හා නියමිත පරිදි එන්නත් මාත්‍රා ලබාගැනීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමකි. පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා අභූත චෝදනා නගන පිරිස් රටේ පිබිදෙන ආර්ථිකය සැබෑ ලෙසටම ජනතාවට වසන් කිරීමට කටයුතු කරයි. නමුත් රටේ සැබෑ සංවර්ධනය සීමා මායිම් බිඳ දමමින් ඉදිරියට රැගෙන යාමේ ප්‍රධාන ඉසව්ව සංචාරක කර්මාන්තයි.

    ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගතය තුළ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති අභියෝග පිළිබඳ සලකා බැලීමේදී ශ්‍රී ලකකාවේ ඉතා වැදත්ම කර්මාන්තයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. දියුණු වෙමින් පවතින ඉතා කෙටි කාලයකින් සංවර්ධිත රටක් වීමට සංචාරක කර්මාන්තය යොදා ගැනීම වර්තමානයේදී දැක ගත හැකිය. ශ්‍රී ලංකාවේ 2009 දී යුද්ධය අවසන් වීම සමඟ එවක රජය විසින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විවිධ ව්‍යපෘති මගින් කටයුතු කිරීම මත ඉතා කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රචලිත වී ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහල ගිය බව සඳහන් කල හැකිය. මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් ආකර්ෂණය වීමට හේතු කිහිපයක් පවතී.
එනම්,

සංස්කෘතික උරුම සංචාරණය
ත්‍රාසජනක සංචාරණය
රට වටා පවතින ඉතා අලංකාර මුහුදු වෙරළ
ඉතා දියුණු හෝටල් ජාලය
ඉතා දියුණු මාර්ග පද්ධතිය
ප්‍රවාහන පද්ධතිය දියුණු වීම
වීසා ලබා ගැනීමේ පහසුව
ආගන්තුක සත්කාර පැවතීම
ශ්‍රී ලංකාව තුල ඉතා කෙටි කාලයකින් විවිධ දේශගුණික තත්ත්වයන් අත්විදීමේ හැකියාව 
වැනි කරුණුය.

    ඊට අමතරව ශ්‍රී ලංකාවට විදේශික සංචාරකයන් ආකාර්ශණය වීමට තවත් එක් විශේෂ කරුණක් පවතී. ඒ දැරිය හැකි වියදම් සහිත සංචාරක පැකේජයන් මෙරට තුල ක්‍රියාත්මක කිරීමයි. අඩු වියදමකින් මෙරටට පැමිණ සංචාරය කිරීමේ හැකියාව පැවතීමයි. ආසියාවේ අඩු වියදම් සංචාරක රටවල් අතර මෙරටට ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. ඊට අමතරව ඕනෑම රටක සංචාරකයෙකුට මෙරටට පැමිණීමට වීසා ලබා ගැනීමේ හැකියාව ද තවත් එක් හේතුවක් ලෙස හැදින්විය හැකිය. මෙරට තුල පවතින ආගන්තුක සත්කාර ද ඉහල තලයක තිබීම සංචාරක ආකර්ෂණය වැඩි වීමට හේතු වී ඇත.

    කෙසේ වෙතත් මෙරට 2009 වර්ෂයෙන් පසු සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය මත ක්‍රමයෙන් දියුණු වෙමින් පැවති අතර කිසිවකු නොසිතූ ලෙස 2019 වර්ෂයේ අවසානයේ දී චීනයෙන් අති දරුණු වෛරස් වර්ගයක් හිස එස වීමට පටන් ගෙන තිබුණි. නමුත් එම වෛරසය දරුණු වේ යැයි කිසිදු රටක් නොසිතූ අතර ඉතාම කෙටි කාලයක දී එනම්, මාසයක් වැනි සු`ඵ කාලයක් තුල ලොව බොහෝ රටවල් ගනණාවක ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වීම අවාසනාවන්ත හේතුවක් විය. එම වෛරසය Covid-19 ලෙස හැදින්විය. කොවිඩ්-19 පැමිණීම සමඟ ලෝකයේ සෑම රටකම දරුණු ලෙස ව්‍යාප්ත විය. දෛනිකව මිලියන ගණනින් වෛරසය රටවල් නගර ගම්මාන පුරා ආසාදිතයන් හමු වීම ද, දෛනික මරණ සංඛ්‍යාව ද මිලියන ගණනින් වැඩි විය. මෙම තත්ත්වය ලොකයේ කිසිදු රටකට මුහුණ දිය නොහැකි තත්ත්වයක් විය. විශේෂයෙන් ආර්ථික අතින්, තාක්ෂණික අතින්, වෛද්‍ය විද්‍යාත්මක අතින්, ඉතා දියුණු රටවල් වන ඇමරිකාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, බි්‍රතාන්‍යය, ඕස්ටේ්‍රලයාව, වැනි රට වලද මෙම වෛරසය ව්‍යාප්තිය දැඩි සේ බලපෑවේය.

    කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමට හේතු කිහිපයක් පවතී. එනම්, නාසයෙන් හෝ මුඛයෙන් පිටවන කෙළ බිදිති යම් පෘෂ්ඨයක ස්පර්ෂ වී එය වෙනත් අයෙකුගේ ශරීරයේ ස්පර්ෂ වි හෝ නාසයෙන් මුඛයෙන් ආග්‍රහනය වී ස්වසන පද්ධතියට ඇතු`ඵ වීමත්, යම් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ අයෙකුගේ ප්‍රාස්වාසයේදී හෝ කිවිසුම් හා කැස්ස පිටවීම මත මුඛයෙන් හෝ නාසයෙන් පිටවන ඛේඨ බිදිති තවත් අයෙකුට නිරාවරණය වී නාසයෙන් හෝ මුඛයෙන් ආග්‍රහනය වී ස්වසන පද්ධතියට ඇතු`ඵ වී ආසාදනය වේ. මෙහිදී මුඛ ආවරණ පැළදීම, මීටර් 3 ක පුද්ගල දුර ප්‍රමාණය පවත්වා ගැනීම, නිතර දෑත් සේදීම, වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුල මෙම තත්ත්වය කිසියම් පාලනයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අවධාරණය කර තිබේ.

    එහෙත් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට කිසිදු රටකට හැකියාව ලැබී නැත. එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් වසා දැමීමේ ක්‍රමවේදය භාවිතා කිරීම එනම්, LOCK DOWN කිරීම උචිතම විකල්පය විය. එහි අර්ථය නම් අදාල රටට වෙනත් කිසිදු රටකින් ඇතු`ඵ වීම තහනම් කිරීමත්, අදාල රටින් වෙනත් රටවල් වලට පිටවීමත් තහනම් විම හා රට තුල ද අත්‍යාවශ්‍ය සේවාවන් හැර අන් කිසිදු ආකාරයක අවශ්‍යතාවයක් සඳහා තම නිවස හෝ නවාතැන්පල තුලින් ඉවතට යෑම තහනම් කිරීම යන ක්‍රියාවලිය සංචරණ සීමා පැනවීමේ ක්‍රියාවලිය ලෝකයේ බොහෝ රටවල් ක්‍රියාතමක කෙරිණි. එහි ප්‍රතිඵලය ද වූයේ මිනිසුන් නිවස හෝ නවාතැන්පල තුල හුදකලා වීමයි. දිලින්දාගේ සිට පොහොසතා දක්වා මෙය අදාල විය. ගුවන්තොටුපල, වෙළෙඳ ආයතන, වෙළෙඳ සංකීර්ණ, රැකියා ස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල්, සියල්ල වසා දැමිණි. කොවිඩ්-19 ආසාදිතයන් නිවාස තුල, මහා මාර්ග තුල මැරී වැටුණු තත්ත්වයක් දැක ගත හැකි විය. ඉතාලිය, ඇමරිකාව, ජර්මනිය, වැනි රටවල මල සිරුරු වීදී වල ගෙඩ ගැසීම ද දිළිඳු ජනතාවට ආහාර නොමැතිව නිවාස තුල සිරවීම ද, නිවාස තුලම මිය ගිය අවස්ථාද දැකිය හැකි විය. කල් යත්ම වෛරසය තවත් දරුණු විකෘති ප්‍රභේද ඇති කිරීම එනම්, ඩෙල්ටා, ලැම්ඩා, ඔමික්‍රෝන්, වැනි ප්‍රභේද මුල් වෛරසයට වඩා දරුණු වීම ද දෛනික ආසාදිතයන්  ඉහල යාම තුල රෝහල් ධාරිතාව ද ඉකමවා ගිය අතර රෝහල් වල ප්‍රමාණය ඉකමවා ගිය පසු නිවස තුල නිරෝධායනයට ලක්කිරීමට සිදු විය. එම ක්‍රමය යම්තාක් සාර්ථක වූ නමුත් විශාල ආසාදිතයන් ප්‍රමාණයක් නිවාස තුල මියයාම ද සිදු විය. සෞඛ්‍ය අංශ වල ඖෂධ ප්‍රමාණයද අවසන් වීම මත මරණ සංඛ්‍යාව තවත් ඉහල යනු දැකිය හැකි විය.

    මෙම තත්ත්වය තුල ලෝක ආර්ථිකය සියලුම රටවල කඩා වැටීම තුල ජීවන තත්ත්වයද පහල ගිය අතර කර්මාන්තශාලා වැසී යාමද, පෞද්ගලික ආයතන වැසීයාම ද, කුඩා පරිමාණ කර්මාන්ත යලි ගොඩ නැගීමට නොහැකි ලෙස අගාදයට වැටීමද දක්නට ලැබුණි. මෙම බලපෑම දියුණු වූ රටවලට මෙන්ම දියුණු වෙමින් පවතින රටවලට ද ඉතා දරුණු ලෙස බලපෑවේය. ශ්‍රී ලංකාව බංගලාදේශය මාලදිවයින වැනි රටවල් තුල ආර්ථික අතින් සෘණාත්මකව පහල ගිය අතර උද්ධමනය වැඩි විය. මෙහි විශාලම හානිය සිදු වූයේ සංචාරක කර්මාන්තය සඳහා ය. දියුණු වූ රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රවලට ද සංචාරක කර්මාන්තය බිංදුවටත් පහල මට්ටමකට කඩා වැටුණි. ලොක් ඩවුන් තත්ත්වය තුල කිසිදු සංචාරකයෙකු පැමිණීම හෝ පිටවීම සිදු නොවීම මත මු`ඵ කර්මාන්තයම සුනු විසුනු වී ගියේය. රෝහල් ධාරිතාව ඉක්මවායෑම තුල යාම සංචාරක හෝටල් රෝහල් ලෙස හෝ නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කිරීම ද දකිනට ලැබුණි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි යම් මට්ටමක දියුණුව කරා පිය මනිමින් සිටි අවස්ථාවක සිදු වූ මෙම ව්‍යසනය තුලින් ශ්‍රී ලංකා ආර්ථිකය නැවත වරක් පහලට ඇද වැටිණි. ශ්‍රී ලංකාව අපනයන විදේශ සේවා හා සංචාරක කර්මාන්තය මගින් ලැබෙන විදේශ විනිමය මත යැපෙන ආර්ථිකයක් හිමි රටකි. අපනයනික භාණ්ඩ ලෙස තේ, රබර්, ඇගලුම්, වැනි භණ්ඩ අපනයනය කරයි. ඊට අමතරව විදේශ සේවා නියුක්තිය මගින් ලැබෙන ආදායම් ද විශේෂයෙන් සංචාරක කර්මාන්තය මගින් ලැබෙන ආදායම මෙරටට ආර්ථික දියුණුවට බෙහෙවින් බලපෑබව කිව හැකිය. එහෙත් මෙම වෛරසය හේතුවෙන් එම ආදායම් පූර්ණ වශයෙන් ශූන්‍ය වී ගියේය. ලෝකයේ රටවල ද, ශ්‍රී ලංකාවේ ද, ලොක් ඩවුන් කිරීම නිසා අපනයන ද, සංචාරකයිනගේ පැමිණීම ද, නැවතීම මත ලංකා ආර්ථිකය කඩා වැටිණි. 

    කෙසේ වෙතත් මෙරටට සංචාරක කර්මාන්තයට සිදු වූයේ දැඩි බලපෑමකි. විශාල තරු පංති වල හෝටල් හිමියාගේ සිට මාර්ග අසල පිහිටි පෙට්ටි කඩ මුදලාලි දක්වා මෙය බලපෑවේ ය. සංචාරක නියෝජිත ආයතන සංචාරක මඟපෙන්වන්නන් ගුවන් සේවා රට අභ්‍යන්තර සේවා (TAXI) වැනි අංශ සියල්ලම Covid-19 හමුවේ කඩා වැටිණි.

ගුවන් සේවා අංශයෙන් ද මෙරටට සංචාරකයින් නොපැමිණිම මත ගුවන් සේවා නතර කිරීමට සිදු විය. මෙරටින් පිටව යෑම ද, මෙරටට විදේශයකින් පැමිණිම ද, සිදු නොවීය. මෙරටට Covid-19 ව්‍යාප්තිය නතර කිරීමට ද, සංචාරකයින් මෙරටට පැමිණිම වලකා ගැනීමට ද, රජය විසින් පමා වී හෝ තීරණය කලේය. රජය මෙම තීරණය තව මාස කිහිපයකට පෙර ලබා ගත්තේනම් මෙම තත්ත්වය මේ තරම් දරුණු නොවීමට තිබූ බව සදහන් කල යුතුය. එනම් Covid-19 මුල් ම අවධියේ දී ඉතා සීග්‍ර ලෙස ව්‍යප්ත වීම සිදු විය. එම රැල්ල ශ්‍රී ලංකාවට ද එක සේ බලපෑවේය. එහෙත් රජය මුල් අවස්ථාවේ දී එය පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකර සංචාරකයන් මෙරටට ගෙන්වීමෙහි එහි ප්‍රථිපලය වූයේ මෙරටට Covid-19 වෛරසය ව්‍යාප්ත වීමයි. තත්ත්වය ඉතා දරුණු අතට හැරුණු පසු රට වැසීම සිදු කලද ඒ වන විටත් වෛරසය රට තුල සීග්‍රයෙන් ව්‍යාප්ත වී අවසන්ය. එහෙත් මුල් අවස්ථාවේදී රට වැසීම සිදු කළේ නම්, මෙම ව්‍යසනයෙන් මෙරට මුදා ගැනීමට හැකි වනු ඇති බව මෙරට විද්වත් හු හා සෞඛ්‍ය අංශ වල අදහස වුවද, ඊට අවනත වීමට රජය අකමැති වීම මත මෙරට ආර්ථිකය බිංදුවට පත් වන තුරැ රට වසා තැබීමට සිදු විය. 

    පසුව රට වැසීමෙන් පසු ක්‍රමයෙන් වෛරසයේ බලපෑම අඩු වත්ම නැවත රට අභ්‍යනතරය විවෘත්ත කිරීමද, විදේශිකයන් නැවත ගෙන්වීමට ද, රජය නැවත කටයුතු යෙදීම මත සෞඛ්‍ය අංශ නැවත ඒ තීරණයට විරුද්ධ විය. එහෙත් ඊටද, රජය අවධානය යොමු නොකළේය. එහි මුල් විදේශික කණ්ඩායම ලෙස යුක්‍රේණ ජාතිකයන් මෙරටට ගෙන්වීම ද, ඔවුන්ගේ කිසිදු පරීක්‍ෂණයක් සිදු නොකර රට තුල සංචාරයට ඉඩසැලසීම මත සංචාරක ක්‍ෂේත්‍රයෙහි විශාල පිරිසක් මෙම  විදේශිකයනගෙන් ආසාධනය විය. මෙම ව්‍යාප්තිය පෙර තත්ත්වයට වඩා දරුණු විය. 2021 ජනවාරි මාසයේ මොවුන් ගෙන්වූ අතර එහි ප්‍රතිඵලය වූයේ 2021 වසරේ ද වැඩි කාලයක් රට වසා තැබීමය. යම් තත්ත්වයකින් ගොඩනාගා ගැනීමට තිබූ ආර්ථිකයත්, සංචාරක කර්මාන්තයත්, යලි වසර ගනනාවකින් ගොඩ නගා ගැනීමට නොහැකි වීමයි. මෙහි වගකිව යුත්තා රජයම පමණි. කෙසේ වෙතත් රජය විසින් පමා වී උවද කෝවිඩ්-19 එන්නත්කරණය කිරීම ආරම්භ කිරීමත් පැසසිය යුතු කාරණයකි. එන්නත්කරණය කිරීම මත අද වන විට වෛරසය යම් දුරකට පාලනය වීම සතුටට කාරණයකි. එහෙත් සිදු වූ ආර්ථික පරිහානිය අද වන විට (2022-04-10) රට බංකොළොත් තත්ත්වයට ලක්ව ඇත . මේ වන විට මෙරට විදේශ සංචිත සිදී යාම ද, සංචාරක කර්මාන්තය මු`ඵමුනින්ම අඩපන වීම ද සිදුව අවසන්ය.
විදේශ සංචිත අවසන් වීම මත මෙරටට ආනයනය භාණ්ඩ ලෙස ඛණජ තෙල් (පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්,) ආනයනය කිරීමට නොමැති වීම මත රටට අවශ්‍ය බල ශක්ති අර්බුදය උග්‍ර විය. ඉන් සංචාරකයන්ට හා දේශිය ජනයාට ද මෙරටට අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා වන ඉන්ධන හිඟ වීම මත මෙරට රාත්‍රිය අදුරේ තිබීම දැකිය හැකිය.

    මෙම කරුණු සලතා බැලීමේ දී අද වන විට Covid-19 වෛරස පහව ගොස් තිබුන ද සංචාරකයන් ගෙන්වා ගැනීම ද ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපසීමට හැකියාව නොපවතී සහා මෙරටට දැනට පැමිණ ඇති සංචාරකයන් සෘණාත්මක ප්‍රතිපෝෂණය ලබා දීම දැකිය හැකිය.

කොවිඩ් 19 වසංගතය තුළ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති අභියෝග.

ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගතය තුළ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති අභියෝග පිළිබද සලකා බැලීමේ දී පහත කරුණු දැක්විය හැකිය.

විදේශිකයන්ගේන් පැමිණෙන සංචාරකයන් ගුවන් ගොටුපල දීම PCR හෝ Rapid antigen වැනි පරීක්ෂණ කිරීමට සිදු වීම. මෙහිදී ප්‍රායෝගිකව PCR කිරීමට දැරීමට සිදු වන වියදම අධික වීම නිසා සහා දැරීමට සිදුවන කාලය අධික වීමද, සේවක ආරක්ෂාව ද, අභියෝග ලෙස ගත හැකිය.

විදේශිකයන්ගේන් පැමිණෙන සංචාරකයන් පූර්ණ එන්නත්කරණය සිදු කල ඇද්ද යන්න පරීක්ෂා කිරීම ද අභියෝගකි.

විදේශිකයන්ගේන් පැමිණෙන සංචාරකයන් සිය සංචාරය අවසන් වන තුරු මුඛ ආවරණ පැළඳ සිටිමට උපදෙස් ලබා දිමේ දී ඔවුන් එයට අකමැති වීම.

පුද්ගල දුරස්තභාවය සිය සංචාරය අවසන් වන තුරු පවත්වා ගෙන යාම ද ප්‍රායෝගික නොවේ.

ශ්‍රී ලංකාව විසින් සිදු කරන අපනයන සීමා වීම තුල විදේශ විනිමය රටට නොලැබීම මත ශ්‍රී ලංකාව තුළ ඩොලර් අර්බුදයක් හට ගැනීම.

ඩොලර් අර්බුදය සමඟ ඉන්ධන ආනයනය සඳහා විදේශ මුදල් නොමැති වීම මත දේශිය ප්‍රවාහන ජාලය බිඳ වැටීම ඒ හේතුවෙන් සංචාරකයන් අපහසුතාවයට පත්වීම.

ඩොලර් අර්බුදය සමඟ ඉන්ධන ආනයනය සඳහා විදේශ මුදල් නොමැති වීම මත දේශිය විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම මත විදුලි අර්බුදයක් ද හට ගැනීම

       Covid-19 හමුවේ බිඳ වැටුණු හොටල් ජාලය හේතුවෙන් සංචාරකයන්ට පහසුකම් සැලසීමට නොහැකි වීම.

දේශිය Covid-19 අර්බුදය හමුවේ සංචාරකයන්ගේ පැමිණිම අවම වීම සහ බිය ඇති වීම.

විදේශීය සංචාරකයන් දේශිය මහජනයාට නිරාවරණය වීම තුල නැවත රට තුල Covid-19 තත්ත්වයක් ඇති වීමේ හැකියාව සහ දේශිය මහජනයා තුල ඇති බිය.

විදේශීය සංචාරකයන්ට පමණක් සීමා වු ප්‍රවාහන සේවා හෝටල් ජාල වෙරළ තීර හිඟ වීම.

වැනි කරුණු අභියෝග ලෙස ගත හැකිය. මෙම අභියෝග ජයග්‍රහණය කිරීමට රජයට ද, ශ්‍රී ලාංකික ජනතාව ලෙස අපට ද, යම් යම් කැප කිරීම් සිදු කිරීමට සිදු වනු ඇත. මෙම අභියෝග එකින් එක ගත් විට ජයග්‍රහනය කිරීමට යෝජනා කිහිපයක් ඉදිරිලත් කල හැකිය.
එනම්,

විදේශිකයන්ගේන් පැමිණෙන සංචාරකයන් සංචාරය අවසන් වන තුරු මුඛ ආවරණ පැළඳ සිටිමට උපදෙස් ලබා දිමේ දී ඔවුන් එයට අකමැති වීම.

පුද්ගල දුරස්තභාවය සංචාරය අවසන් වන තුරු පවත්වා ගෙන යාම ද ප්‍රායෝගික නොවේ.

විදේශීය සංචාරකයන් දේශිය මහජනයාට නිරාවරණය වීම තුල නැවත රට තුල Covid-19 තත්ත්වයක් ඇති වීමේ හැකියාව සහ දේශිය මහජනයා තුල ඇති බිය.

විදේශීය සංචාරකයන්ට පමණක් සීමා වු ප්‍රවාහන සේවා හෝටල් ජාල වෙරළ තීර හිඟ වීම.

    ඉහත කාරණා හතර පිළිබඳ සලකා බැලීමේ දී ඔවුන්ට පමණක් සීමා වූ ස්ථාන නිර්මාණය කිරීම සුදුසුම විකල්පය බව කිව යුතුය. එනම්, සංචාරකයන්ට පමණක් සීමා වූ හෝටල් නිර්මාණය, සංචාරකයන්ට පමණක් සීමා වූ වෙරළ තීර නිර්මාණය, සංචාරකයන්ට පමණක් සීමා වූ ප්‍රවාහන සේවයක් බිහි කිරීම, සංචාරකයන්ට පමණක් සීමා වූ වෙළෙඳසංකීර්ණ නිර්මාණය කිරීම. ඊට පලපුරුද්ද ඇති කාර්යය මණ්ඩලයක් පුහුණු කර සේවයට යෙදීම. සහ එම ස්ථාන මහ ජනයාට පැමිණිම තහනම් කිරීම තුල විශාල වාසියක් සිදු යනු ඇත.

විදේශිකයන්ගේන් පැමිණෙන සංචාරකයන් ගුවන් ගොටුපල දීම PCR හෝ Rapid antigen වැනි පරීක්ෂණ කිරීමට සිදු කිරීම.

    මෙහි දී ප්‍රායෝගිකව PCR හෝ Rapid antigen වැනි පරීක්ෂණ කිරීමට දැරීමට සිදු වන වියදම අධික වීම නිසා සහා දැරීමට සිදුවන කාලය අධික වීම ද, සේවක ආරක්ෂාව ද, අභියෝග ලෙස ගත හැකිය. මෙය ජයග්‍රහනය කිරීමට නම් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වල විද්‍යා අංශ, තාක්ෂණික අංශ, වල ගණිත අංශ වල සහාය ලබා ගෙන ඊට අදාල ස්කෑනින් යන්ත්‍ර වැනි විකල්ප ක්‍රම නිර්මාණය හා භාවිතා කිරීමට යොමු වීම. මෙහි දී ගුවන් තොටුපලෙන් ඇතු`ඵ වන ස්ථානයක සවි කිරීම සිදු කල හැකිය. (කල නොහැක්කක් නොමැත.)

විදේශිකයන්ගේන් පැමිණෙන සංචාරකයන් පූර්ණ එන්නත්කරණය සිදු කල ඇද්ද යන්න පරීක්ෂා කිරීම ද අභියෝගකි.

    පූර්ණ එන්නත්කරණය සිදු කල ඇද්ද යන්න නිගමනය කර ගැනීම සඳහා සංචාරකයන් ගමන් ගන්නා ස්ථාන වෙත තීරු කේත කියවීමේ (barcoad) යන්ත්‍ර හරහා සිදු කිරීමට විශේෂ Sticker හදුන්වා දීම

ශ්‍රී ලංකාව විසින් සිදු කරණ අපනයන සීමා වීම තුල විදේශ විනිමය රටට නොලැබීම මත ශ්‍රී ලංකාව තුළ ඩොලර් අර්බුදයක් හට ගැනීම.

ඩොලර් අර්බුදය සමඟ ඉන්ධන ආනයනය සඳහා විදේශ මුදල් නොමැති වීම මත දේශිය ප්‍රවාහන ජාලය බිඳ වැටීම. ඒ හේතුවෙන් සංචාරකයන් අපහසුතාවයට පත්වීම.

ඩොලර් අර්බුදය සමඟ ඉන්ධන ආනයනය සඳහා විදේශ මුදල් නොමැති වීම මත දේශිය විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම මත විදුලි අර්බුදයක් ද හට ගැනීම.

    ඉහත කාරණා තුන ගත් විට සංචාරක කර්මානතය බිඳ වැටීම මත සිදු වූ අර්බුදයන්ය. මෙය ජයග්‍රහනය කිරීම සඳහා කාලය අනුව සිදු කල යුතු වැදගත්ම කාර්යය වන්යේ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ හා සේවා ප්‍රමාණය විශාල කිරීමයි. ඉන් වැඩි විදේශ විනිමයක් උපයා ගත හැකි වනු ඇත. මේ සඳහා රජය විසින් ඒ අදාල අපනයන කරුවන්ට විශේෂ ආධාර ලබා දීම සිදු කල යුතුය. ඔවුන් දිරි ගැන්වීම ද කල යුතුය.

        Covid-19 හමුවේ බිඳ වැටුණු හොටල් ජාලය හේතුවෙන් සංචාරකයන්ට පහසුකම් සැලසීමට නොහැකි වීම.

    Covid-19  හමුවේ කඩා වැටුණු හෝටල් ක්‍ෂේත්‍රය නැවත ගොඩ නැගීමට ඔවුන්ට රජය මැදිහත් වී බැංකු ආශ්‍රයෙන් විශේෂ ණය පහසුකම් ලබා දිය යුතුය හා ඊට අදාල වන ප්‍රාග්ධනය ද ලබා දිය යුතුය. මේ මගින් හෝටල් ක්‍ෂේත්‍රය ඉතා කෙටි කාලයක් තුල වර්ධනය තර ගත හැකි වනු ඇත.

දේශිය Covid-19 අර්බුදය හමුවේ සංචාරකයන්ගේ පැමිණිම අවම වීම සහ බිය ඇති වීම.

    මෙම තත්ත්වය ඉතා සංවේදී කාරණයකි. එන්ම්, මෙරට තුල මේ වන විටත් Covid-19 වෛරසය ව්‍යාප්තව තියෙනවා යැයි සංචාරකයන් තුල ඇති බියයි. මේ සදහා පිලියමක් ලෙස Covid-19 වෛරසය මෙරටින් තුරන් වූවා යැයි සනාථ කිරීමට රට අභ්‍යන්තර තත්ත්වය සාමාන්‍ය බව කියාපාන විවිධ සංචාරක ආකර්ශණ Video’s අන්තර්ජාල ගත කිරීම සහ මෙරට සංස්කෘතිය කියාපාන නර්තන කණ්ඩායම් (චන්න විජේවර්ධන වැනි), වේදිකා නාට්‍ය කණ්ඩායම් විදේශයන් වලට පිටත්කර මෙරටට ආකර්ෂණය කර ගැනීම සිදු කල හැකිය. මෙවැනි ක්‍රියා මාර්ග අනුගමනය කිරීම තුල ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගතය තුළ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති අභියෝග ජයග්‍රහණය කිරිමට හැකියාව ලැබෙනු ඇත.
 
Ø       ආශ්‍රිත තොරතුරු ලබා ගත් මූලාශ්‍ර

Thursda,  පෙබරවාරි 28, 2019 දිණමිණ පුවත්පත 

👉Written by the author - Lakshan Chandimal -